අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පත් කළ කොමිසමත් ඒ පිළිබඳ පත් කළ කාර්යාලයත් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ සාකච්ඡා කෙරෙන බවත් දේශප්‍රේමී සළුවට මුවාවූ පිරිස ජනතාවගේ ලේ රත් කිරීමට විවිධ දුර්මත පතුරවමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ලංකාවේ ජන සමාජයට තම පවුලේ අයකු අතුරුදන්වීම යනු ඉතා ශෝකය දනවන කරුණක්. ඔහු ජීවත්වෙනවාද? මිය ගිහින්ද? වද විඳිනවාද යන ප්‍රශ්නවලින් දුක් විඳිනවා. ඒ නිසා අතුරුදන්වූ පුද්ගලයාට වඩා පවුලේ උදවිය මැරි මැරී ජීවත් වෙනවා. පවුලේ කෙනෙක්ට කුමක්ද වූයේ යැයි දැනගැනීමේ අයිතිය තිබෙනවා.‘ යැයි ද ඔහු කීය.
අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ කරුණු සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පිටු 46 කින් යුත් අවසන් වාර්තාව එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත බාරදීමද සිදු වී ඇත.

COMMENTS
ඉතින් ඔය ක්‍රියාවලිය 88-89 කාලෙන් පටන්ගන්න තිබෙන බාධාව මොකක්ද?
එවන් අයිතියක් තිබෙන බව නම් ඇත්ත. 88-89 කාලේ අයටත් අයිතියක් තියෙනවද? (නි)
60% ක ජනතාව ඡන්දය දුන් නිසානේ මේ හැමදේම (නි)
ඔව් ඔව් තියෙනවා. නැතුව නැතුව... (නි)
ඒ කාලේ දකුණේ ටයර් සෑයවල් ගැනත් සොයා බලන්න. (ර)
මේ වැඩ නම් ඔබට ගැළපෙන්නේ නැහැ. දේශපාලනය තෝරාගත්තේ ඒ නිසා වෙන්න ඇති (නි)
ඔබතුමා කියන දේ හරි.(හේ)
අයිතියක් තියෙනවා කියලා අපිත් දන්නවා.(හේ)
අතුරුදන්වුවන් ගැන දැනගැනීමේ අයිතියක් තියෙනවා. එ්ක අපි පිළිගන්නවා. එ්ත් රටේ විරෝධාර හමුදාව ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට සමාන කරන්න අයිතියක් නැහැ කාටවත්. (නි)
අතුරුදහන් වූ හමුදාවේ සහ පොලිසියේ අය ගැනත් සොයාබැලිය යුතුයි. (නි)
පවුලේ කවුරුත් අතුරුදහන් වෙලා නැති නිසා ඒ ගැන දුකක් නෑ නේද ?(හේ)