( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමා එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිස් අද්‍යක්ෂකවරයා,පොලිස්පතිවරයා,මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර සහ නීතීපතිවරයා නම්කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැල්ලට බයනම් වැල්ලට එන්නේ නෑ කිව්වා හරීන්...
මේ ආණ්ඩුව ඇත්තටම ඒ අපරාධයට සම්බන්ධ නිසාද මේ වගේ ගොන්කම් කරන්නේ?
රැල්ලට බයනම්... වැල්ලට එන්නේ නැහැ.. අනේ...!!!
මාළුවා නහින්නේ කට හින්දයි කියලා කියමනක් තියෙනවා. තමුන්ගේ රහසක්වත් ආරක්ෂා කරගන්න බැරි මැට්ටන් පාර්ලිමේන්තුවට පත්කර එවා තියෙන්නේද මැට්ටන් විසින්ය.
කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට... රාලහාමිලා වගේ අය... ගණන් ගන්නේ ඇයිද සුළු දේ...?
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන අය අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ලිමේන්තුව දෙවනත් කරනවා. අත්අඩංගුවට ගන්න ගියාම බයේ හැංගෙනවා.. එතකොට දේශපාලන පළිගැනීම්...
කුක්කන් කොච්චර සද්දෙට බිරුවත් හරීන් ප්‍රනාන්දු කිව්වේ ඇත්ත. හරීන්ගේ ඒ හෙළිදරව්වට මෙතරම් කුලප්පු වී ඇත්තේ මේ ප්‍රහාරයේ මහමොලකරුවන්ද කියන ඉඟිය හා සැකය තමයි අපට නම් ඇත්තේ... කාදිනල්තුමා මේ අවස්ථාවේ හරීන්ගේ මේ ප්‍රකාශය පිළිබඳව පවතින රජයෙන් ප්‍රශ්න යුතුයි. ඒ වගේම එතුමා හරීන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අපිත් හොඳට බලාගෙන ඉන්නේ ඔය කොයි කාගේත් ක්‍රියාකාරකම්..
මේ මැට්ටා මහජන ඡන්දයෙන් පත්වුණේ නැහැ. ආවේ ලැයිස්තුවෙන්... ඡන්දයක් තිබ්බා නම් මෙයා ගෙදර...
මෙච්චර බයද? කට නම් යාරයක් දිගයි...
සුදු වෑන් එක එවන්නද?
අත් අඩංගුවට ගන්නේ නැහැ. නොමිලේ වයිෆයි දුන්නු පියා...
මේ වගේ නීතියක් තියෙන ලෝකයේ එකම රට මේ බයිලන්තය වෙන්න ඇති. මෙය ඉතාම සාමාන්‍ය නීති ක්‍රමයක් බවට පත්වෙලා.. හෝ පත්කරලා. එදා නඩු ගණනකට අත්අඩංගුවට ගැනීමට තිබු රාජපක්ෂ උසාවියට ගිහින් නඩුකාරයා ඉස්සරහා වැඳ වැටී, කඳුළු සලමින් කීවා " අනේ ස්වාමීනී, මාව අත්අඩංගුවට ගන්න එපා කියලා පොලිසියට නියෝගයක් දෙන්න..." කියලා. රටේ ජනාධිපති වුණාට පස්සේ මෙයා ඉස්සරහා නඩු කාරයින් හොටු පෙරාගෙන වැඳ වැටෙනවා. අද පණ බේරාගන්න හරින් ඒ විදිහටම නඩු කාරයින්ගෙන් ඉල්ලීමක් කරනවා. වැටත් නියරත් ගොයම් කා නම්...
මා පක්ෂයකට ගැතිව කියනවා නොවෙයි,ඇත්තටම හරීන් පාර්ලිමේන්තුවේ ඉන්නා බොහෝ හොර මැර තක්කඩිංට වඩා හොඳයි.ඔහුව අත්අඩංගුවට ගන්න ඔහු මොන වරදක් කරාට ද ? ඔහු කී දේ ගැන හා ප්‍රහාරයට අදාළ අය ගැනයි සොයා බලන්න ඕනෑ.වරදකරපු මෛත්‍රී බොහෝ සතුටින් ඊළඟ ඡන්දෙටත් සූදානම.එහෙන් සජිත් කියනවා එයාට හයිය දුන්නේ මෛත්‍රී ලු. අපට තේරුම් ගන්න බැරි,පැතිර ගිය ආරංචියක් ගැන තම පුතාට නිකං කළ අවවාදයක් ගැන හරීන්ගේ පියා කිව්ව වචනයක් අල්ලාගෙන,වරද පසෙක තිබියදී මේ කෙරෙන වැඩ මොනවාද යන්නයි. හරින්ගෙ පියා නෙමෙයි ඕනම පියෙක් ඔයවගේ නරක ආරංචියක් පැතිරෙන කොට කියනවා " පුතේ පරිස්සම් වෙයන් " කියා.ඒ කතාවට මේ රටේ මිනිසුන් දුන්නේ පුදුම පහත්පෙළේ ප්‍රසිද්ධියක් නේ. අනේ .. ! මෙහෙමත් මොළේ අමාරු තියෙන මිනිසුන්. අපරාධ කළ අය සුවෙන් නිදැල්ලේ.උන්ව අල්ලන්න හඬ නගනා අයට තමයි කරදර.පුදුමය කියන්නේ ජනතාවත් ඒවාට හුරේ දාන ඒකනේ ... පිස්සු හැදෙන සඳ ...
වාචාලයින්ට යන්න තැනක් තිබෙනවා තනියට යාලුවෙකුත් ඉන්නවා.