(තරිඳු ජයවර්ධන)
රහස් කඳවුරුවල සිටින තම ඥාතීන් නිදහස් කිරීමට ජාති, ආගම් බේදයකින් තොරව රජයට බල කරන ලෙස යුද සමයේ අතුරුදන්වූ කිලිනොච්චියේ වැසියන්ගේ ඥාතීහු ඉල්ලා සිටිති.
දින 15ක් තිස්සේ කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇති ඔවුහු ඊයේ (06) සිංහල සහ දෙමළ භාෂාවලින් සිය ඉල්ලීම ලිඛිතව ජනමාධ්‍ය වෙත ලබා දුන්හ. අතුරුදන් ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලමින් මේ පිරිස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ පෙබරවාරි මස 20 වැනි දා ය.
යුද්ධය අවසන් වූ පසු රජයේ බොරු පොරොන්දු විශ්වාස කරමින් තම ඥාතීන් හමුදාවට භාර දුන් බව ද, රජය පොරොන්දු කඩ කරමින් තම ඥාතීන් ගැන කිසිවක් ප්‍රකාශ නොකර සිටින බව ද අතුරුදන්වූවන්ගේ උපවාසයේ නිරත ඥාතීහු කියති. ළමයින් හා ඥාතීන් ඇති සමාජයේ සියලු දෙනා තමන් අවුරුදු අටක් තිස්සේ විඳින වේදනාව තේරුම් ගත යුතු බවත්, තම ඡාතීන් සොයා ගැනීමට ජාති ආගම් බේදයකින් තොරව මනුෂ්‍යත්වය ඇති සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයන්න මෙයාලා කැනඩාවේ, ප්‍රන්සේ හා ඕස්ට්‍රේලියාවේ එතකොට හම්ම්බුවෙයි.
හොඳටම විශ්වාසද යුද්දේ ඉවර වුණායින් පස්සේ හමුදාවට බාර දුන්නයි කියල? එහෙම නැතුව යුද්ද කාලේ කොටින්ට බාරදීලා අපහු ගෙදර නොඅාව උදවිය ගැන එහෙම නෙවෙයිනේ ඔය කියන්නේ නේද? මොකද යුද්දෙන් පස්සේ හමුදාවට බාර වුන අය දැනටම පුනරුත්ථාපනය කරලා නිදහස් කරලා තියෙන්නේ. ගිය සතියේ එහෙම උදවිය දේශපාලන පක්ෂයක් පවා පිහිටුවා ගත්තේ.