අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වීම පිළිබඳ බි‍්‍රතාන්‍ය රජය සිය ප‍්‍රසාදය පළ කර ඇතැයි එරට විදේශ හා පොදුරාජ්‍ය කටයුතු ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ශ්‍රී ලංකාව සංහිඳියාව කරා යන ගමනේ දී මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් වන බව එහි සඳහන්ය.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ක‍්‍රියාවට නැංවීම තුළින් සිය නෑ හිතවතුන් අහිමි වූ දිවයිනේ සෑම ප‍්‍රදේශයකම ජනතාවට සෙතක් සැලසෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද බි‍්‍රතාන්‍ය රජය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
පනත සම්මත වීම පිළිබඳව බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක ගෝලීය ද්‍රවිඩ සංසදය ද සිය ප‍්‍රසාදය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යය සහ චතුරී වගේ අය තමයි මේ පිළිබඳව ප්‍රසාදය පළකර තිබෙන්නේ! (නි)
වැරදිකරුවන් සැඟවීමත්, අපරාධකරුවන් ආරක්ෂා කිරීමත් ලංකාවේ මිනිසුන්ගෙ හැටියක්මයි කියලා හිතෙනවා මෙතනට අදහස් දාන සමහර අය දැක්කහම (නි)
චතුරි අහල තියෙනවද කතාවක් " කලකදි වහලු කලකදි කලකදි රස වෙනවාලූ " කියල. ඉතින් මේ ඊනියා යහපාලනයට ඒකාලෙ වහ වෙච්ච චීනය දැන්නම් රස වෙලා. ඒ වගේම දැන් ඔය රස වෙලා තියෙන බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල් වහ වෙන කාලයත් වැඩි ඈතක නැති බව තමයි පෙනෙන්නේ. (බ)
සුබ පතන්නේ බලාගෙන මේවා බලල අදහස් ලියන සමහරුන්ට ඇමරිකාව ,එංගලන්තය ඇලජික් දැන් බලමු. ඇලජික් කට්ටිය (බ)
අනේ ඔවු, අපිට හොඳට මතකයි, 'චැනල්-4' මගින් බොරු වීඩියෝව අපේ රටට එරෙහිව හදපු වෙලාවෙත්, එකටත් බ්‍රිතාන්‍ය සතුටු වුන තරම, මේවට (අපිට විරුද්ධවම අපිම මේවා සම්මත කරනකොට) ඉතින් උඩ පැන පැන සතුටු වෙන්න ඕනෙනේ. (බ)
අනේ චතුරිගේ ටිකිරි මොළේ! (නි)
චතුරිට ලංකාවම ඇලජික් වගේ (නි)
ඔව් ඉතින් සුබ පතන්නේ නැතුව කොහොමද? (නි)
අනේ හොඳයි. අපි ඒ අය සතුටු කර කර ඉඳිමු. 1815- 1948 කාලය තුළ අපිට කරපු තරමක් වැරදි කළේ ඒ අය තමයි. අතුරුදහන්වීම් පමණක් නොවෙයි ඉහත කාලය තුළ සිදුකළ දේවලුත් සොයා බැලිය යුතුයි නේද? මේ අය අපිට අවශ්‍යදේට වැඩිය අනවශ්‍ය දේ තමයි දීලා තියෙන්නේ. මෙහෙම ගියොත් අපිට අනාගතයක් තියෙයිද? (නි)
ඈත අතීතයේ සිටම සිංහලයාට වින කළ අය සිංහලයා වනසන පනත් වලට, සිංහලයා රැකගත් වීරෝදාර රණවිරුවන්ට කරදර, දඬුවම්, අවමන් කළහැකි පනත් වලට, ක්‍රම වලට සහය දක්වති. (නි)