තමා පන්දුව හැර නොයන බවත් පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයාගේ කටයුතු වලට දිගටම සහයෝගය ලබා දෙන බවත් මෙම සම්මේලනයේ විධායක නිළධාරී ධූරයෙන් ඉල්ලා අස්වූ කි‍්‍රෂාන්ත පෙරේරා මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
ලබන මැයි 7 වැනිදා ධූරයෙන් ඉවත්වන පෙරේරා මහතා වසර 2001 සිට පාපන්දු සම්මේලනයේ විධායක නිළධාරී ධූරය දැරීය. වත්තල පාපන්දු ලීගයේ ලේඛම් ධූරය වසර හයක් කටයුතු කළ ඔහු පසුව වසර ගණනාවක් වෙළද සේවා පාපන්දු සම්මේලනයේ ලේඛම් ධූරය දරා තිබේ.
පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික උප ලේඛම් සහ ප‍්‍රධාන ලේඛම් ධූරවලින් පසුව ඔහු වසර ගණනාවක් කටයුතු කර ඇත.
ලෝක පාපන්දු සමුඵවේ කාලාපීය සංවර්ධන උපදේශකවරයෙකු ලෙස වසර 2011 සිට සේවය කරන කි‍්‍රෂාන්ත පෙරේරා මහතා ‘ලංකාදීපය’ කළ විමසුමකදී වැඩිදුරටත් පැවසුවේ තනතුරු තුනක් එකවර දැරීමේදී ඇති විය හැකි අතපසුවීම් වළක්වා ගැනීම සදහා තමා පාපන්දු සම්මේලනයේ ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
ඔහු මෙසේද පැවසිය. ”කී‍්‍රඩා ඇමතිවරයාගේ බලපෑම් එල්ල වීම නිසා මා පාපන්දු සම්මේලනයෙන් ඉවත්වූ බවට කරන ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරනවා. එවැනි බලපෑම් මට එල්ල වුණේ නෑ. නමුත් ඇතිවී තිබෙන වාතාවරණය අනුව මම තීරණය කළා ඉවත් වන්න.
මට දෝෂාරෝපණ එල්ල වුණා. ඒ පත්තර වලිනුයි. විවිධ පිටස්තර පුද්ගලයන්ගෙනුයි. ඒ ඔවුන් සමහරුන්ගේ අරමුණු ඉටු නොවීම නිසයි. නමුත් පාපන්දු සම්මේලනයේ විධායක සභාවත් මට කිසිම දවසක චෝදනා එල්ල වෙලා නෑ. මට තනතුරෙන් ඉවත් වන්න හදන එක් අවස්ථාවකදී විධායක සභාව එය ප‍්‍රතික්ෂේප කළා.
පාපන්දු සම්මේලනයේ කි‍්‍රයාත්මක වන ප‍්‍රධානම හා ජනපි‍්‍රයම තනතුරට මේ ආකාරයෙන් චෝදනා, දෝෂාරෝපණ එල්ල වීම ස්වභාවිකයි.”
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතපසු වීම් වලක්වා ගන්න පාපන්දු විධායක ධූරයෙන් අස්වුණා