(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී ඊයේ (24) රාත්‍රිෙය් යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව යතුරු පැදිය තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටී.
යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් විදුලිකණුවේ ගැටීමෙන් පසුව ඇති වූ ඉන්ධන කාන්දුවෙන් යතුරුපැදියද ගිනිගෙන විනාශ වී මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුරය දැක්කම මට හිතෙන විදියට, මේක වෙන තැනකදී මරලා මෙතන බයික් එකේ තියලා පුච්චලා. ගොඩක් වෙලාවට අධිකරණ වෛද්‍යවරයා මෙය යෝජනා කරයි.
මේකත් කොන්තරාත්තුවක වැඩක්ද දන්නේ නෑ.
බොහෝ යතුරුපැදි කාරයෝ යතුරු පැදියත් සමගම ගෙනෙන අවසානය
මෙවැනි මරණ ගැන සැක කටයුතු හෝ නොදන්නා කරුණු ලිවීමෙන් වළකින තරමට හොඳයි.
මෙවැනි මරණ ගැන සැක කටයුතු හෝ නොදන්නා කරුණු ලිවීමෙන් වළකින තරමට හොඳයි. මරල ගෙනත් දාල ගිනි තිබ්බ නම්, ගිනිගෙන දැවෙන සිරුර හා යතුරු පැදියට එය නිවීම සඳහා වැලි බාල්දි විසිකර ඇත්තේ කවුද? මරණයට හේතුව පශ්තාත් මරණ පරීක්ෂණයට බාර දී එය පක්ෂග්රාහීව සිදු වුනානම් පමණක් කතා කිරීමට ඉඩ තබා ගනිමු.
මෙම යතුරු පැදි කරුවා යතුරු පැදියට අල්වා හෝ බැන්ද තිබුනාද? වේගයෙන් පැමිණ විදුලි කණුවේ හැපිලත් විසිවී නොගියේ ඇයි? පිච්චෙන විට දඟලපු බවක් පෙනෙන්නට නැත.
මෙම පින්තුරය දැක්ක ගමන් සාධාරණ සැකයක් ඇතිවෙනවා, අධික වේගයෙන් ගියානම් යතුරු පැදිය විදුලි කණුවේ හේත්තු වෙලා කෙලින් හිටින්න නතර වුනේ කොහොමද ? විදුලි කණුවේ හැපුන ගමන් පෙරලෙන්න ඕනේ. යතුරු පැදිකරු මේවගේ ඉරියවුවක යතුරු පැදිය මත රැදෙන්න බැහැ, එහෙම නැත්නම් යතුරු පැදිය විදුලි පහන් කණුවේ වැදිලා වැටේ රැදවුණා නම් හිත ගන්න තිබුනා සාමාන්‍යයෙන් මනුස්සයෙක් සිහිනැතුව හිටියත් ගින්නකට ශරීරය අසුවුනහම ශරීරය මාංශපේශි ක්‍රියාත්මක වෙනවා එහෙම උනහම ශරීරය ඇඹරෙනවා එතකොට ශරීරය පැත්තකට ඇඹරෙනවා , කොහොම වුනත් මිනිය කපල පෙනහල්ල බලපු ගමන් නිගමනය කරන්න පුළුවන් මොහු මරල ගිනි තිබ්බද්ද එහෙම නැත්නම් අනතුරෙන් පසුව ගිනි ගත්තාද කියල