අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිනෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතී.

අපරභාගයේ දී සහ සවස් කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.