ගිරිඋල්ලේ අවන්හලක මත්පැන් බොමින් සිටිබව කියන උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලීසියේ නම දෙනකුගේ වැඩ වයඹ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් තහනම් කැරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පොලිස් කාරයෝ බදවා ගන්නේ නෑ. ඔය පොලිසියට ගරහන අයගේ පවුල් වලින්ම ළමයි තමයි පොලිසියට බැදෙන්නේ. එවැනි දූෂිත පවුල්වලින් ගන්න අය වැරදි කරනවා. පොලිසියේ යමිකිසි රාජකාරියක් කෙරෙන්නේ නැත්නම් ඔය පොලිසියට අපහස කරන අයගේ හැඩැති ගෑනු දරැවන් හා සහෝදරියන් තනියෙන් පාරෙ බැහැලා යන්නේ කාගේ ආරක්ෂාවක් යටතේද. පොලිසියට අපහාස කරන මහත්වරු පැය 24 පුරාම ඒ අය ආරක්ෂා කරනවාද. ඒ සරල උදාහරණයක් පමණයි. ඒ වගේ කොපමණ දේවල් තියනවාද. පොලිස් නිලධාරීන් යනු සමාජයෙන් සුදුසුකම් අනුව වෙන් කරගත් කොටසකට පුහුණුවක් ලබා දි සමාජයේ යම් වැදගත් කටයුත්තක් කිරිම සදහා නම් කල කොටසක් වෙයි. ඔවුන්ට ඒ සදහා දීමනාවක් දෙනු ලබයි. මෙම සුලු දිමනාවෙන් ඔවුන් පැය 24 පුරාම රාජකාරිය කරනු ලබයි. පොලිසියට අපහස කරන ඔය වැදගත්යයි සැලකෙන මහත්වරු රාත්‍රී කාලය පුරාම සැපසේ බුදිය ගන්නේ පොලිස් නිලධාරින් නිදිමරාගෙන කරන මේ රාජකාරිය නිසා බව මේ අයට තේරැම් නොයන්නේ ඒ අයගේ උත්පත්තියේ වරදක් නිසා වෙන්න ඇති. සමාජයේ මොන ආයතනයක උනත් වැරදි කරන සාමාජිකයින් ඉන්නවා. පොලිස් දෙපාර්තමේන්තවෙන් ඒ අය තව දුරටත් තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. සේවයෙන් ඉවත් කලත් ඒඅය ගැන සොයා බලනවා. ඒ අය පුහුණු නිලධාරින් නිසා. පොලිස් නිලධාරීන් මත්පැනට පුරැදු කලේ සුද්දන්. ඒ නිසා තමයි පොලිස් මෙස් හදලා ඇත්තේ. පොලිස් නිලධාරින්ට රාජකාරිය ගැන නොකඩවා පුහුණුව ලබා දෙනවා. ඔය බොන්න ගිය පොලිස් නිලධාරීන් ප්‍රචන්ඩකාරී වෙන්න ඇත්තේ ඔවුන්ට කල අසාධාරණයක් නිසා වෙන්න ඇති. එසේ නොවෙයි නම් ඔවුන්ට දඩුවම් ලැබෙයි. මම අත් දැකීමෙන් දන්නවා පොලිස් නිලධාරීන් සමග අප්‍රසාදයෙන් ඉන්නේ වැරදි කරලා අහු උන අයයි, වැරදි කිරීමට බලාපොරොත්තඋ වන අයයි , මේ වන විටත් වැරදි කරන අයත් පමණයි. ඒ මොනවත් නැත්නම් පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති මෙම නීතිමය බලතල නිසා ඉරිසියාවෙන් මත්වූ අයත් පමණයි.(නදී)
මගේම ආදරණීය පොලිස් අයියාට ආදරයෙනි... අඳුරු අහසක අඳුර අඩුකර පිපුනු ලස්සන තනි තරුව නුඹ….. ගයා නිමකල සොඳුරු ගීයේ ජීවමය වූ ස්වර ගෙතුම නුඹය….. ඔය සුවිසල් පෙම් සයුරේ සදාකලික පෙමය නුඔ….. මතක එක් කල මගෙ කවියේ අර්ථවත් වූ පද ගෙතුම නුඹය…….. --------------- (නි)
මහන්සියට පොඩි අඩියක් ගහන්න ගිහන් වගේ (දී)
රාජකාරී වෙලේ බොන්න ගිය එකනම් වැරදි (දී)
මෙහි අදහස් දක්වා ඇති අය බොහෝ දෙනෙක් පොලිසියේ අයියලා මත්පැන් පානය කර මෙසේ හැසිරී නැතිබව දක්වා තිබේ. වරදක් කලා නම් වරදට දඩුවම් දිම හැර මෙසේ අපහාස කිරීම නොදුදුසු බව මගේ අදහසයි. අනික පොලිසියේ අයියලා වරදක් කර නැතිබව එහි සිදුවීම හොඳන්ම දුටු අය පවසති.මන්ද ඒ වෙලාවේ ඒ අයියලා එතැන සිට ඇත්තේ සිය ආහාර වේල ගනිමින් බව සිදුවීම දුටු අය පවසති.එසේ නම් මේ සිදුවීම කිසිවෙකුගේ පුද්ගලික පළිගැනීම මත ද්වේශ සහතව පොලිසියට නින්දා කිරීමෙන් අරමුණින් යුතුව කළ ව්‍යාජ චෝදනාවක් බව ඉතාම හොඳන් පැහැදිලිවේ.කරුණාකර ඒ පොලිස් අයියලාව නිදහස් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !!! (ස)
අපේ කොල්ලෝ වගේ නිදහසේ වයින් ෂොට් 1 දැම්මනම් ඉවරනේ
මත්පැන් පානය කිරීම වරදක් විදිහට දකින්නේ එය පවතින සමාජ ක්‍රමය සමඟ නොව එයින් වියුක්ත කොට සැලකූ අවස්ථාවේදීය. මත්පැන් පානය ඉතා විශාල වරදක් නම් මත්පැන් නිෂ්පාදනය රජය විසින් වහාම තහනම් කළ යුතුව ඇත.නමුත් මත්පැන් නිෂ්පාන ක්‍රියාවළියෙන් රජයට විශාල ආදායමක් බදු වශයෙන් එකතු වේ.මත්පැන් නිෂ්පාදනය අවසර ලැබෙනවා නම් ඉන් ආණ්ඩුව ආදායම් උපදවනවා නම් මත්පැන් ඇත්තේ බීමට නෙවෙයිද?මත්පැන් සපත්තු පොලිස් සෑදීම වැනි කර්මාන්තයකට උපයෝගී කරගන්නේ නැහැ නේද?සමාජයේ කම්කරුවාගේ සිට දේශපාලකයා දක්වා මත්පැන් භාවිතා කරනවා නම් පොලිස් නිලධාරියෙකුට එය පානය කිරීම පමණක් තහනම් ඇයි කියා මට නම් තෙරෙන්නේ නැහැ.කුහකකමින් තොරව බලන්න.එවිට ඔබට ඇත්ත වැටහේවි.මම කියන්නේ නිතරම අපි සත්‍යයට මුහුණදිය යුතු බවයි. (දී)
පොලිසියේ අය්යලා කවදාවත්ම නරක වැඩක් කරන්නේ නැහැ.මම දන්නවා මේකත් කාගේ හරි උප්පරවැට්ටියක් කියලා.පොලිසියට මඩ ගහන්න තමයි දැන් ගොඩාක් දෙනෙක් බලන් ඉන්නේ.ඒ අතර අපාරාධකාරයෝත් බොහෝ පිරිසක් ඉන්නවා.(වි)
මම හිතන්නේත් මේක පිටුපස විවිධ අපරාධකරුවන්ගේ සියුම් වැඩ පිළිවෙලක් ඇති කියලයි.මොකද අපි හැමෝම පොලිසිය පිලිබඳව පැහැදීමකින් ඉන්න විට පොලිසියට පහසුයි අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න.ඒත් ඒකට කැමති නැති එකම පිරිස තමයි අපරාධකාරයෝ.ඒ අය හදන්නේ අපිවයි පොලිසියයි ඈත් කරවන්න විවිධ ක්‍රමවේද නිර්මාණය කරන්න.මේ ප්‍රවෘත්තියත් ඒ අයගේ සැලැස්මක්ද කියලා මට දැන් සැකයි.(වි)
මම හිතන්නේ නම් මේ වගේ සුලු සිදුවීම් වාර්තා ගත කිරීමේදී මීට වඩා පොලිසියේ පැත්තෙන් බැලිය යුතු බවයි.මොකද පොලිසිය කියන්නේ සුවිශේෂී ආයතනයක්.එම ආයතන අනෙක් ආයතන වගේ නෙවෙයි. කෙලින්ම රටේ සාමය හා නීතිය පවත්වාගෙන යන්න කටයුතු කරනවා සෘජුවම.එතකොට මේකට අවශ්‍යයි මහජන විශ්වාසය හා පිළිගැනීම. පොලිසියට සාමාන්‍ය මහජනතාව අතර විශ්වසනීයත්වය හා පිළිගැනීම පවතින විට අපරාධ මර්ධනය කරන්න පහසුයි.මේකට අපරාධකාරයෝ කැමති නැහැ.ඒ නිසා එයාලා කරන්නේ එයාලගේ දැන හැඳුනුම්කම පාවිච්චා කරලා විවිධ ක්‍රමවේද හරහා පොලිසියට ලැබිලා තියෙන මහජන ප්‍රසාදය විශ්වසනීයත්වය අඩුකරන්න මෙවැනි විවිධ පුවත් ජන මාධ්‍ය තුලින් ප්‍රචාරය කරවලා මේවට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීලා පොලිසිය අපකීර්තියට පත්කරවලා ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වන පොලිසියේ මෙහෙයුම් අඩාල කරවන්න කරපු දීර්ඝකාලීන සැලැස්මකට අපි අහුවෙලා තියෙන්නේ කියලා මට නම් මේ සිදුවීම් පිලිබඳව හිතෙනවා. (දී)
මමත් හිතනවා මේ වගේ ප්‍රවෘත්තිවලින් පොලිසියේ ප්‍රතිරූපයට වෙන්නේ යළි කවදාවත් පිලිසකර කළ නොහැකි හානියක් කියලා. (දී)
අපි කොච්චර ලිව්වත් වැඩක් නැහැ මේ රටේ සාරධර්ම,සංස්කෘතිය ආරක්ෂා වෙන්නේ නැතිනම්.ඒත් පොලිසි නිලධාරියෙක් මත්පැන් ටිකක් ගත්තා කියලා මේ රටේ සංස්කෘතිය, සදාචරය නැති වෙන්නේ නැහැනේ. (දී)
මම උපදේශන පාඨමාලා පවත්වන්න සම්බන්ධිකරණයෙන් සහය වෙනවා. මගේ රාජකාරිය අනුව නිතරම් පොලිසිය සමඟ සමීපවව කටයුතු කරන්න තමයි තියෙන්නේ.පොලිසිය සමඟ සමීපව කටයුතු කරන කෙනෙක් විදිහට පොලිසිය මෙවැනි වැරදි දේවල් නොකරන බව මම හොඳින්ම දන්නවා.මේක පොලිසියට මඩ ගහන්න නිර්මාණය වූ පුවතක්ද වියහැකියි.(වි)
මම නම් කියන්නේ යම්කිසි පුවතක් පළකරන්න කලින් එයින් සමාජයට සිදු වන්නේ කුමන ප්‍රතිඵලයක්ද කියලා කීප වාරයක් සිතා බැලිය යුතු වෙනවා. එහෙම නැතුව මිනිසුන්ට ප්‍රවෘත්ති දැන ගන්න ඕන කියලා හැම දේම මිනිසුන්ට නිරාවරණය වෙන්නට සැලැස්සුවොත් ලොකු සමාජ අර්බුදයක් ඒකෙන් නිර්මාණය වියහැකියි.අපි නිතරම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන.මොකද මේක වඩා සංකීර්ණ යුගයක්.(වි)
අපිත් නිතරම පොලිසියේ හොඳ වර්ණනා කරන අය නෙවෙයි.නමුත් වගකීමෙන් ක්‍රියාකළ යුතු අවස්ථාවලදී පොලිසිය ආරක්ෂා කරගන්න අපිත් ඉන්නවා(වි)
කෙතරම් බුදුදහම පිළිබඳව කටයුතු කළත්,සමාජයේ නීතිය හා සාමය පවත්වාගෙන යන්නේ පොලිසියයි.සදහම් වැඩ කටයුතු සඳහා අපට නිතරම පොලිසිය සමඟ සම්බන්ධව කටයුතු කිරීමට සිදුවේ.එහිදී අපි පොලිසිය දකින අන්දම සාමාන්‍ය පුද්ගලයෙකු දකින අන්දමට වඩා හාත්පසින්ම වෙනස්ය.ඒ කෙසේ වුවද පොලිස් නිලධාරියෙකුගේ අතින් සිදුවියහැකි සුළු දෙයක් විශාල වරදක් ලෙස ප්‍රසිදධ කිරීම අයෝග්‍යබව සිතමි.මෙයින් එම දෙපාර්තමේන්තුවටම අත්වන්නේ විශාල කැළලකි.(වි)
මමත් කියන්නේ මෙහෙම පොලිසියට දොස් පවරන එක වැරදියි කියලයි. මුලින්ම හිතන්න ඕනේ ඇත්තටම මෙහෙම දෙයක් වුනාද කියලයි.ඇත්තටම වුනත් මෙහෙම ප්‍රසිද්ධ කරන එක නම් හරි මදි තමයි(වි)
මමත් හිතනවා මේක පොලිසිය අපහසුතාවයට පත්වෙන විදිහේ පුවතක් කියලා.ඒ නිසා මේ පුවත පළ කිරීමට වඩා පළනොකර හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.මේ මගේ පුද්ගලික අදහසක් විතරයි කියුවේ.(වි)
මගේ අදහස නම් මෙහෙම වැරදි කරන පොලිසියේ අය ඉන්නවා නම් ඒක මුලින්ම අදාළ උසස් නිලධාරීන් මඟින් නිවැරදි කරගන්න ඕන.මේවා ප්‍රසිද්ධ මාධ්‍යයන්ට ලබාදුන්නේ කව්ද කියලා මුලින්ම හොයලා බලන්න ඕන. නැතිනම් මෙහෙම ගිහාම පොලිසියේ තිබෙන දේවල් ඔක්කොම අපරාධකාරයෝ දැන ගන්නවානේ.(වි)
මෙහි අදහස් දක්වා ඇති අය කියන්නේ ඇත්ත. මොකද පොලිසියට අපකීර්තියක් වුනාම ඒක එල්ල වෙන්නේ ලංකාවේ පොලිසිය මෙන්න මෙහෙමයි කියලයි.(වි)
ඉහත අදහස් දක්වා ඇති අයගේ අදහස් පිළිබඳව මා බොහෝ දුරට අපක්ෂපාතීව කල්පනා කර බැලුවෙමි.දැන් ඉන්දියාවේ පොලිසියේ තිබෙන බේබදුකම,සල්ලාලකම ආදිය ඉන්දීය චිත්‍රපට මඟින් හාස්‍යයට ලක්කරන බව අපි දනිමු.නමුත් මෙවැනි ප්‍රවෘත්ති හරහා ලංකාවේ පොලිසිය ඊටත් වඩා දරුණු හාස්‍යයකට ලක් කිරීමට තැත් කර ඇතිබව මගේ අවංක හැඟීමයි(වි)
සමාජයේ නීතිය හා සාමය පවත්වාගෙන යන්න පොලිසිය කැපවීමෙන් කටයුතු කරන නිසා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ඉන්නේ පොලිසිය ගැන පුදුම තරහකින්.ඉතින් පොලිසියට මඩ ගහන්න එයාලා සල්ලි පවා වියදම් කරන්න කිසිම වෙලාවක පැකිලෙන්නේ නැහැ.ඒක නිසා රජයට වගකීමක් තියෙනවා මේක පිටුපස්සේ ඉන්නේ කවුද කියලා හොයලා බලන්න. (නි)
අයියෝ ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද (දී)
ඒ ගොල්ලොත් ඉතිං විනෝද වෙන්න එපායැ. (නි)
කරුණාකර නීතිය පසිඳලන ආයතන හා නීතිය ආරක්ෂා කරගැනීමට ක්‍රියා කරන ආයතන වලට ශක්තිය බිඳ දැමීමට හා අපරාධකරුවන්ට අනුග්‍රහය දැක්වීම පිණිස ඔබගේ අදහස් දැක්වීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මහජනයා අතර හෑල්ලුවට ලක්වන පරිදි අදහස් දැක්වීමෙන් සිදුවනුයේ ඒ ආයතන වල නිලධාරීන්ට මහජනතාව අතර තිබෙන විශ්වසනීයත්වය හා පිළිගැනීම බිඳ වැටීමයි.මෙය අද දින වර්ධනය වන අපරාධ රැල්ලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට බාධාවකි.හේතුව මිනිසුන් පොලිසියෙන් දුරස්වීමයි. මහජනතාව පොලිසියට තමන්ගේ මිතුරෙකු ලෙස සැලකීම මේ රටේ අපරාධ මර්ධනයට උපකාරයකි. පොලිසිය මහජනතාවයෙන් ඈත් කිරීම අපරාධ වැඩීවීමට උපකාරයකි. සිවිල් මිනිසුන් පොලිසිය ගැන දන්නා ආකාරය හා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ඊට අයත් අය ඒ පිළිබඳ ඇතිකරගෙන ඇති ආකල්පය හා හිතන ආකාරය අහසට පොළව මෙන් ප්‍රතිවිරුද්ධය. (නි)
මයි කා මයි පෙට්‍රල් නම් අනික් අයට මොකද? (නි)
පොලිසිය ගැන කියන්න දෙයක් නෑ. 119 කෝල් කළහම පොලිසිය ඒ ළමය අරගෙන ගිහින් දුෂණය කරන රටක, නිසි බලධාරීන් කියනවනම් ළමයින් බලාගැනීම දෙමව්පියන්ගේ වැඩක් කියල ඒ අය පත් කොරල තියෙන්නේ මොකටද? අසරණ පාලකයින්ටත් කරගන්න දෙයක් නැත්නම් පොලිසියට දොස්කීම හැර වෙන ප්‍රශස්ති ගී ගායනා කිරීමෙන් වැඩක් නැත. (නි)
කාගේ හරි දතක් ගලවන්න ඇති.....හොඳ වැඩේ මොනවා උනත්.....(සවි)
පොලීසියේ පඩි දවස වෙන්න ඇති....(සවි)
පොඩ්ඩෝ කරන වැඩ විතරයි නේ පේන්නේ.....(සවි)
මේ ගොල්ලෝ කොහොමක් ඔහොමමයි.....(සවි)
මහන්සියට අඩියක් ගහන එකේ තියෙන වරද මොකක්ද ??? පව් අහිංසකයෝ....(සවි)
නීතිය රකින අයයි මේ ඔහොම යන්..ඔහොම යන්(දී)
මම නං එහි වරදක් දකින්නෙ නැහැ.. ඒ ගොල්ලත් මිනිස්සුනෙ... බිල ගෙවලද නැද්ද කියන එක ගැන පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න..(නු)
අනිත් වැරදි වැඩ දැක්කම ඒක එතරම් සැළකිය යුතු වරදකුත් නෙමෙයි ඉතිං...(නු)
පොලීසිය ඇතුලේ කරගන්න තිබුණ එකේ මොන එහෙකට අවන්හලකට ආවද මන්ද...!! (සවි)
අපෝ.....පොලිස්, අපේ රටේ තියෙන අකර්මණ්‍යම රාජ්‍ය ආයතනයක් .එහෙව් තැනක නිලධාරීන් මෙහෙම හැසිරීම අතිශය ස්වාභාවිකයි..අපේ රටට රත්නත්තරේම පිහිටයි...(සවි)
කන්න බොන්න දුන්නු අයම ඔත්තුව දෙන්න ඇති ඉවරයක් නැති නිසා.....(සවි)
මමනම් මේ කට්ටිය එතරම් ගණන් ගන්නේ නැහැ (දී)
හොඳ දතක් සෙට් වෙලා තියෙන්න ඇති.(සවි)
එක් ස්ථානයක සිදුවන සිද්ධියක් හෝ පුද්ගලයෙක් හෝ තත්ත්වය පිළිබඳ හුදෙකලාව වෙන් වෙන්ව ගෙන පොදු ජනතාව ලෙස අප කල්පනා නොකළ යුතුය. පොදුවේ අප කල්පනා කළ යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සමස්තයක් ලෙස පොදු ජනතාවටත්, රටටත් ඉටු කරන සුවිශේෂී සේවාව පිළිබඳවයි. එමෙන්ම බොහෝවිට නීතිය අතට ගැනීමට සිදුවීමට හේතුවන කිසිදු පදනමක් නොමැති කටකතා පිළිබඳ අප කල්පනාකාරී විය යුතුය. (ස)
හොරු , අපරාධකරුවන් අල්ලන්න බැරිවුණ දුකට වෙන්න ඇති බිව්වේ....(සවි)
බොන්නම ඕනනම් නිවාඩුවක් දාල හරි යන්න තිබුණනෙ... නිකං රැකියාව අහිමි කරගන්නෙ නැතිව.. (නු)
නිත්‍යානුකුල අවන් හලකින් රාජකාරියෙන් නිදහස් වෙලාවක සල්ලි දීල මත් පැන් ගත්ත නම් අවුලක් වෙන්න පුලුවන්ද ?(නු)
ගිරිඋල්ල පොලීසියෙද? (ත)
මේ ලියන්නේ මේ ගැන හොඳට දන්න කෙනෙක්. ඇත්තටම වෙලා තියෙන්නෙ මේ අය මෙතන ඉඳන් බත් කාලා. වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පුවෙලා තියෙනවා හත් දෙනෙක් බීලා නැහැ. වරදක් නොකළ හත් දෙනාට දෙයියෝ බලත්වා. (අ)
පොලිස්සියට බීම තහනම්ද? හොඳට බොන්න ඕන ප්‍රශ්නයක්. (ස)
ප්‍රවෘතියක් නියම ආකාරයෙන් වාර්තා කරන්න පාඨකයාට තේරුම් ගත හැකිවන ආකාරයට වාර්තා කරන්න (නු)
අපි හැමවටම බලන්නේ ඝෘණාත්මක දැක්මකිනි.. ඇයි අපි ධනාත්මකව සිතන්නේ නැත්තෙ?(නු)
මම නම් කීයටවත් හිතන්නේ නැහැ පොලිස් නිලධාරීන් මේ ආකාරයට ක්‍රියා කරනවා කියලා. මොකද මම දන්නවා පොලිසියේ මහත්වරු නිතරම වැදගත් අය විදිහට රාජකාරි කරන නිසා තමයි අද අපිට මේ සමාජයේ බයක් සැකයක් නැතුව නිදහසේ ඉන්න ඉඩ ලැබිලා තියෙන්නේ කියලා.ඒ නිසා බොරුවට පොලිසියට චෝදනා කරනවාට මම නම් කැමති නැහැ.(නු)
නිල ඇදුමින් මේවගේ තැනක බීමට ගියානම් වැරදිය.. නැත්නම් කමක් නැහැ.. (නු)
දැන් මේ මැතිවරණ කාලයයි.ඉතින් විරුද්ධ පක්ෂයේ අයට අද රජයට එරෙහිව ඉදිරිපත් කරන්න පැහැදිලි න්‍යාය පත්‍රයක් නැහැ.එයාලා ඉන්නේ කවුරු එක්කද කියන බව අද මුළු රටම හොඳින්ම දන්නවා.ඉතින් එයාලට ඕනේ මේ චෝදනා සියල්ලම රජය මත පටවලා ඔවුන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගන්න.බලන්න අද රනිල් කඩේ යනවා බඩු මිල වැඩියි කිය කියා.නමුත් සත්‍ය තමයි කුමන රජයක් බලයට පත්වුනත් බඩු මිල මීට වඩා අඩු කරන්න අමාරුයි කියන එක. ඉතින් මේ කවුරු රවට්ටන්නද හදන්නේ.මෙහෙම කලාම එයාලා හිතනවා මේ රටේ මිනිස්සු ඒවාට රැවටෙයි කියලා.ඒක කවදාවත් වෙන්නේ නැහැ. මම කියන්නේ බොරු නම් හෙට මුළු රටේම ඡන්දයක් තියලා බලන්න.ඒත් මහින්ද මහත්තයා 95%කට වඩා ඡන්ද ගන්නේ නැද්ද කියලා. මේ අයට ඒක තේරුම් ගන්න බැරි එකයි මෙතැන වෙලා තියෙන්නේ. (නි)
පීඩාකාරී රැකියාවකදී ඒ පීඩාව නැතිකර ගැනීමට සමහර මෙසේ කරති. හමුදාව හා පොලිසියේ ඇති විනය හා බෞද්ධ භික්ෂූ සමාජයේ ඇති විනය දෙයාකාරය. පොලිසිය හමුදාව වැනි ආයතනවල අණට අනුව ක්‍රියාකිරීම අංක එකේ විනයයි. අර්හත්ව පරමාදර්ශය අනුව ක්‍රියා කිරීම බෞද්ධ සංඝ සමාජයේ පරමාදර්ශයයි. රටක් බාහිර සතුරු උපද්‍රව වලින් ආරක්ෂා කිරීම හා සිවිල් යුධමය තත්වයන්හිදී රට වැසියා ආරක්ෂා කිරීම හමුදාවේ කාර්ය භාරයයි.රටක අභ්‍යන්තර නීතිය හා සාමය පවත්වාගැනීම පොලිසියේ කාර්ය භාරයයි.මේ ආයතන දෙකේම කාර්යභාරය මනුෂ්‍ය සදාචාරය පවත්වා ගැනීම නොවේ.මේ ආයතන දෙක ඇතිකර ඇත්තේ සාමාන්‍ය මනුෂ්‍ය සදාචාරය නොතකන අයගෙන් සාමාන්‍ය මිනිසුන්ට සිදු විය හැකි හානිය අවම කිරීම පිණිසය.නමුත් බෞද්ධ පැවිදි සංස්ථාවේ පරමාදර්ශය සදාචාරය නිෂ්ටාව අත්පත් කරගැනීමේදී ගිහි සමාජයට ප්‍රතිමානයක් වියහැකි අයුරින් ක්‍රියාකිරීමයි.මෙහිදී අභ්‍යන්තර සදාචාරය ඇති කරගැනීම අරමුණු වී ඇත.පොලිසියට හා හමුදාවට පැවරී ඇති කාර්යයේදී එය පාලනය වන විනයෙන් සිදුවනුයේ එම ආයතනයන්හි අරමුණුවලට අදාළවන පරිදි එහි සාමාජිකයින් හසුරවා ගැනීමයි.එහිදී එම ආයතවල විනය යනු බෞද්ධ පැවිදි සංස්ථාවේ විනය නොව දෙනලද අණ වචනයට හෝ විධානවලට අනුව කටයුතු කිරීමයි.එහිදී ඔවුන්ගෙන් බෞද්ධ පැවිදි සංස්ථාවේ විනය අපේක්ෂා කිරීම වැරදිය. (ත)
පොලිස් නිලධාරීන්ට හා එහි රාජනාරී ඉටු කරන නිලධාරීන්ට එරෙහිව හා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අපහාස වන පරිදි මේ අයුරින් අදහස් දැක්වීමේදී වගකීමෙන් කටයුතු කිරීමට සැලකිලිමත්වීම වඩා උචිත බවක්ද මට සිතේ.(නු)
මම හොඳටම මේ සිදුවීම දන්නවා.මොකද මේ සිදුවීමට මගේ ඥාතී වෙන අයිය කෙනෙක්වත් සැක කාරයෙක් කරලා තියෙන්නේ.අපි හොඳටම දන්නවා එයා කවදාවත්ම මත්පැන් උගුරක්වත් කටේ තියන්නේ නැති හැම වෙසක් පෝයටම සිල් සමාදන් වෙන වැදගත් පවුල් පසුබිමක් තියෙන අයියා කෙනෙක් කියලා.මමත් එයා ගැන ගොඩාක් පැහැදීමෙන් ඉන්නේ ඒ නිසායි.අපේ අම්මලා තාත්තලා වුනත් දන්නවා මේ සිදුවීම තනිකරම බොරුවක් කියලා.ඒ වගේම මමත් මගේ මුළු හදවතින්ම මේ අයියවයි අනිත් පොලිසියේ අයියලවයි නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, මේ බොරු චෝදනාවෙන්.අයියලා සියළු දෙනාටම බුදු සරණයි!!! (නි)
මයි කා මයි පෙට්‍රල් නම් අනික් අයට මොකද? (ස)
පිරිසිදු මාධ්‍ය කලාවේ නියැලී සිටින කෙනෙක් විදිහට මම සමබර පුවත් වාර්තාකරණය ඉතාම ඉහළින් අගය කරනවා.නමුත් මෙවැනි සිදුවීම් හරහා අයුක්ති සහගත ලෙස පොලිසියට මඩ ගැසීමට දරන වෑයම පිළිකුල් සහගතව හෙළා දකිනවා කියලා කියන්නේ අවංකවමයි. (නි)
මුද්‍රිත මාධ්‍යයට වඩා විද්‍යුත් මාධ්‍ය ප්‍රභලය.බලසම්පන්නය.එබැවින් විද්‍යුත් මාධ්‍ය කලාව හැසිරවීමේදී බොහෝ දුරට වගකීම් සහගතභාවය මුද්‍රිත මාධ්‍යයට වඩා අධිකය.සමහර විට ප්‍රවෘත්ති තොරා ගැනීමේදී හා ප්‍රකාශ කිරීමේදී එවැනි පසුබිමක කටයුතු කිරීමට සිදුවීම වෙහෙස කරබව මමද අත්දැකීම් තුළින් හොඳින්ම දනිමි.ඒ මමද මාධ්‍ය කලාව තුළ ක්‍රියාකරන නිසාය.එබැවින් මාධ්‍යකරුවාගේ වගකීම පිළිබඳව වුවද මෙහි අදහස් දක්වා ඇති අය සැලකිල්ලට ගෙන මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ කිසියම් ප්‍රමාණාත්මක තක්සෙරුවක් ඇතිව අපට ඇඟිල්ල දිගු නොකෙරෙන පිළිවෙලට ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි. (නි)
මේ ගැටළුව දෙස සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බැලීමේදී හුදෙක් ආගමික දෘෂ්ටි කෝණයෙන් බැලූ විට ඇතිවන ගැටළු සහගත බව පැන නොනගියි.මීට හේතුව සමාජ විද්‍යා දෘෂ්ටිය අප්‍රමාණ ලෙස සදාචාර විෂයෙහි අධානග්‍රාහී ලෙස කල්පනා නොකරන හා සැලකිල්ලට නොගන්නා බැවිනි. එහිදී බොහෝ විට සමාජ සබඳතා හා ඇගයුම් පිළිබඳ සැලකිලිමත් වේ. මෙහිදී පොලිස් නිලධාරීන් කිසිදු වරදක් සිදුකර නැති බවක් මට පෙනී යයි. මන්ද සමාජ සබදතා පලුදු වන කිසිදු ක්‍රියාවක ඔවුන් යෙදී නොසිටි බැවිනි. (නි)
මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? අවන්හලවල මත්පැන් තියෙන්නෙ ලස්සන බලන්නද?(නු)
පොලිසියේ ඉන්නේද හැඟීම් දැනීම් නැති රොබෝවරුන් නොවේ.සිවිල් සමාජයේ මව්පිය වරුන්ට දාව උපදින දරුවන් පොලිසි සේවයට එක්වේ. මේ නිසා විවිධ හැඟීම්,ආකල්ප,ගතිසිරිත්,අවශ්‍යතා ඇති පිරිසක් පොලිස් සේවයට එක්වීම ස්වභාවයකි. මෙවැනි සිදුවීම් වලින් සමස්ත පොලිස් සේවාවේම ගුණාත්මක බව තීරණය කිරීම දැඩි අනුවණකාරී නිගමනයක් බැව් නොකියා නොසිටිය හැකිය.මේ හේතුව නිසා එක් පුද්ගලයෙකුගේ යම් හැසිරීමට සමස්ත පොලිස් සේවාවම වග නොකියන අතර එසේ වගකීමට පොලිස් සේවාද බැඳී නොසිටි. (ස)
එගොල්ලන්ට පටිත් තිබුනද රෝල් වෙන්න.(නු)
පුවතේ අගක් මුලක් තේරෙන්නේ නැ. (දී)
ඇයි පොලිසියෙ අයට බාර්වලට ගිහිං බීම තහනම්ද? මේවගේ දේවල් ටිකක් පැහැදිලිව පළ කරන්න..(නු)
මෙවැනි ප්‍රවෘත්ති මාධ්‍ය හරහා ප්‍රචාරය වීම පිළිබඳ එක් එක් අය එක් එක් විදිහට දකිනවා.ශ්‍රී ලංකාව සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් රකින රටක්. ඇත්තටම බටහිර සමාජය වැඩ කරන්නේ එක එක කාලවල එක එක න්‍යාය පත්‍ර ඇතුළේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, මාධ්‍යය නිදහස මේව පිළිබඳව හදාගත්ත ආකෘති බටහිර සමාජය තුළ තිබෙනවා. ඒ ආකෘති සමහර අවස්ථා වල කුඩා රටවල නිදහසට එරෙහිව දාන අවස්ථාත් තිබෙනවා. උදාහරණයක් විදියට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ආකෘතිය සමහර රටවලට දාන්නේ ඒ රටට බලපෑමක් කරන්න. අපි දන්නවා රටේ නිදහසට විශාල තර්ජනයක් තිබුණ අවස්ථාවල පවා මාධ්‍යය නිදහස ආරක්ෂා කරන්න රජයට හැකිවීම කවුරුත් මේ වෙලාවේ ගණනය කරන්නේ නැහැ. ඒ නිසා මාධ්‍යය නිදහස පිළිබඳව එතෙරින් එන පණිවුඩය නැතිනම් මතය රට තුළ ඇත්ත ක්‍රියාකාරිත්වයත් එක්ක ගලපා බැලීම තමයි බුද්ධිමය ක්‍රියාව විය යුත්තේ. මාධ්‍යය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස, මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස වගේ ඒව භෞතික ඇත්ත අපේ සමාජයත් එක්ක ගැට ගැහිච්ච නැති එළියෙන් එන ආකෘති හැටියට ආපු අවස්ථා තමයි වැඩියෙන් දකින්න තියෙන්නේ. මේ හේතු මාධ්‍යවලට විතරක් වගකීම වටවලා අත පිහිදා ගන්න කාටවත්ම බැහැ. මොකද සමාජ වගකීම කියන එක සමාජයේ ජිවත්වන හැම දෙනාටම තියෙන දෙයක්.ප්‍රවෘත්තියක් පළවීම විතරක් වැරදියට දකින්න එපා.එය නිවැරදි කරගැනීම ඔබගේ යුතුකමක්.මාධ්‍යකරුවාගේ සමාජ වගකීම වරද සිදුවන විට එය පෙන්වා දීමයි.අපි ඉටු කරන්නේ ජනතාවගේ වගකීමයි. (නි)
මට පොලිසියේ අයියලා ගැන හරිම කණගාටුයි.ඇයි හැමෝම පොලිස් අයියලා ගැන හරි වැරදියට හිතන්නේ.එයාලා පොලිසියේ වුනාට හිත හරිම සුමුදු බව මම හොඳින්ම දන්නවා මොකද මම ආදරය කරන්නේ පොලිසියේ අයියා කෙනෙකුට නිසා.මම මගේ අයියට වගේම මේ පොලිසියේ අයියලා හැමෝටම හරි ආදරෙයි ලෙන්ගතුයි.මම ප්‍රාර්ථනා කරනවා මේ අයියලා හැමෝටම මේ චෝදනාවෙන් නිදහස් වෙන්න ඉක්මනට පුළුවන් වේවා කියලා.දළදා සමිඳු පිහිටයි මගේ අයියේ.. (නි)
පොලිසිය වගේ වගකිව යුතු රාජ්‍ය ආයතනයක නිලධාරීන් සම්බන්ධ ප්‍රවෘත්ති පළ කිරීමේදී සැලකිලිමත් විය යුතුය යන කාරණය බොහෝ දෙනෙක් මතු කරනවා.මාධ්‍යයයේ ව්‍යාපාර පැත්තක් තිබීමේ වරදක් නැහැ. නමුත් සමාජයට වග කියනවා කියන එක අපි මාධ්‍යය හසුරුවන්නන් ලෙස ඒ වගකීම තියනවා ද කියන එක අප වැනි රටකට ඉතාම වැදගත්. විද්‍යුත් මාධ්‍යය ශක්තිමත් මෙවලමක් විදියට රට තුළ ස්ථාපිත වේගෙන යන මේ කාලය තුළ ඒක වැරැදි භාවිතයක් හැටියට සමාජගත වුණොත් ඉදිරියේදී ඒක ජනතාවගෙන් ඈත්වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ජනතාව ඒ කෙරෙහි තියන විශ්වාසය අඩු කරන්න පුළුවන්. ඒ නිසා අපි වඩාත් මේ පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්. (නි)
දුරස්බව දැනෙනවා හිත හඬා වැටෙනවා මුළු ලොවට හොරෙන් මා හැමදාම අඩනවා මගේම සුදු අයියේ, මේ බොරු චෝදනා වලින් ඔයා නිදහස් වෙලා එනතෙක් මම හැමදාම ආදරෙන් මඟ බලා ඉන්නවා... (නි)
මාධ්‍යය වල සමහරු කුතුහලය දැනවීම හරහා පේ‍්‍රක්ෂකයා හෝ පාඨකයා ඇද ගැනීමේ ක්‍රමවේදයක් හැටියට අපරාධ පිළිබඳ හිංසනය පීඩනය ඉදිරියට ගෙන ඒමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේ උත්සාහයේ යට තියන කතාව මේ ජුගුප්සාජනක ඉතාම කෲර වූ නැතිනම් ඉතාම අමානුෂික ක්‍රියාවලියක් සමාජ ඉදිරියේ ලිහා දැමීමෙන් පේ‍්‍රක්ෂකයා පාඨක ආකර්ෂණය තමන් කෙරේ යොමු කරගන්න පුළුවන් ය කියල හිතන එක. එහෙම කරන්න පුළුවන් තමයි. නමුත් අද අපි හමුවේ තිබෙන වගකීම එක්ක මීට වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි කියන කාරණයේ මම ඉන්නවා. (නි)
සසරේ මියගිය ලස්සන දවසක - ඔබත් මමත් මුණ ගැසෙන්නැති සිව් නෙත් පැටලී සෙනෙහස ඉපදී - දෑත් ඇඟිලි තුඩු වෙළෙන්නැති ඒ හුරු විලසට යළි හමුවෙන්නට - දෙවෙනි කුමරියට අඳින්නැති එදා මඟුල් දා දෙවැනිව සිටි අප - දවසක වනු ඇති යුවතිපති සුදු අයියේ..මතකද ඔයත් මමත් හමුවුනු මුල්ම දවස. මට නම් එදා කවදාවත් අමතක වෙන්නේ නැහැ.ඔයාව ඉක්මනින්ම දැක ගන්න ලැබෙන්නේ කවදාද කියලා මම අද හීන දකිනවා.ඔයාව බොරු වැරද්දකට අහුවෙලා බව අපි කවුරුත් දන්නවා අයියේ.ඒ නිසා අයියා හිත කළකිරවා ගන්නේ නැතිව හොඳින් සතුටින් ඉන්න.මම ඔයා ළඟ කවදත් ඉන්නවා.. --- ඹයාගේම ගෞෂි නංගියා.. (නි)
ජනමාධ්‍යයවේදියෙක් තමන්ගේ කටයුතු පටන් ගන්න කලින් මම විශේෂ වගකීමක් තියන වෘත්තිකයෙක් කියන එක හිතල තම කටයුතු ආරම්භ කරනවා නම් මේ වැරදි වෙන්නේ නැහැ. මාධ්‍යයකට යන්නන් වාලේ යන්න බැහැ. මාධ්‍යය භාවිතය කියන්නේ ශක්තියක්. ඒ ශක්තිය සමාජ ප්‍රගමනයට මිස සමාජය පෙරළා වැරැදි තැනකට සදාචාර විරෝධි තැනකට, ම්ලේච්ඡ තැනකට, අපරාධකාරී තැනකට සමාජය අවුලකට නෙවේ ගෙනියන්න ඕන හරි තැනකට කියන මතයේයි මම නම් ඉන්නේ. (නි)
මේකේ මාධ්‍යයට සම්බන්ධ බොහෝ දෙනෙක් අදහස් දක්වලා තියෙනවා. ඒක ගොඩාක් හොඳයි.මම කියන්නේ මාධ්‍යය හිතන්න ඕන සමාජයට ජනතාවට ඉදිරියෙන්. අපේ රටේ සමහර මාධ්‍යය ජනතාව හිතුවට පස්සේ හිතන්නේ. ජනතාවට කලින් හිතන්න මාධ්‍යයට පුළුවන් වෙනවානම් ඒක තමයි සමාජයට තාර්කික වශයෙන් වැදගත් වෙන්නේ. කවුරුහරි අපරාධයක් කළාට පස්සේ ඒ පස්සේ පන්නන් ගිහින් පින්තූර ගහල දානවට වඩා ඒ අපරාධය වළක්වන සුළු වූ ඉදිරි දැක්මක් සමාජගත කරන්න උත්සාහ කළ යුතුයි. (නි)
ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සහ එහි නිලධාරීන් ඉටුකරන රාජකාරි ස්වභාවය පිළිබඳව මෙහි කමෙන්ටු පළකරන පුද්ගලයන්ගේ නොදන්නා කම නිසා ඔවුන් හරි දේ යැයි සිතා නීති විරෝධී ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ඒ නිසා ඔවුන්ගේ දැන ගැනීම සඳහා පොලිස් සේවාව සහ එය සමාජයට අවශ්‍ය මක්නිසාදැයි ඔවුන්ට පහදාදීම විද්වතුන් ලෙස අපගේ යුතුකමක් ලෙස මම කල්පනා කරමි. එබැවින් මෙහි සඳහන් වන කරුණු සිවිල් මහජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් බැවින් ඔවුන්ගේ දැන ගැනීම සඳහා ඒවා අඩු නොකොට පළකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සාමය සහ පොලිසිය අතර ඇත්තේ ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් එකිනෙකට වෙලී සිටින සම්බන්ධතාවකැයි මට සිතේ. සිවිල් සමාජයක යහපැවැත්ම, ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ පොලීසිය වෙතයි. පැරැණි සිංහල රාජ්‍ය සමය දක්වා ගියහොත් පොලිස් නිලධාරියාට සමාන සේවයක් ඉටු කළේ කටුපුල්ලේ ආරච්චිවරුන්ය. වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් රඳවා තබාගැනීම, ඒ ඒ අධිකරණයන්ට ඉදිරිපත් කිරීම පමණක් නොව සිරගෙවල් පාලනය ද ඔවුන් වෙත පැවරී තිබුණි. වර්තමාන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා දිවෙයි. ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ආරම්භ වූයේ 1866 සැප්තැම්බර් 03 වැනි දිනය. මෙහි ප්‍රථම පොලිස්පති වූයේ ශ්‍රීමත් ජී.ඩබ්.ආර්.කැම්බල් මහතාය. ඔහු 1866 සිට 1872 දක්වා මෙම ධූරය ඉසිලීය. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පති වූයේ 1947 ජූනි 01 වැනිදා වැඩ භාරගත් ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාය. එදා මෙදාතුර මෙරටේ සිවිල් ජනජීවිතයේ යහපැවැත්මට පොලිස් දෙපාර්තමේන්තුවෙන් සිදුවූයේ අමිල මෙහෙවරකි. ඒ අමිල මෙහෙවරට අගෞරව නොකිරීමට අප වගබලා ගත යුතුය.නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිත පූජාකළ ප්‍රථම පොලිස් නිලධාරියා වූයේ 1864 මාර්තු මස 21 දින උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වෙඩි කා මිය ගිය සාජන් සභාන්ය. එමෙන්ම වසර 30ක් පැවැති ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන ලද සටනේදී පොලිසිය තම සාමාන්‍ය රාජකාරිවලින් ඔබ්බට ගොස් ත්‍රතවාදී තර්ජනයෙන් රට බේරාගැනීම සඳහා කළ සේවය අතිමහත්ය.මේ නිසා සමස්ත රටවැසි මහජනතාව පොලිස්යට දක්වන කෘතවේදීත්වය මෙහිදී පහසුවෙන්ම අමතක නොකළහැකිය. ඒත් දැන් දැන් සමහර ස්ථානවල අලුත් රැල්ලක් ඉස්මතු වෙමින් තිබේ. එය කිසිවෙකුගේ සැලැස්මක් මත නිර්මාණය කරන ලද්දක්ද යන්න පිළිබඳ සොයා බලා යයි.පොලිස් රාජකාරිය ජනතාව අතට ගැනීමේ ප්‍රවණතාවයක් දැනට දක්නට ලැබෙන බව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අදහසයි. එය කිසිසේත් දියුණු සිවිල් සමාජයක සිදුවිය යුත්තක් නොවේ. යම්කිසි පළාතක ස්ත්‍රී දුෂණයක් හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ අවස්ථාවලදී එහි වගකීම හා සම්පූර්ණ දෝෂාරෝපණය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා සමස්ත පොලිස් සේවාව වෙත එල්ලකිරීමට අපරාධකරුවන්ගේම රහස් සැලසුමක් ක්‍රියාත්මක වේ.මේ අපරාධවල, ස්ත්‍රී දුෂණවල හා මනුෂ්‍ය ඝාතනවල වගකීම මුළුමනින්ම පොලිසිය වෙත පටවා දැත් පිසදමා ගන්න මට්ටම දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇත. පසුගිය දිනවල කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ සාහසික මනුෂ්‍ය ඝාතන හා ස්ත්‍රී දුෂණ රැල්ල තුළද මෙවැනි තත්වයක් දැකගත හැකිවිය.මෙවන් තත්ත්ව වෙනස් කිරීමේ වගකීම සියලු පුරවැසියන්ගේ යුතුකමකි. එය සාමාන්‍ය ජනතාව වෙත පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවට ද පැවරෙන වගකීමකි. දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සාමකාමී සහජීවනය මේ සඳහා ඇති එකම විසඳුම වේ. එක් ස්ථානයක සිදුවන සිද්ධියක් හෝ පුද්ගලයෙක් හෝ තත්ත්වය පිළිබඳ හුදෙකලාව වෙන් වෙන්ව ගෙන පොදු ජනතාව ලෙස අප කල්පනා නොකළ යුතුය. පොදුවේ අප කල්පනා කළ යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සමස්තයක් ලෙස පොදු ජනතාවටත්, රටටත් ඉටු කරන සුවිශේෂී සේවාව පිළිබඳවයි. එමෙන්ම බොහෝවිට නීතිය අතට ගැනීමට සිදුවීමට හේතුවන කිසිදු පදනමක් නොමැති කටකතා පිළිබඳ අප කල්පනාකාරී විය යුතුය. එයට හොඳම නිදසුන මෑත කාලයේදී මහත් ආන්දෝලනයක් ඇතිකළ කොටකෙතන ගමේ සිදුවූ ස්ත්‍රී දුෂණ හා මනුෂ්‍ය ඝාතන රැල්ලයි. ඒ සිදුවීම ආශ්‍රිතව මේ දක්වා මුළු මහත් සමස්ත සමාජය පුරාම වේගවත්ව කට කතා රැල්ලක් ව්‍යාප්ත වෙමින් තිබේ.සමහරවිට ඒවාට එවැනි සිදුවීම් වලට සම්බන්ධ උදවිය සිටිනවා වියහැකිය.මේවායේ සැබෑ අරමුණ පොලිස් පරීක්ෂණ අඩාල කර එවන් අයගේ ගැලවීම ලබාගැනීමට උත්සාහ කිරීම විය හැකිය. එමෙන්ම මෙවැනි සිද්ධීන්වලට පොදු ජනතාව පොලඹවන්නේ සමාජයේ ඉතාමත් සීමිත පිරිසක් විසිනි. ඔවුන්ගේ අරමුණ හා න්‍යායය පත්‍රය අප විසින් තේරුම් ගත යුතුය. මෙහි මෙහෙයුම් කරුවන් බොහෝවිට පොලිස් සේවයේ ක්‍රියාකාරකම් නිසා අවහිරයට පත්ව ඇති නීති විරෝධී ජාවාරම් කරුවන් ද විය හැකිය. නැතිනම් ස්ත්‍රී දුෂකයින්,ළමා අපයෝජකන්,නැතිනම් දේශපාලන අන්තවාදීන් විය හැකිය. එසේත් නැත්නම් විනාශයන් තුළින් තෘප්තිමත් වන විකෘති මානසිකක්වයකින් හෙබි අයකු විය හැක. විකෘති කාමුක චර්යාවන්ට ඇබ්බැහි වූ පිරිස්ද මේ අතර සිටිති.මෙවැනි අවස්ථාවල අප විසින් තෙවරක් නොව සියවරක් නොව දහස් වරක්ම සිතා බැලිය යුතුය. පොලිසිය පාර්ශ්වයෙන් ද ජනතාව සමඟ වඩාත් සුහදශීලී විය යුතුය. ජනතා විශ්වාසය ආරක්ෂා කිරීමට කැපවිය යුතුය. වසර 30ක භීම යුද සමය තුළ සිවිල් නීතිය ආරක්ෂා කරන්නකුට වඩා යුද පිටියට යාම අරමුණු කරගත් කෙටිකාලීන පුහුණුවක් මෙන්ම එම පුහුණුවෙන් ද වැඩි කොටසක් අවි ආයුධ පරිහරණය සඳහා කැප කළ නිලධාරියකු බිහිවීම තුළ ඇතිවන පොලිස් නිලධාරියාගේ මානසිකත්වය පිළිබඳව ද අප සලකා බැලිය යුතුය. දැන් තත්ත්වය වෙනස්ය. සෑම නිලධාරියකුටම වැඩි වැඩියෙන් සිවිල් නීතිය මහජන සම්බන්ධතාවයන් පිළිබඳ තම පුහුණුවේදී අවබෝධය ලබාදීම සිදුකෙරේ. වර්තමානයේ අසූහතර දාහකට වැඩි පිරිස් බලයක් ඇති නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස 26 කින් යුතු පොලිස් අධිකාරි කොට්ඨාස 43 කින් යුතු පොලිස් ස්ථාන 430 ක් මඟින් අප සමාජයේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට ලැබෙන්නේ මහත් පිටුවහලකි. අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගියදා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානය විවෘත කරමින් මෙරට ජනතාවට විවෘත ආරාධනාවක් කර තිබුණි. ”නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය තිබෙනවා. පොලිසියට එරෙහිව පැමිණිලි තිබෙනවා නම් අකුරට පරීක්ෂා කර ක්‍රියාත්මක වන්න සූදානම්”. ඒ ප්‍රකාශය කරන ලද්දේ මේ රටේ නායකයා පමණක් නොව ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටි ජනහිතකාමී නීතිඥවරයෙකි. එපමණක් නොව මෙරටේ මානුෂීය අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉමහත් අභියෝගයන්ට මුහුණ දුන් මානව හිතවාදියෙකි. අපේ යුතුකම ත්රිමවිධ හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ඉමහත් කැපවීම් තුළින් ලබාගත් සාමය සෑම තැනකදීම සෑම මොහොතකදීම බිඳුවකින් හෝ පළුදු වීමට ඉඩ නොතබා ආරක්ෂා කරගැනීමටයි. (වි)
විශේෂයෙන් ලංකාවේ මාධ්‍යය සම්බන්ධව විශාල සංවර්ධනයක් පසුගිය කාලය තුළ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ සිදුවුණා. මාධ්‍යය හා සම්බන්ධව වැඩි නැඹුරුවක් දක්වන රාජ්‍ය නායකත්වයක් සෑහෙන කාලයකට පස්සේ අපට රටට ලැබිල තියනවා කියලා කාටත් සතුටු වෙන්න පුළුවන්. (නි)
අනේ මේ පොලිසියේ අය්යලාට කවුරුත්ම මොනවත් කියන්න එපා.එයාලා හරි හොඳයි.පොඩ්ඩක් බීපුවාම මොකක්ද තියෙන වැරැද්ද.අනික මේ අය්යලා ඔය බේබද්දේ වගේ ගොඩාක් වෙරි වෙන්නේ බොන්නේ නැහැනේ. ලස්සනට ස්මාර්ට් එකට ඩීෂන්ට් එකට චුට්ටක් විතර ගත්තම මොකද වෙන්නේ.ඇයි මත්පැන් බොන්න අවසර දීලා තියෙන්නේ හොරුන්ට,අපාරාධකාරයන්ට,පාතාලයන්ට,ස්ත්‍රී දූෂකයන්ට විතරමද? (වි)
රාළහාමිලා කොයි වෙලෙත් ඉන්නේ බීලා තමයි. පොලිසියේ තිතට මත... (නි)
පොලිස් නිලධාරීන්ට මෙසේ සැලකීම නුසුදුය. මන්ද දශක ගණනාවක දිගු යුද්ධයකට පසුව මිනිසුන්ට මෙසේ නිදහසේ හුස්මක් කටක් ගන්න වරම් ලබා දුන්නේ පොලිසියේ හා හමුදාවේ අය එදා කරපු කැපවීම නිසා.අද අපි මෙහෙම ලස්සනට කාලා ඇඳලා ඉන්නේ ඒ පොලිසියේ හා හමුදාවේ අය අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ නිසයි... අදත් එයාලගේ භාර්යාවෝ දරුවෝ තාත්තලා අහිමිව දුක් විඳිනවා..(නු)
දැනට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්වය පිළිබඳව බොහෝ අය දන්නේ නැහැ.ජාතික ආරක්ෂාව, ආරක්ෂක හමුදා හා පොලිසිය පිළිබඳව ජංගම දුරකථන හරහා කෙටි පණිවුඩ ලෙස ජනතාව වෙත නිකුත් කෙරෙන ක්ෂණික පුවත් විසුරුවා හැරිම සදහා ජාතික ආරක්ෂාව හා මාධ්‍ය මධ්‍යස්ථානයේ පුර්ව අවසරයක් ලබාගත යුතුය.මෙවැනි ආයතනවල සේවය කරන නිලධාරීන් සම්බන්ධ විෂමචාර යටතට ගැනෙන ප්‍රවෘත්ති පවා හිතු මනාපයට පළකළ නොහැකිය. (නි)
වර්තමානයේ අප රට නැවත අගාදයකට ඇද දැමීමට අන්තර්ජාලය හා ඇතැම සිල්ලර මාධ්‍ය යොදා ගනිමින් යටි කූට්ටු කුමන්ත්‍රණ 2 ක් දියත්වන බව පැහැදිලිව පෙනේ. මෙවායේ අරමුණු නම්, 1. ආගම් අතර සමගිය බිඳීම හා 2. පොලිසිය, ආරක්ශක අංශ හා නීතිය කෙරෙහි ඇති මහජන ප්‍රසාදය බිඳවීමයි. මෙහි කොමෙන්ට් බොහෝමයක් පුද්ගලයන් එකෙකු දෙන්නෙකු විසින් විවිද නම් යටතේ ලියූ ඒවාය. ඊට උඩගෙඩි දිමට ඉදිරිපත් වීමට පෙර ඔබත් මොහොතක් තමා පල කරන අදහස් වල පසු කාලීන බලපෑම ගැන බුද්දිමත්ව සිතා බලන්න. (දී)
මෙහෙම විරෝධාර විදිහට ක්‍රියාකරලා අපේ රට සතුරු උපද්‍රව වලින් බේරා ගත්තු පොලිසියට තමයි අපි මෙහෙම චූටි දේවල්වලට කිසිම ආත්ම ගෞරවකින් රාජකාරි කරගෙන යන්න බැරි වෙන්න චෝදනා කරන්නේ. අපි කොච්චර කෙළෙහිගුණ නොදන්න පිරිසක්ද කියලා ඒකෙන්ම තේරෙනවා නේද? හරි නම් මේ අය කරපු අපහාසයට වන්දි ලබා දිය යුතු යැයි සිතමි.පොලිසියේ මහතුන්ට තිස් තුන් කෝටියක් දෙව් රැකවරණයි.(නු)
පොලිසිය රටේ අපරාධ පාලනය කිරීම ගැන වගකිව යුතුයි. නමුත් පොලිසියට පමණක් එය කළ නොහැකියි. ඒ සඳහා මේ රටේ සියළු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි. සමාජ ඒකාබද්ධතාවය නැතිව යාමද අපරාධ ඇතිවීමට එක් හේතුවක්. එසේම මත්පැන් පානය නිසා මිනිසුන් පහසුවෙන් අපරාධවලට පෙළඹීමට ඇති ඉඩකඩ වැඩියි.එම තත්වය පාලනය කිරීමට ඉන්න පොලිස් නිලධාරීන්ද එවැනි අවස්ථාවන් සඳහා යොමුවීම ඉතා අවසානාවන්ත තත්වයක් බව පළමුවෙන්ම කියන්න ඕනෑ. (නි)
අනේ මගේ රට මම මොන තරම් ආදරෙන්ද රැකබල ගත්තේ.. රට ඉවරයි........................... (දී)
කරුණාකර පොලිසියට චෝදනා කරන්න ඉස්සර වෙලා පොලිසියේ හොඳ වැඩ අගය කරන්න පුරුදු වෙන්න කියලා මා ඉතාම දයාබරව, කාරුණිකව සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.(නු)
අපරාධ හා මාධ්‍ය භාවිතය පිළිබඳ බොහෝ දේ තිබෙනවා මාධ්‍යකරුවන් විසින් දැන සිටිය යුතු.එහිදී තමන් යොදා ගන්න භාෂාව හා එය හසුරුවන ආකාරය පවා වැදගත්.අපරාධ, මිනීමැරුම්, ළමා අපයෝජන සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී යොදා ගන්නා වචන හා යෙදුම්වල ප්‍රබලතාව මගින් අදාළ ප්‍රවෘත්තිය වඩ වඩාත් ඉස්‌මතු කෙරෙන අතර නොවුණු දේ ද වූ ආකාරයට එහිදී මතු කෙරෙනවා.මේ පිළිබඳව වරක් දෙවරක් නොව සිය දහස්වර සිතා බැලිය යුතුබව මම අවධාරණය කරන්න කැමතියි. (ස)
ශිෂ්ට සම්පන්න සමාජයක ගුණ ගරුක මිනිසුන් වශයෙන් ජීවත් වන අය අන්‍යෝන්‍ය වශයෙන් සිදු කළ යුතු යුතුකම් හා වගකීම් රැසක ට බැඳී සිටින බව නොකිවමනා ය. ස්වාමිපුරුෂයකු වශයෙන් කෙනෙක් තම භාර්යාව ට හොඳින් සලකමින් ඇය රැක බලා ගත යුතු ය. යුතුකම් හඳුනන බිරියක් වශයෙන් වනිතාව වෙතද තම සැමියා උදෙසා ඉටු කළ යුතු කාර්ය භාරයක් ඇත. මෙලෙස මවුපියනට තම දරුවන් කෙරෙහි ද සිදුකළ යුතු කාර්ය භාරයක් තිබෙනවා මෙන්ම, දරුවන්ටද තම මවුපියන් උදෙසා කළයුතු කාර්ය භාරයක් ඇත්තේ ය.බීමත්කමට ඇබ්බැහි වූ අයට බොහෝ විට මෙකී යුතුකම් හා වගකීම් පිළිබඳ හැඟීමක් ඇති වන්නේ නැත. එපමණක් ද නොව, එබඳු අය අන්‍යයන් සමග කලහ කර ගන්නා අතර, තම මිනිස් කම ටද නොගැළපෙන අශිෂ්ට වචන ද භාවිතා කරමින් ඉතා අශෝභන චර්ය්‍යා අනුගමනය කරති. නින්දාවට හා අපකීර්තියට පත් වන මෙවැන්නෝ, තම දෙමව්පියන් නොහඳුනති. දූදරුවන්, සොහොයුරු- සොහොයුරියන් හෝ අසල්වාසීන් හෝ නොහඳුනති. මෙවන් චර්යා කෙළවර වන්නේ පවුල් ඒකකය තුළත්, ඉන් එහාවූ වඩාත් විශාල සමාජය තුළත් බිහිසුණු කැළඹීම් ඇති කරවමිනි. මත්ද්‍රව්‍ය භාවිතයටත්, දුම් පානයටත් එරෙහිව සටන් වැදී ඇති කණ්ඩායම් මේ දේවල් සමාජයෙන් තුරන් කිරීම අරභයා විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන අතර, ඒ සඳහා නොයෙකුත් උපක්‍රම ද යොදා ගෙන ඇත. මත්ද්‍රව්‍ය ලෝලයින් හා සුරා සොඬුන්, ඔවුන් පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා විධිමත් ක්‍රියාදාමයක් වහාම දියත් කළ යුතු ය යන්න, අපගේ කල්පනාව යි. ඒ අතර ම අපේ අනාගත පරපුර කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු විය යුතු ය. මෙම පරම්පරාවේ බහුතරයක් තවම අර අවාසනාවන්ත තත්ත්වයට පත් වී නොමැති නිසා අනාගතයේ දී එලෙස වීමට ඇති හැකියාව පහසුවෙන් වළක්වා ගත හැකි ය. මෙහිදී මූලික පියවරක් විය යුතුවන්නේ, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත් පැන් හා දුම්පානය කිරීමෙන් ඇති විය හැකි හානිකර අනිෂ්ට ඵල විපාක පිළිබඳ තොරතුරු නොයෙක් ආකාරයෙන් ප්‍රකට කිරීමයි. දේශනා මගින් හා සාකච්ඡා සමුළු පැවැත්වීම මගින්, පාසල් සිසුන්ට මේ ගැන අවබෝධයක් ලබාදිය හැකි ය. මේ සඳහා ඵලදායී සක්‍රීය පියවර හැකි පමණ ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි. නිදසුනක් වශයෙන්, ප්‍රාථමික මට්ටමේ සිට සිසුනට මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකි වැඩසටහන් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ට බල කර සිටිය හැකි ය. සිසුන් ගේ නො බිඳෙන අවධානයක් ලැබිය හැකි තරම ට මෙම වැඩ සටහන් ආකර්ෂවත් හා බලවත් විය යුතුය.මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානිය දැඩි ලෙස පිළිබිඹු වනසේ මේවා සකස් විය යුතුය. නමුත් දැන් සිදුවන්නේ මෙහි අනික් පැත්ත ය. වර්තමානයෙහි කොම්පියුටර්, අන්තර්ජාලය, පුවත්පත්, සඟරා හා සිනමාව ආදී විවිධ ජනමාධ්‍ය මගින් කුඩා අයගේ දෙනෙතට ඉතා අධිකව හා බලවත් ලෙස ඉදිරිපත් කරන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරැට් ආදිය පිළිබඳ සුබ වාදයයි. මේ භයානක උවදුරෙන් අපේ දරුවන්; අපේ අනාගත පරපුර ගලවා ගැනීම, රජයේ පරම යුතුකම හා වගකීම විය යුතු ය. (නි)
කෙහොමත් රාළහාමිලා මේ වැඩේට හරිම ප්‍රසිද්ධයි..(නු)
රටක සංවර්ධන ගමනෙදි මාධ්‍යවල කාර්යභාරයත් සුළුකොට තැකිය නොහැකියි.ශ්‍රී ලාංකික සමාජය ලෝකය සමඟ එකට ගමන් කළ හැකි ශක්‌තිමත් පදනමක් ගොඩනගමින් සිටින මේ යුගයේ ඒ සඳහා මාධ්‍යවල කාර්යභාරය වැදගත් වනවා.මේ නිසා තමයි වගකිම් සහගත බව මාධ්‍ය භාවිතයට ඉතාම වැදගත් වෙන්නේ.මෙය හුදෙක් රැකියාවක් පමණක්ම නොවෙයි කියන එක සෑම මාධ්‍යාවේදියෙකු තුළම තිබිය යුතු වෙනවා. (නි)
උගුඩුවො වගෙ රා බොන්නෙ රාළහාමිලා කියන්නෙ නිකංද?(නු)
දෙවියන්නට ස්තුති වේවා. මෙහෙම දෙයක් තියෙනවා. බොන්න දෙන්න බැහැ කියුවනම් තබරුම හෙට ඉදන් වහල තියන්න තමයි වෙන්නේ (දී)
සතියකට මිලි ලීටර 60 ක් වැනි සුළු ප්‍රමාණයක් පානය කිරීම එතරම් හානිදායක නොවුවත් සම්පූර්ණයෙන්ම නොගෙන සිටීම වඩාත් හිතකරයි. අධිකව මත්පැන් භාවිතය ශරීරයේ නොයෙකුත් පද්ධතිවලට හානි ගෙන දෙන අතර ආහාර ජීර්ණ පද්ධතියට වන හානිය ඉන් මුල් තැනක් ගනී. ආහාර ජීර්ණ පද්ධතියට වන හානි අතර ආමාශයේ ඇති වන තුවාල හා ඉන් ඇතිවන ලේ ගැලීම, බඩපපුව දැවිල්ල, ගැස්ට්‍රයිටීස් (ආමාශ ප්‍රදාහය) මින් සමහරකි. උගුර සහ ගලනාලයේ පිළිකාද ඇති විය හැක. ගලනාලය වටා ඇති ශිරා පද්ධතිය ඉදිමී ගැට ගැසීම නිසා සුළු කැස්සකට පසු වුවත් මේවා පිපිරී ලේ ගැලීමෙන්, ලේ වමනය අධිකව ඇති විය හැක. මත්පැන් පානය කිරීමේදී ආහාර මාර්ගයේ ඇතුළත ස්ථරයට වන හානි නිසා ආහාර ජීර්ණය සහ අවශෝෂණය අඩුවේ. එවිට විටමින් ඌණතා (විටමින් ඒ, බී, ඩී වැනි) සහ අනෙකුත් පෝෂණ ඌණතා ඇති විය හැක. ඒ අතර නීරක්තය / රක්තහීනතාව එනම් ලේ අඩුකමද මුල් තැනක් ගනී. අධික ලෙස මත්පැන් පානය කරන්නන්ගේ අක්මාව වටා තෙල් තැන්පත් වී ඉදිමීමක් දක්නට ලැබේ. (Fatty liver) ඔවුන්ට සෙංගමාලය එනම් හෙපටයිටීස් වැළදීමේ අවදානම වැඩිය. එවිට උණ, අධික බඩේ කැක්කුම, ඇස් කහ වීම වැනි ලක්ෂණ මතුවේ. සමහර විට අක්මාව අකර්මණ්‍ය වීම එනම් අක්මාවට තම කාර්යය ඉටු කිරීමට නොහැකි වේ. (සිරෝසිස්) එවිට අත් පා ඉදිමීම, බඩ ඉදිමීම එනම් උදර කුහරයේ ප්ලස්මාව එකතුවීම නිසා මෙසේ සිදුවේ. මෙලෙස එකතුවන දියර ඉවත් කිරීම සදහා නිතර රෝහල් ගත වීමද සිදුවේ. නැතිනම් අධිකව බඩ ඉදිමීම නිසා හුස්ම ගැනීමද ඉතා අපහසු වේ. අධිකව මත්පැන් පානය කරන්නන් අතර අක්මා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාද වැඩියි. මොවුන්ට හෘදයාබාධ වැළදීමේ අවදානමද වැඩියි. එසේ වන්නේ රුධිරගත කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමත්, හෘද ස්පන්දනය ක්‍රමවත්ව සිදු නොවීමත්, අධික රුධිර පීඩනය ඇතිවීමත් නිසාය. සමහර විට හෘදය අකර්මණ්‍ය වීමද ඇති වියහැක. එවිට හෘදයට නිසි පරිදි රුධිරය පොම්ප කළ නොහැකි වේ. ස්නායු පද්ධතියට විය හැකි හානි අතර අංශභාගය (එනම් ශරීරයේ පැත්තක් පණ නැති වීම), ඇස් පෙනීම දුර්වල වීම, කුඩා මොළය ක්ෂය වීම, මතකය අඩු වීම සහ සිහිය මද වීම, (Dementia) අත් පා දැවිල්ල, නින්ද නොයාම පමණක් නොව අනුන්ව අනවශ්‍ය ලෙස සැක කිරීම වැනි මානසික ප්‍රශ්නද පැන නගී. අධිකව මත්පැන් පානය කරන්නන්ගේ මාංශ පේශි සෛල විනාශ වීම හා දුර්වල වීම නිසා කෙණ්ඩ පෙරළීමද, කකුල්වල අධික වේදනාවක්ද ඇති විය හැක.(නු)
අනේ... පව්...(නු)
අද කාලයේ හිතේ බර සැහැල්ලු කරගැනීමේ පහසු ම ආකාරය ලෙස අපේ ඇතැම් උදවියට හිතෙන්නේ, ටික ටික මත්පැන් තොලගෑම ය. මේ ‘තොලගෑමෙන්’ මොහොතකට ‘සැහැල්ලු’ වූ හිතට පමණක් නොව ගතට ද, තවත් කාලයකදී කරදර එක් වන්නේ බරට ම ය. හිතට පපුවට හෙවත් මොළයටත්, හදවතටත් වින කරන්නට මත්පැනට ඇති හැකියාව ඉහළ ය. අධික ව සිදු වන මත්පැන් පානය හදවතට බෙහෙවින් අහිතකර ය. හෘදය පේශිවල ක්‍රියාකාරිත්වය අඩු වීමේ රෝග තත්ත්වයන්ගෙන් අඩකටත් වඩා ඇති වීමට වග කියන්නේ මත්පැන් ය. හදවතේ ක්‍රියාකාරිත්වය එලෙස අඩු වීමෙන්, වකුගඩු හා පෙණහලු ආබාධයන්ට ද ඉඩ සැලසෙන්නේ, මේ ඉන්ද්‍රියයන්ගේ රුධිර සැපයුමට ඉන් ඇති වන අහිතකර බලපෑමට අනුව ය. අධි රුධිර පීඩනය ද සටහන් වන්නේ, මත්පැන් භාවිතයේදී අත් විය හැකි අහිතකර ඵල විපාක පිළිබඳ ලැයිස්තුවේ ඉහළින් ය. මොළයට ද, ස්නායු පද්ධතියට ද, මත්පැන්වලින් ඇති වන බලපෑම ඉමහත් ය. අපස්මාර රෝග තත්ත්වයන් ද, ඇතැම් ස්නායුගත ආබාධ තත්ත්වයන් ද හිමි කරගැනීමේ ඉඩ සැලසෙන්නේ ඒ අනුව ය. ‘සිරෝසිස්’ නම් වන අකුරු කිහිපය වැඩි දෙනකුට සිංහල වදනක් වන තරමට ම හුරු පුරුදු ය. පිරිමින්ගේ ඉදිරියට නෙරා ගිය උදරයන් එදා ගම්මුන් දුටුවේ ‘රා බඩවල්’ හැටියට ය. මේ රා බඩවල්, කසිප්පු හෝ අරක්කු බඩවල් වන්නට එතරම් පරක්කු වූයේ ද නැත. ආර්ථිකය විවෘත වද්දී, තැබෑරුම ද විවෘත වූයේ තැන නොතැන නොබලා ම ය. එමඟින් වැඩි වූයේ මනස ද සිරුර ද ලෙඩ කරගැනීම සඳහා කිසිවකුට පවතින ඉඩ ය. ආමාශයේ ආසාදන තත්ත්වයන් අනුව ඇති වන වේදනාව සහ දැවිල්ල, රුධිරයේ සුදු රුධිරාණු සෛල සහ පට්ටිකා ප්‍රමාණයන් අඩු වීම, අස්ථි පද්ධතිය හා සම්බන්ධ ව ඇති වන ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වයන් ද, ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ව ඇති වන ඇතැම් පිළිකා තත්ත්වයන් ද මත්පැන් සමඟ හිමි වන ‘රෝග දායාදය’ යි. මේ සියලු ආකාරයෙන් ‘දායාද’ මත්පැන් ගන්නා සියල්ලන්ට ම ලැබෙන්නේ එක ම ප්‍රමාණයෙන් නොවන බව ද සැබෑ ය. මත්පැන් ගැනීමෙන් එක් එක් පුද්ගලයින් උරුම කරගන්නා කරදර හිරිහැර ලැබෙන ප්‍රමාණය සහ ලැබෙන්නට ගත වන කාලය එලෙස වෙනස් වනවිට, ඇතැමකු ඉන් සෑහීමට පත් වන්නට උත්සාහ ගන්නේ, බිව්වාට ඒ හැටි දෙයක් නොවන බවට සිත මොහොතකට රවටාගනිමිනි. එක දිගට ම අධික ව මත්පැන් ගන්නා අය වැඩි අනතුරකට ලක් වන බව ඇත්ත ය. එහෙත් අනතුරට ලක් වීමේ ඉඩ ටික ටික බොන අයට ද ලැබෙන්නේ, එලෙස ඇති කරගත් හුරුපුරුද්දේ ටික ටික වෙනස්කම් දිගට ම සිදු වීමේ හැකියාවට අනුව ය. සතුට, සැහැල්ලුව රඳවාගැනීම සුදුසු හා පහසු පරිසරයක් පවත්වාගැනීමේ අවශ්‍යතාව ද නිවෙසේ වෙසෙන සියල්ලන්ට ම දැනිය යුතු ය. සොඳුරු මිනිසුන් ද ගොදුරු කොටගන්නා මත්පැන් අනතුරින් බැහැර වනු සඳහා මේ අවබෝධය අවශ්‍ය ය. (නි)
අනේ පව් (ත)
මෑත කාලයේද බොරු චෝදනා වලට නිවැරදි කරුවන් වැරදිකරුවන් වීම සුලබ සිදුවීමකි, මෙය කොයි තැනත් සිදුවන ක්‍රියාදාමයකි කාර්යාලයේදී,යන එන මගතොටදී මිතුරන් හා අසල්වාසීන් දී සමග කටයුතු කරන විට මෙවැනි චෝදනා වලට ලක් වීම එතරම් ලොකු දෙයක් නොවේ. තවකෙකුට චෝදනා කරන කළ කරුණු කාරණා පිලිවෙලින් නොවිමසා තම වැරදි වසාගන්නට තවකෙකුට ඇගිල්ල දික්කිරිම මෑත කාලින දේශපාලනය ආදී තැන වල නොඅඩුව අසන්නට දකින්නට ඇත.සමහර විට ඔබට අත්විදින්නටද සිදුවන්නට පුළුවන. එය එසේ වුවද නිවැරදි බව දැනදැන චෝදනා කිරීමෙ විපාක පින්වත් ඔබට අද දිනයේ ගෙනෙන්නට සිත් විය, පෙර විපස්සි බුදු සමයේ මෙවැන්නක් සිදුවිය.දිනක් සිල්වත් භික්ෂුවක් බව දැනදැනම තවත් භික්ෂුවක් විසින් අමුලික චෝදනාවක් එල්ල කොට නින්දා කළේය.එම කාලයෙන් පසුව තිලෝගුරු බුදුන් හමුවේ එවකට සිල්වත් භික්ෂුවට චෝදනා කල භික්ෂුව සත් අවුරුදු වියේදී පැවිදිවිය. එසේම රහත් බව ලබන්නට තරම් පින්වන්ත විය.එසේ ම උපන්දා සිට මෙථුන ධර්මය යෙදී නැත.දිනක් මෙත්තිය නම් වූ මෙහෙනක් තමා දුෂණය කලේ යයි පවසමින් බුදුරජාණන් හමුවෙ බොරු චෝදනාවකට ලක්කළේය. තවද භික්ෂුන් වහන්සේලා ඉදිරියේ නොයෙක් ලාමක චෝදනා වලට ලක්වන්නට සිදුවිය. එම තත්වයට මුහුණ පැවේ දබ්බ-මල්ල පුත්ත හිමිගෙ පෙර කර්මවල ප්‍රති විපාක ලෙසිනි. මෙය අපදාන පාලියේහි දක්වා තිබේ. (නි)
බොරුවට පොලිසියට විවිධ චෝදනා නඟ අපහාස කර මඩ ගසා ඒ මඟින් රජයට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කරවීම දේශපාලන පක්ෂවල යටිකූට්ටු වැඩපිළිවෙලකි. (ස)
අවන්හල අයිතිකාරයට කිව්වද දන්නේ නැහැ මෙන්න බුදු වෙන්න ඕනෑ මිනිස්සු කියල (දී)
මත්පැන් පානයෙන් පසුව ඇතිවන හිසරදය, බඩේ අමාරු සහ අනෙකුත් ඇඟේ අමාරු මගහරවා ගැනීමට බොහෝ පුද්ගලයන් නොයෙක් ප්‍රතිකාර වර්ග භාවිතා කරති. සමහරු දෙහි, දොඩම් වැනි ඇඹුල් වර්ග පානය කරති. තවත් සමහරු වැඩි වේලාවක් ස්‌නානය කරති. මේ අතර සමහරු වමනය කරති. වේදනා නාශක ඖෂධ භාවිතා කරති. මෙම අමාරු හට ගැනීමට ප්‍රධාන හේතුව සිරුරේ ඇති ජල මට්‌ටම මුත්‍රා වශයෙන් සිරුරෙන් වැඩි වශයෙන් පහවී යැමෙන් සිරුර විජලනයට පත්වීමයි. මත්පැන් පානය කිරීමෙන් පසුව වැඩිපුර ජලය පානය කොට නින්දට යැමෙන් සිරුරේ විජලන තත්ත්වය මඟහරවාගෙන හිසරදය අවම කරගත හැකිවේ මත්පැන් පමණට වඩා පානය කිරීමෙන් රුධිරයේ මද්‍යසාර මට්‌ටම ඉහළ යයි. එවිට කරන කියන දේ අමතක වී ගොස් ලැඡ්ජා බය මුළුමනින්ම පහ ගොස් විකාර නටන තත්ත්වයකට පත්වේ. සමහර පුද්ගලයන් තම නිවෙස්‌වල යකා නටන අවස්‌ථා එමටය. අවසානයේදී සිහිමුර්ජා තත්ත්වයකට පත්වේ. දිනපතා නිතරම ටික ටික මත්පැන් පානය කිරීමෙන් මත්පැනට ඇබ්බැහි වීම ඉතාම පහසු කරවයි. ඉන් පසුව සෑම දිනකම යම් වේලාවක් තුළ උදේ හෝ සවස හෝ තමන් පුරුදු වී සිටින යම් වේලාවක මත්පැන් නැතිවම බැරිවී යන තත්ත්වයකට පත්වේ. එවිට ඔහු හෝ ඇය මත්පැනට ඇබ්බැහි වී ඇතැයි කිව හැකිය. මත්පැන් පානය නිසා සිරුර රෝගී වන අයුරු. මත්පැන් පානය කිරීම මගින් අක්‌මා සෛල විනාශ වී යයි. දවස පුරාම මත්පැන් ටික ටික පානය කිරීමෙන් අක්‌මාවට නැවත සෛල වර්ධනය කර ගැනීමට විවේකයක් ඇති වන්නේ නැත. මෙමඟින් දවස පුරාම රුධිරයේ මද්‍යසාර මට්‌ටම ඉහළ ගොස් පැවතීම හේතුවෙන් අක්‌මා සෛල විනාශ වී යැම මිස නැවත වර්ධනය වීම සිදු වන්නේ නැත. පවතින අක්‌මා සෛල විනාශ වී ගොස් නැවත වර්ධනය නොවීමෙන් අක්‌මාව ක්‍රියාවිරහිත වී ඝනවීමට ලක්‌වේ. මෙය සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියන්ටද සෘජුවම බලපායි. මෙම රෝග තත්ත්වය "සිරෝසීස්" ලෙස හඳුන්වයි. බඩ ඉදිමී ඉදිරියට නෙරා එයි. ආමාශයේ සහ අන්ත්‍රවල තුවාල හට ගනී. අක්‌මාව ඝනවීම නිසා අක්‌මාවට රුධිරය සපයන රුධිර නාළවල ඇතිවන පීඩනය හේතුකොට ගෙන ගලනාලයේ අග කොටසේ ඇති සිහින් රුධිර නාළ පුපුරා යැමෙන් රුධිරය සමඟ වමනය පිටවීමට පුලුවන ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම වගේ ඇනහිටී. බඩ පුරවා දමයි. ගල් ගැසුනාක් වැනි වේ. බට මාර්ගයෙන් ආහාර ලබාදීමට සිදුවේ. මළ මුත්‍ර පිටකිරීමටද බට යොදා ගැනීමට සිදුවේ. ඉහත රෝග ලක්‌ෂණ ඇති රෝගීන් ඉක්‌මනින් මිය යැමට පුළුවන. (නි)
දවසේ වැඩ හමාරයේ පොලිස් නිලධරයෙකුට අඩියක් ගැසිමට ඕස්ට්‍රේලියා පොලිසිය ඉඩ දෙයි වෙහෙස වි වැඩ කරන ඔවුනට මෙවැනි ප්‍රශ්නයක් නිසා ඳඩුවම් දිම වැරැදි ඔවුනද අප වැනි මිනිසුන්ය (වි)
අමාත්‍යවරුන්ට සහ දේශපාලන ලොක්කන්ට රටේ නගර පුරා තැබෑරුම් දමා ගැනිම සදහා අවසරපත් ලබා දෙමින් තිතට මත් වෙන්න අවශ්‍ය පරිසරය ගොඩනගා දැන් නිල ලෙස මත් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක් සම්පාදනය කරමින් සිටිනවාවත්ද? (නි)
ඔබේ ලොවට කිරණ වෙලා නිල් අහසේ ඉර වෙන්නම් ඔබේ ලොවට එළිය වෙලා රෑ අහසේ සඳ වෙන්නම් ඔබේ ලොවට සුවඳ වෙලා සුවඳ හදන මල වෙන්නම් මගේ දිවිය තියනතුරා සැමදාමත් ලඟ ඉන්නම්………… ඔයාලට අද සිදුවූ දේ පිළිබඳව මට හරිම දුකයි අයියේ..ඔයා ඉක්මනින්ම මෙම චෝදනාවෙන් නිදහස් වේවා කියා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.. (නි)