IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අද තරග දෙකම තීරණාත්මකයි

විස්සයි-20 ලෝක කුසලාන තරාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරග දෙක අද (1 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. නවසීලන්තය සහ බටහිර ඉන්දීය පිල අතර තරගය පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත අතර ශී‍්‍ර ලංකාව සහ එංගලන්ත පිල අතර තරගය රාත‍්‍රි 7.30 ට ආරම්භ වීමට නියමිතය. බොහෝ දේ රඳා පවතින්නේ කොදෙව් - නවසීලන්ත තරගයේ ප‍්‍රතිඵලය මතය.   ඒ අනුව ඇතිවිය හැකි ප‍්‍රතිඵල මෙසේයි.   1. කොදෙව් පිල විසින් නවසීලන්තය පරදවනු ලැබීමෙන් පසුව එංගලන්තයට එරෙහි තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලබාගතහොත් ශී‍්‍ර ලංකාව (ජය-3) සහ කොදෙව් පිල (ජය-2) අවසන් පූර්ව තරගයට පිවිසෙනු ඇත. නවසීලන්තය (ජය-1) සහ එංගලන්තය (ජය-1) තරගාවලියෙන් ඉවත් වනු ඇත.   2. කෙදෙව් පිල විසින් නවසීලන්තය පරාජය කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිල පරදවා එංගලන්තය ජයලැබුවහොත් ප‍්‍රසාද ලකුණු 4 ක් බැගින් හිමිකරගෙන සිටින ශී‍්‍ර ලංකාව (ජය-2), එංගලන්තය (ජය-2) සහ කොදෙව් (ජය-2) යන කණ්ඩායම් තුන අතුරින් ශුද්ධ ලකුණු වේගය මත කණ්ඩායම් දෙකක් අවසන් පූර්ව වටයට පිවිසෙයි.   3. යම් හෙයකින් සෑහෙන ලකුණු පරතරයකින් කොදෙව් පිල පරාජය කිරීමට නවසීලන්තය සමත් වෙද්දී ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ එංගලන්ත පිල පරාජය වුවහොත් ශී‍්‍ර ලංකා පිල (ජය-3) අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. එහෙත් ශුද්ධ ලකුණු වේගය මත අවසන් පූර්ව වටයට පිවිසීමේ සියුම් අවස්ථාවක් එංගලන්තය (ජය-1), නවසීලන්ත (ජය-1) සහ කොදෙව් (ජය-1) කණ්ඩායම් වලට ඉතිරි වේ.   4. අද තරගයේදී නවසීලන්ත පිල ජයගත්තද, ශී‍්‍ර ලංකා පිල පරදවා එංගලන්තය ජයගතහොත් ශී‍්‍ර ලංකාව (ජය-2) සහ එංගලන්තය (ජය-2) අවසන් පූර්ව වටයට පිවිසෙන අතර නවසීලන්තය (ජය-1) සහ කොදෙව් පිල (ජය-1) තරගාවලියෙන් ඉවත්ව යනු ඇත.



අදහස් (0)

අද තරග දෙකම තීරණාත්මකයි

සිල්වා Monday, 01 October 2012 02:20 PM

අපේ කණ්ඩායම හොඳ මානසික මටිටමකින් ඉන්නේ , ජය වේවා (ස)

:       0       0

මංජුල Monday, 01 October 2012 03:31 PM

අපේ කොල්ලන්ට ජය පතා සුබ පතමු .බුදුසරණයි (ස)

:       0       0

වරුණ Monday, 01 October 2012 04:43 PM

අද නම් කොහොමත් ගහනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:44 PM

එක ප්‍රතිඵලයයි තමයි කොහොමත් සිදුවෙන්නේ..(ස)

:       0       0

ඩිලාන් Monday, 01 October 2012 06:03 PM

අද අපි දිනනවා. අපේ කොල්ලන් හරිම දක්ෂයි. (නි)

:       0       0

යොහාන් Monday, 01 October 2012 12:57 PM

සුබවාදීව හිතන්න , ධනාත්මකව හිතන්න , අපේ සිංහයෝ කප් එක ගන්නවා ..ස්ථීරයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site