අනුරාධපුර නව මහාධිකරණ විනිසුරු ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා පත්කරනු ලැබ සිටී. ඒ මහතාගෙන් පුරප්පාඩු වූ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ධූරයට කළුතර මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා පත්කර ඇත. අනුරාධපුර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය කෑගල්ල නව මහාධිකරණ විනිසුරුවරිය ලෙස පත්කරනු ලැබ සිටින්නීය. අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය මහර මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කර ඇත. මහියංගනය මහේස්ත්‍රාත් රුවන්තිකා පරණමාන මහත්මිය අනුරාධපුර නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කරනු ලැබ සිටී. මහර මහේස්ත්‍රාත් අධිකරණය අලුතින් ඇරැඹෙයි. එහි ප්‍රථම මහේස්ත්‍රාත්වරිය දර්ශිකා විමලසිරි මෙනෙවියයි. කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොළඹ අංක 8 දිසා අධිකරණයේ විනිසුරු ලෙස මාරු කොට ඇති අතර, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා කැබිතිගොල්ලෑව නව මහේස්ත්‍රාත් ලෙස පත්කරනු ලැබ සිටී. අධිකරණ සේවා කොමිසන් සභාවෙවේ මාරු කිරීම් 2011 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අධිකරණයේ නව මුහුණු
sujeewa bandara Tuesday, 27 December 2011 09:07 AM
තිලිණ ගමගේ මහතා කැබිතිගොල්ලැව ප්‍රදේශයට විශාල සේවයක් කළ මහේස්ත්‍රාත් වරයෙකි එතුමාට මාගේ සුභ පැතුම්.