(රන්න චන්ද්‍රසේන ගමගේ)
හෙට (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ලැබී තිබූ රුපියල් මිලියන 300 ක් වටිනා ආධාර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සදහා බෙදා දීමේ උත්සවය සදහා පැමිණි ප්‍රතිලාභීන් අමතා ඇමතිවරයා එසේ පැවසීය.
දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු ඇති බවට රටේ ජනතාව බලා පෙරොත්තු වෙන බවත් ඒ අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.
පසුගිය කාලයේ ඇමතිවරුන්ගේ කෙරුවාවල් බලා මේ කැබිනට් සංශෝධනය සිදු විය යුතු බවත් හිතවත් කම්වලට ඇමතිකම් දෙනවාට වඩා ඉලක්කගතව වැඩක් කළ හැකි හා කළ මන්ත්‍රී වරුන්ට ඇමතිකම් දීම කළ යුතු බවට රටේ ජනතාව තුළ මතයක් ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම ඡන්දයෙන් කිසිවෙකු දිනා නැති බවද ප්‍රාදේශීය සභාවට ඉල්ලූ හිටපු ජනාධිපතිතුමා පරදා සමහර ගමේ අය දිනූ බවද පැවසූ ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරියේදී නව මැතිවරණ ක්රමයේ යම් යම් වෙනස්කම් සිදු කළ යුතු බවද පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ලොක්කා ඡන්දෙ දෙන්න කියලා තියෙන්නේ ගමේ මිනිහට නොදී පිටගම්කාරයන්ට දෙන්න කියලනේ. මෝටර් බයිසිකලයෙන් ඇවිත් ගම හදයිලු.
දෙපැත්තේ කකුල් දෙක තියාගෙන වැට උඩට වෙලා ඉන්න කට්ටිය ගැන මොනවා හරි කලේ නැත්නම් වෙන්නේ නිදාගන්නා කාමරේදී කතාවෙන දේවල් පත්තරේ යන එකයි. උදයංග වීරතුංග ජංජාලය එයට හොඳම උදාහරණයක්. ඩුබායි පොලිසිය දැනගන්නටත් කලින් තමාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය රතුවරෙන්තුවක් නිකුත් කර ඇතිබව උදයංග වීරතුංග දැනගෙන ඇත්තේ කෙසේද? දැන් ඔහු ආගිය අතක් නැත. අල්ලන් එන්න ගිය මිනිස්සුන්ට නැවත වතාවක් කටඋත්තර නැතුව හිස් අතින් ගෙදර එන්නට සිදුවී ඇත. දැන් නීතිය හා සාමය හමුදාවේ හිටපු කෙනෙකුට නොදී ජනාධිපති අතට ගන්නට යන බවත් නියෝජ්‍ය ඇමතිකම කටේ තිරිංග නැති කෙනාට දෙන්නට යන බවත් ආරංචි වෙනවා. සඳුදා වෙනකොට පුත්තලම, කුරුණෑගල, කොළඹ සහ හම්බන්තොට මන්ත්‍රීවරු කට්ටියක් ආණ්ඩුවෙන් හැලෙන බවයි කියන්නේ.
හැබෑවට... ඔය ඉන්න සෑම අම්බරුවෙක්ම හිතාගෙන ඉන්නේ මම සැමදා අර ඇමතිය, මේ ඇමතිය යනාදී වශයෙන්නේ. මුන්දැට දැන් තමයි පියවි සිහිය ලැබිලා තියෙන්නේ... එහෙම නේද?
මෙයා පැරදිලා බයිලා ගහනවා. මෙයාලා හැමදාම ජනතාව ගොනාට අන්දන්න හදපු එකනේ. එ්ත් ජනතාව ඔබව ගොනාට ඇන්දුවා කියන එක තේරුම් ගන්න. ඔබලා කියන ඔය ඇමති මාරුවට "බාල ගිරි දෝෂයද" අද නෙමේ හෙට....
අයියෝ ඕක මොකක්ද ඊයෙ ජනාධිපති අද නිකන්ම නිකන් මන්ත්‍රී වෙලා ඉන්නේ
ඇයි ඔහෙලා.. අගමැති වෙනස් කරන්නෙ නැතෙයි..?
ලබන ඡන්දෙදි මෙයාගෙ ඇපෙත් නෑ...
වසර 20කට වඩා දියවන්නාවේ සිටින්නන් වහා ඉවත් කළ යුතුයි.
"දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු..." එහෙම නොකරපු නිසා නේ යහපාලනය බැස්සේ ! "ජනාධිපතිවරයාගේ අරමුණ ..." විය යුත්තේ පැරණි සගයන් ආරක්ෂා නොකර රොත්ත බුරුත්ත පිටින් රටේ නීතිය හමුවට පමුණුවා, උන් ගැහුවා කියන රටේ වටිනා සම්පත් නැව් පිටින් ආපසු මෙරටට අද්දවා ගැනීමයි... "පසුගිය කාලයේ ඇමතිවරුන්ගේ කෙරුවාවල්...." ඡන්ද දායකයන් හොඳින් බලපු නිසා තමා මෙවැනි රතුඑළි ප්‍රතිඵලයක් රජයට ලබා දුන්නේ ! "ප්‍රාදේශීය සභාවට ඉල්ලූ හිටපු ජනාධිපතිතුමා පරදා සමහර ගමේ අය දිනූ බව..." ඔබ අද කිවුවත් ඒගැන තවම කෙළ බිංදුවක්වත් හෙළා නැත. ඒ වගේම පුංචි ඡන්දයකින් පරාජය වුණු ලෝකයේ පළමුවැනි හිටපු ජනාධිපති හැටියට අපේ ලොක්කා ගිනස් ලෝක වාර්තා පොතට ශ්‍රී ලංකාවෙන් එකතුවීම ගැන අප ආඩම්බර විය යුතුවෙනවා!
අමරවීර ඇමතිතුමා, වෙන මතයක් දරන පක්ෂයකට මුක්කු ගහගෙන මැෂින් බෙදුවට මිනිස්සුන්ගේ ඡන්දෙ හම්බවෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි තිස්සමහාරාමය සහ පොළොන්නරුව.
මෙහෙම කියන්න මන්ත්‍රී වෙනකොට හිගන්නා , ඇමති වුන ගමන් ප්‍රකෝටිපති
ඉස්සෙල්ලාම පසුගිය සමයේ වැරදිකරුවන්ගේ නඩු ටික අහල වැරදිකරුවන්ට දඩුවම් දෙන්න. එකනේ වුනු ලොකුම පොරොන්දුව. දැන් ජනතාව රවටන්න එපා .
මේ ඇමතිතුමා දන්නේ නැද්ද? ඉන්දියාවේ සමහර මිනිස්සුනට කන්නවත් වතුරවත් වීදුරුවක්වත් නෑ කියල . කොමසාරිස්ගෙන් අහන්න බැරි අපේ රටේ මිනිස්සුන්ට මිලියන 300 දෙන්නේ මොකද කියල....
සර්වජන ඡන්දය අහෝසි කරමු පෙබරවාරි 18 වැනිදා......කොළඹදී. ප්‍රිය ඡන්දදායකය, 2015 දී මහින්ද රාජපක්ෂව ගෙදර යවපු ඔබ ඊට අවුරුදු තුනකට පස්සෙ ආපහු උන්නැහේව තොරන් බැඳල පිළිගැනීම ඔවුන් අදහා ගන්නේ කොහොමද? මේක තේරුම් ගන්න නම් මළගෙදරකදී පවුලේ උදවිය මැරුණු කෙනා මැරුණෙ නෑ වගේ හිතාගෙන කතා කරන හැටි මතක් කරගන්න ඕන. ඒ වගේ තමයි රටේ හුඟ දෙනෙක් ආණ්ඩුව ඡන්දෙන් පැරදුණේ නෑ, මහින්ද දිනුවෙ නෑ කියල ගණන් හද හද ඉන්නෙ. පව් හත් දොහේ දානෙ දෙනකොට ඔය නුහුගුණ ගතිය මගඇරෙයි කියලයි මට හිතෙන්නෙ. ආණ්ඩුව මළා අප්පච්චිට පණ ආවා ආණ්ඩුවට වැරදිච්ච තැන් ගැන නොයෙකුත් විග්රහයන් මේ දවස්වල අහන්න ලැබෙනවා. මම නම් කියන්නෙ රාජපක්ෂ භීතිකාවෙන් විතරක් දුවන්න ගිහිල්ලයි මේගොල්ලන්ට වැරදුනේ කියල. රාජපක්ෂ යක්ෂයාව පෙන්නල විතරක් බය කරගන්න පුළුවන් කට්ටියක් රටේ ඉන්නව තමයි. මේ කට්ටිය ආණ්ඩුව මොන මගුල කරත් අඩු ගානෙ දැන් යකා නෑනෙ කියල හිත හදාගෙන හිටියා.
ලංකාවේ දේශ පාලකයන් ගැන කණගාටු වෙනවා පත්තර මගින් දුටුවා මේ අයගේ වාහන , තිබෙන සැප පහසු කම් ගැන ලංකාවේ දුප්පත් කම කොච්චරද ? කියල වැඩක් නැහැ මේ අය කරන අකුසල් ගැන. තාමත් බලන්නේ අකුසල් රැස් කරගෙන සැප විදින්ටයි