ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතාගේ හිටපු මාධ්‍යලේකම් එච්.ඒ. උපාලි ගුණරත්නට එරෙහිව නඩු තුනක පැමිණිලිකරුවන් රුපියල් ලක්‍ෂ පහක් අද ගෙවූ නමුත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඔහු යළි රිමාන්ඞ් කෙළේය. රැකියා දෙන බවට මුදල් වංචා කළැයි ඔහු පොලිසි කිහිපයකටම අවශ්‍ය පුද්ගලයකු බව උසාවි වාර්තා කියයි. කොළඹ තවත් නඩුවක්ද ඇත. බදුල්ල හා රත්නපුර පොලිසි අද කොටුව උසාවියට දැන්වූයේ ඔහුට එරෙහි මුදල් වංචා නඩු ඇති බවයි. පොලිසියට ද ඔහු ඕනෑ කැර තිබේ. ලබන 25 වැනිදා තෙක් ඔහු රිමාන්ඞ් කැරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට නම් බයවෙන්න දෙයක් නැහැනේ. ඔයාව බේරගන්න අය ඉන්නවානේ (නි)
මට හිතාගන්න බැහැ මොනවද කියන්නේ කියලා (නි)
මෙයාලා හැසිරෙන්නේ නම් ඒ වුණාට ලොක්කන්ගෙත් ලොක්කෝ හැටියට (නි)
ඔන්න ඔය කොලුවව නිදහස් කරල දාන්න ලේඛම් කෙනෙක් නෑතුව අරය කොහොමද අපේ වෑඩ කරගන්නෙ.
ඔබ හරි සුමන මානඩුව. මේ සල්ලි වලින් සැප විදින අය ගොඩ
අපරාධයත් සමග බැදුණු වචනයක් බවට දේශපාලනය පත්වෙලා.
ලොක්කොන්ටත් එක්කද දන්නේ නෑ හම්බකළේ?
අනෙක් කට්ටියටත් රිදෙන්න එක්ක හොද රජකාලේ දඩුවමක් දුන්නා නම් තමයි හොද. (නි)
එයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්න (නි)
මං දන්නවා එයා ගැන. එයාට කව්රුත් මුකුත් කියන්ට නරකයි. පව් අනේ එයා. (නි)
ඔන්න ආශ්චර්යයේ ලේකම්වරු
මොනවාට හරි අහුවුනාම ඔක්කොම 'හිටපු' අය විතරයි ...(නු)
මුදල් බලයට දේශපාලන බලයට යට නොවී, නීතිය හරියට කරන්න.
හාමුපුතාගේ බලය පෙන්නලා. කවුරුත් එකයි බලපුවාම.
හිටපු ලේකම්තුමා ඕවා ගන්න ඇත්තේ එයාගේ ලොක්කන්ටත් එක්ක නේ.. සොක්කා ගස් ලොක්කා ගොඩ...!(නු)
තවත් ප්‍රශ්න කළොත් තව දේවල් හොයාගන්න පුළුවන් වෙයි (නි)