මනෝප්රිය ගුණසේකර
තරුණයන් 10 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ රියත් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතාට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය.
සිද්ධියට අදාල පරික්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙසට සැකකරුවන්ගේ නිතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනා ලබන මස 3 වැනි දා දක්වා රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බොරු දේශප්‍රේමීන් කළබල කරයි..... රණවිරුවන් අත් අඩංගුවට ගන්න හදන්නේ කියලා, මේ මෝඩ මිනිස්සු දන්නේ නැහැ රණවිරුවන් සහා අපරාධකරුවන් අතර වෙනස.නිළ ඇදුම දාගෙන සමහරු කොටීන්ට ඔත්තු බැලුවා,සමහරු තෙල් වික්කා,තවත් සමහරු ආයුධ වික්කා,ඒ වගේම තමයි තවත් සමහරු කුලියට මිනිමරුවා,බැංකු කැඩුවා තවත් සමහරු දේශපාලඥයන්ගේ අතකොලු උනා.ඒවගේම තමයි මේකත් පුද්ගලයන් පැහැරගෙන ගිහිල්ලා කප්පං ඉල්ලීම හා මනුෂය ඝාතනය කියන අපරාධ චෝදනා මේ අයට තියෙන්නේ,ඒ නිසා මොවුන්ට විරුද්ධව සාධාරණ නඩු විභාගයක් තියා වැරදිකරුවන් වුවහොත් දඬුවම් කිරිම අනිවාර්යෙන් කළයුතුවේ.