(කාංචන කුමාර ආරියදාස)
දරු ප්‍රසුතියෙන් පසු පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලුපය පැළඳවීම දඹුල්ල රෝහලේ අද (08) සිට තාවකාලිකව අත්හිටුවන බව දඹුල්ල රෝහල් වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල මහතා පවසයි.
අදාළ මව්වරුන්ගේ කැමැත්ත ලිඛිතව ලබාගෙන එය වෛද්‍ය අධිකාරිවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව පමණක් අත්‍යාවශ්‍ය පවුල් සැලසුම් ක්‍රම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ඒ මහතා කියයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර ජයසුන්දර බණ්ඩාර මහතාගේ වාචික නියෝග මත ඉහත තීරණයට එළැඹුන බව වෛද්‍ය අධිකාරිවරයා සිවිල් සංවිධාන හා ප්‍රදේශයේ හිමිවරු සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ තළේය. මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ කඩිනම් කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
දරු ප්‍රසුතියෙන් පසු රෝහලෙන් පිටව යාමට පෙර පවුල් සැලසුම් ක්‍රමයක් කරගත යුතුයැයි දින කිහිපයක සිට වෛද්‍යවරුන් බල කරන බවට මව්වරු රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රෝහලේ සිටින්නේත් රජයෙන් ලබන වැටුපට අමතරව රාජ්‍ය නොවන සංවිදාන වලින් වැටුපක් ලබන සිංහල ද්රෝහියන්ද?
නිමල් ලලිත ඔබ හරියටම කියල තියනවා. ඒ එහෙම අයම තමයි කිසි සැකයකින් තොරව!
ඔය දේ දඹුල්ලේ විතරක් නෙමේ. ලංකාවේ හැම ගමේ ක්ලිනික් එකකම වෙනවා. ලූප් එක දාන්ඩ දාන්ඩ කියලා මිඩ් වයිෆ්ලා බල කරනවා