(අංජුල මහික වීරරත්න)
ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වාණිජමය කාර්යයන් සම්බන්ධයෙන් වන විෂය පථයට අදාල කරුණු නීති විෂය තුළ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා කරනු ලබන අතර එවැනි කරුණු සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී සැලකිය යුතු පිරිවැයක් දැරීමට සහ කාලයක් ගත කිරීමට සිදුවන බව රජය පවසයි.
ඒ හේතුවෙන් වාණිජමය ආරවුල් සමථයකට පත් කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි ද අහිතකර අන්දමින් බලපානු ලබන බව රජය කියයි.
මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් හඳුනාගනු ලබන අධිකරණවල සියලු කාර්යයන් හෝ නිශ්චිතව දක්වා ඇති වාර්තා සහ නීති කෘත්‍ය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවසර ලබාදීමේ විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24(4) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය මත අධිකරණ විෂය බාර අමාත්‍යවරයා විසින් නිකුත් කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.
ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ වැඩට ’’කඩුව’’ පාවිච්චි කරන්න අවසර
Aravinda Monarawila Tuesday, 20 February 2024 01:07 PM
රටේ ජනතාවගෙන් බහුතරයකගේ ඉංග්‍රීසි දැනුම දුර්වලව පවතින අවස්තාවක මේවගේ ගොන් අමන තීරණ ගන්නේ පිනාගේ හාම්පුතා වන චාල්ස්ගේ හිත සතුටු කරන්න වෙන්න ඇති
Perera Wednesday, 21 February 2024 07:32 AM
ඉහළ අධිකරණවල ලේඛන, දේශනා සහ සියලුම වැඩකටයුතු දැනටත් සිදුවෙන්නේ ඉංග්‍රීසියෙන්...