ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව ඒකාබද්ධව සම්මත කර ගත් යෝජනාවට අනුව පිහිටුවෙන අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශ‍්‍රී ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසිදලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
එම කාර්යාලය ඉදිරියේදී පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක්වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතී රීතිවලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබී ඇතැයි අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා කළ ප‍්‍රකාශයට පිළිතුරක් ලබාදෙමින් විදේශ ඇමැතිවරයා අද (31) නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.
COMMENTS
ඒ.ජා.සං. වත් ස්වාධින නැතිකොට ඕක කොහොමද ස්වාධින වෙන්නේ? ඔබතුමා ඔය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙනවනම් එ්ක මේ රටට ජාතියට මහඟු සේවයක්, පින් සිද්ධ වෙයි! (බ)
එහෙනම් මොකක්ද ඕක? නොදන්නා නිසයි අහන්නේ. අපි ජනාධිපතිතුමාගෙන් අහමු ඒ ගැන. එතුමා කියන එක තමා අපි පිළිගන්නේ. (නි)
එතකොට මොකද වෙන්නේ කොටි මරපු මිනිස්සුන්ට මොකද වෙන්නේ ?? ඒවාට වග කියන්නේ කවුද ? 88/89 කාලයේ දකුණේ මිනිස්සු ගැන හොයන්නේ නැද්ද ?? (හේ)
කොටින්ට වුන ඡන්ද පොරොන්දු නම් අකුරටම ඉටු කරනවා. (බ)
එ්කම නේද මහින්ද මහත්තයත් කිවුවේ? (නි)
ඔබතුමා පින් සිද්ධවෙයි, කට අරින්න එපා. මොකද ජනතාව වන අපි ඕවා පිළිගන්නෙ නැහැ (නි)
ස්වාධීනයි කියන්නේ එයාලානේ. අපි කොහොමද දන්නේ ඒක? එයාලට ඕනෑ විදියට සේරම කරලා අන්තිමේදී කියාවි ස්වාධීනයි කියලා (නි)
ඔය ස්වාධින ආයතනය ලංකාව ඇමෙරිකාව එකතුවෙලා පිහිට ගත්ත එක ජනාධිපති තුමා දන්නවද දන්නා නේද.(හේ)
සිංහල මිනිසුනේ ඔබෙත් ආදර බර සැමියන් කොටි අතුරුදහන් කළාද? ඔබත් ගොස් පැමිණිලි කරන්න. විශේෂයෙන් අපේ පොලිසියේ 600 අතුරුදහන් කරපු එක මේකට පැමිණිලි කළ යුතුයි (බ)
කොටින්ගේ පැත්තෙන් බැලුවොත් නම් කතාව ඇත්ත (හේ)
යුද්ධය කාලයේ වෙච්ච මානව හිමිකම් කඩවීම් ගැන සොයන්න මෙවැනි ආයතනයක් අත්‍යවශ්‍යයි.(හේ)
ඉතින් විදේශ ඇමතිතුමාගේ පිළිතුරෙනුත් සනාථ වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය නිවැරදියී කියලා නේද. (නි)