අනුරාධපුර නව මහාධිකරණ විනිසුරු ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා පත්කරනු ලැබ සිටී. ඒ මහතාගෙන් පුරප්පාඩු වූ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ධූරයට කළුතර මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා පත්කර ඇත. අනුරාධපුර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය කෑගල්ල නව මහාධිකරණ විනිසුරුවරිය ලෙස පත්කරනු ලැබ සිටින්නීය. අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය මහර මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කර ඇත. මහියංගනය මහේස්ත්‍රාත් රුවන්තිකා පරණමාන මහත්මිය අනුරාධපුර නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කරනු ලැබ සිටී. මහර මහේස්ත්‍රාත් අධිකරණය අලුතින් ඇරැඹෙයි. එහි ප්‍රථම මහේස්ත්‍රාත්වරිය දර්ශිකා විමලසිරි මෙනෙවියයි. කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොළඹ අංක 8 දිසා අධිකරණයේ විනිසුරු ලෙස මාරු කොට ඇති අතර, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා කැබිතිගොල්ලෑව නව මහේස්ත්‍රාත් ලෙස පත්කරනු ලැබ සිටී. අධිකරණ සේවා කොමිසන් සභාවෙවේ මාරු කිරීම් 2011 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලිණ ගමගේ මහතා කැබිතිගොල්ලැව ප්‍රදේශයට විශාල සේවයක් කළ මහේස්ත්‍රාත් වරයෙකි එතුමාට මාගේ සුභ පැතුම්.