(නිමන්ති රණසිංහ)
සංචරණ සීමා පනවා ඇති අද (13) රාත්‍රී 11 සිට ලබන සඳුදා (17) අලුයම 4 දක්වා කඩසාප්පු විවෘත කිරීම මුළුමනින්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප ති අජිත් රෝහණ මහතා පැවසීය.
එම කාලය තුළ ජනතාව සිය නිවෙස් තුළටම වී රැඳිසිටිය යුතු බවත් ගමනාගමනය සඳහා කිසිවකුට කිසිදු අවසරයක් නොමැති බවත් ඔහු බවයි ඔහු ප්‍රකාශ කළේ ය.
ගමනාගමනයට අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් වන අතර රෝගීන්ට රෝහල් වෙත ගමන් කිරීමට හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඖෂධහලට ගමන් කිරීමට හැකියාව ඇති බවද හෙතෙම සඳහන් කළේය.
ෆාමසි සඳහා ඩිලිවරි සේවා පවත්වාගෙන යෑම සඳහා අවසර ලැබෙන අතර, මේ දින තුන තුළ එවැනි කටයුතු හැර වෙනත් කිසිදු කටයුත්තකට නිවසින් පිටතට යාමට අවසර නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ජාතික හැඳුනුම්පතේ අංක පිලිවෙලට පිටතට යෑමේ ක්‍රමවේදය මේ දින තුනට අදාළ නොවන අතර එය ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
17 වනදා ඉවත්කරන්නේ එම සතියේදී මම හිතන්නේ වරාය නගරය පනත පාර්ලිමේන්තුට දාලා ඉක්මනටම සම්මත කරගන්න වෙන්න පුලුවන්.
රට තුල පවතින කොවිඩි පලනයට මෙම කියා මර්ගය වැඩක් නැති බවයි පෙනි යන්නේ වෛයිරසය පලනයට කල් දමන්නේ නැතුව සති 2 ක් රට වසා දැමිය යුතු වෙනවා කොරෝනා පලනයට එවිට හැකිවෙයියැයි මගේ අදහසයි සෞඛ්‍යයක් නැති රටක කුමන අර්ථීකයක්ද? බුදු සරණයි
මිල මුදල් යහමින් ඇති අයට ප්‍රශ්නයක් නෑ. අසරණ දුගී දුප්පත් ජනතාව අන්ත අසරණ තත්වයකට පත් වෙනවා.පසුගිය වකවානුවේ රත්‍රං බඩු උකස් ගන්නා ස්ථාන වලට හොදයි. මේ තත්ත්වය ඇති වීමට හේතුව රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවිමයි. සුදුස්සාට සුදුසු තැන නොලැබීමයි. දේශපාලන අධිකාරිය තම තමන්ගේ වාසියට කටයුතු කර වසන්ගත තත්වය මැඩ පැවැත්වීමට මුල් තැන නොදීමයි. එන්නත හරි විදියට දී ගන්නටත් අපොහොසත් විය.
මහත්තයෝ මේ ගෙවල්වල හිරවුණු මිනිස්සුන්ට එක වේලක් හරි කන්ට දෙයක් දෙන පිළිවෙලක් හැදුවොත් නරකද? මොකද හැම කෙනෙකුටම බඩගිනි හැදෙනවා.