ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතාගේ හිටපු මාධ්‍යලේකම් එච්.ඒ. උපාලි ගුණරත්නට එරෙහිව නඩු තුනක පැමිණිලිකරුවන් රුපියල් ලක්‍ෂ පහක් අද ගෙවූ නමුත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඔහු යළි රිමාන්ඞ් කෙළේය. රැකියා දෙන බවට මුදල් වංචා කළැයි ඔහු පොලිසි කිහිපයකටම අවශ්‍ය පුද්ගලයකු බව උසාවි වාර්තා කියයි. කොළඹ තවත් නඩුවක්ද ඇත. බදුල්ල හා රත්නපුර පොලිසි අද කොටුව උසාවියට දැන්වූයේ ඔහුට එරෙහි මුදල් වංචා නඩු ඇති බවයි. පොලිසියට ද ඔහු ඕනෑ කැර තිබේ. ලබන 25 වැනිදා තෙක් ඔහු රිමාන්ඞ් කැරිණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතාවුදගෙ හිටපු ලේකම් යළි රිමාන්ඞ්
ගමගේ Thursday, 18 October 2012 01:24 PM
ඔයාට නම් බයවෙන්න දෙයක් නැහැනේ. ඔයාව බේරගන්න අය ඉන්නවානේ (නි)
ගමගේ Thursday, 18 October 2012 01:35 PM
මට හිතාගන්න බැහැ මොනවද කියන්නේ කියලා (නි)
ද සිල්වා Thursday, 18 October 2012 01:40 PM
මෙයාලා හැසිරෙන්නේ නම් ඒ වුණාට ලොක්කන්ගෙත් ලොක්කෝ හැටියට (නි)
චතුල Thursday, 18 October 2012 01:49 PM
ඔන්න ඔය කොලුවව නිදහස් කරල දාන්න ලේඛම් කෙනෙක් නෑතුව අරය කොහොමද අපේ වෑඩ කරගන්නෙ.
ලලිත් - කටාර් Thursday, 18 October 2012 01:55 PM
ඔබ හරි සුමන මානඩුව. මේ සල්ලි වලින් සැප විදින අය ගොඩ
සරත් Thursday, 18 October 2012 01:46 PM
අපරාධයත් සමග බැදුණු වචනයක් බවට දේශපාලනය පත්වෙලා.
සදුනි Thursday, 18 October 2012 01:57 PM
ලොක්කොන්ටත් එක්කද දන්නේ නෑ හම්බකළේ?
කීර්ති Thursday, 18 October 2012 06:10 PM
අනෙක් කට්ටියටත් රිදෙන්න එක්ක හොද රජකාලේ දඩුවමක් දුන්නා නම් තමයි හොද. (නි)
ඉබ්රහීම් Thursday, 18 October 2012 06:48 PM
එයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්න (නි)
කුමාරි Friday, 19 October 2012 09:34 AM
මං දන්නවා එයා ගැන. එයාට කව්රුත් මුකුත් කියන්ට නරකයි. පව් අනේ එයා. (නි)
වරුණ Thursday, 18 October 2012 11:50 AM
ඔන්න ආශ්චර්යයේ ලේකම්වරු
ජානක Thursday, 18 October 2012 12:14 PM
මොනවාට හරි අහුවුනාම ඔක්කොම 'හිටපු' අය විතරයි ...(නු)
සිල්වා Thursday, 18 October 2012 12:07 PM
මුදල් බලයට දේශපාලන බලයට යට නොවී, නීතිය හරියට කරන්න.
දයා-සෞදි Thursday, 18 October 2012 12:37 PM
හාමුපුතාගේ බලය පෙන්නලා. කවුරුත් එකයි බලපුවාම.
සුමනා මානවඩු Thursday, 18 October 2012 12:39 PM
හිටපු ලේකම්තුමා ඕවා ගන්න ඇත්තේ එයාගේ ලොක්කන්ටත් එක්ක නේ.. සොක්කා ගස් ලොක්කා ගොඩ...!(නු)
චන්ද්‍රසිරි Thursday, 18 October 2012 01:15 PM
තවත් ප්‍රශ්න කළොත් තව දේවල් හොයාගන්න පුළුවන් වෙයි (නි)