අතුරුදන් වුවන් සෙවීම උදෙසා කාර්යාලයයක් පිහිටුවීමට එරෙහිව ජාතික රණවිරු එකමුතුව සහ වීර ලංකා පදනම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව අද (12) පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේ දී විරෝධතාවයක් පැවැත්විණි.
රණවිරවන් දඩයම් කිරිමේ බටහිර අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙළක කොටසක් බව චෝදනා කළ අතරම එමගින් රටේ ස්වාධීනත්වය මඟ හැරි යන බව ඔවුහු පැවසුහ.
මේ සඳහා භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ප්‍රසන්න රණතුංග යන මහත්වරු එක් වුහ.



COMMENTS
කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ "බීරි අලින්ට වීණා වැයුවාට "පලක් නැහැ?(හේ)
මේ වන විටත් ලංකාව ස්වෛරී රටක් ලෙස අපට පිළිගත හැකිද? (ම)
දැන් ඉතින් නිරායුධ අහිංසක ජනතාව අමු අමුවේ දහස් ගණන් මරාදැමු ත්රස්තවාදීන්ටත් මේ යටතේ ලොකු දීමනාවක් ලැබෙනවා වගේම ඔවුන් කළ සියලු ජඩ වැඩවලට නීත්‍යානුකූලබවක් ලැබෙනවා. දැන් ඉතින් සියලු දෙනාම එකතුවෙලා කිරිබත් කමු (නි)
අපි නම් මේ ගැන කිසිදෙයක් කියන්න යන්නෙ නැහැ (නි)
ලිබ්යාවේ, ටියුනීසියාවේ, ඊජිප්තුවේ කළා වගේ දේශප්‍රේමී ජනතාව පාරට බැහැලා දේශද්‍රෝහීන් එළවා දැමීමට කාලය දැන් ඇවිල්ලා (නි)
වහලුන් රට ඇමරිකාවට දී හමාරයි. වහලුන් සිටින තාක්කල් රට ගොඩ ගත නොහැක (අ)
මොන අඩුපාඩු තිබුනත් මේ වගේ සිංහලයන් ටික දෙනෙක් වත් අපේ රටේ ඉන්න එක වාසනාවක්! අපේ රට දේශද්‍රෝහීන්ගෙන් ඉක්මනින් ගලවා ගත යුතුයි(රේ).
අතුරුදහන් වූ රණවිරුවොත් ඉන්නවා , ඒවගේම සිංහල දෙමල , මුස්ලිම් , බෞද්ධ , හින්දු , ක්‍රිස්තියානි , ඉස්ලාම් ආධී හැම ජාතියකටම සහ හැම ආගමකටම අයිති ජනතාව ඉන්නවා අතුරුදහන් වුවන් අතර . ඔවුන් ගැන තොරතුරු සෙවීම සහ අගතියට පත් පවුල්වලට වන්දි ගෙවීම වරදක් වෙන්නේ කොහොමද කියල මට නම් තේරුම් ගන්න බැහැ. (රේ)
අංගොඩ ලාල් ,දියවන්නාවේ වැඩිපුර සිටින්නේ අංගොඩ යැවිය යුතු කළු සුද්දොයි .(රේ)
කරුණු එළිවෙයි කියලා බයට මිසක් වෙන කුමනදේකටද ඔය විරෝධය? (නි)
නීතිවිරෝධී ලෙස මිනිසුන්ව පැහැරගෙන පසුව ඔවුන් ඝාතනය කර අතුරුදහන්කර නොමැතිනම් මෙවැනි කාර්යාල විසින් කරන පරීක්ෂණ වලට මොකද මේ තරම් බය? (නි)
හාමුදුරුවනේ, අතුරුදන්වූවන් බොහොමයක් ඉන්නේ පිටරටවල. යහපාලනය ඇමෙරිකාව සහ ද්‍රවිඩ ජාතිකයින් පිනවීමේ කර්තව්‍යක යෙදීසිටිනවා කියලයි අපිට නම් සිතෙන්නේ. (නි)
යහපාලන රජය කරන ඕනෑම හොඳ වැඩකට අකුල් හෙළීමට සැදී පැහැදී සිටින කල්ලියට, මේ ගිනිකාෂ්ඨක අවුවේ කරවෙමින්, ආයෙත් වරක් මහින්ද වෙනුවෙන් පෙනීසිටින්න අවස්ථාවක් ලැබුන බව නම් පේනවා (නි)
හිටපු හමුදාපතිතුමාට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිනියේ ගැබිනි මාතාවක්. ආරක්ෂක නිලධාරියා දිවිපුදා එල්ලකළ පා පහර නිසා හමුදාපති තුමාගේ දිවි බේරුනා. යම් හෙයකින් ඇය බෝම්බයක් නොමැතිව ප්‍රහාරයට පෙරහුරුවක් සඳහා පැමිණියේ නම් අද තත්වය හැටියට එම හමුදා සෙබලා අපරාධකරුවෙකු ලෙස තීරණයකොට දඬුවම් කරනු ඇත. (නි)
අතුරුදන්වූවන් සෙවීම උදෙසා කාර්යාලයයක් පිහිටුවීම කළයුතුව තිබුනේ මීට අවුරුදු 25 කට විතර ඉස්සර. මහින්ද රාජපක්ෂ එකල අතුරුදහන්වුවන් ගැන සොයා බලන්න කටයුතු කළත් පසුව බලයට ආවහම කළේ ඒකෙ අනිත් පැත්ත. (නි)
අපේ බොහෝ සිංහලයන්ට දේශපාලනය විහිළුවකි බොරුවකි .වැඩකට නැති දෙයකි .කකුළුවා නටන්නේ හැලිය රත් වනතුරු පමණ යි .2020 ට පෙර රට ඇමරිකාවට හා දෙමල අයට යට වන බව ස්ථිරයි (බ)