IMG-LOGO

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා


අටමස්ථානාධිපති හිමිට සන්නස් පත්‍රය ජනපති අතින්

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය සෙනසුරාදා (28)  සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ.

 අභිනව අටමස්ථානාධිපති නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ද සිදු කෙරේ. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍යෝත්සවයට  පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

අටමස්ථානාධිපති ධූරයෙහි වැඩවිසූ  පල්ලේගම සිරිනිවාස නා හිමිගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස පල්ලේගම හේමරතන නා හිමියෝ  තේරී පත් වුහ.

1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී උපත ලැබූ  පල්ලේගම හේමරතන නා හිමි මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාල වලින්  මූලික අධ්‍යාපනය ලැබීය. 

1968 මැයි 09 වැනිදා ශ්‍රී මහා බෝධිය අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ 1975 ජුනි 05 වැනිදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබීය. අනුරාධපුර මහාවිහාර පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පසුව මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබීය.

1977 සිට 1988 දක්වා ශ්‍රී මහා බෝධි තේවා කටයුතු බාරව කටයුතු කළ හේමරතන හිමියෝ 1982 සිට 1997 වසර දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයකු හා පරිවේණාධිපති  ලෙස කටයුතු  කළහ. ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා සිටින උන්වහන්සේ  විශිෂ්ට ගීත රචකයෙකි.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ 1988 සිට අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස වැඩ සිටිමින්  සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ.

1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ  පල්ලේගම හේමරතන නා හිමියන් 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීය. 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට පත් වූ හේමරතන හිමියෝ  එම වර්ෂයේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. 

හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුවන්වැලි මහා සෑය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ  පල්ලේගම හේමරතන නා හිමි මෙරට ආගමික පුනර්ජීවනය වෙනුවෙන් මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමකි.



අදහස් (3)

අටමස්ථානාධිපති හිමිට සන්නස් පත්‍රය ජනපති අතින්

පිටිගල මිලානෝ Thursday, 26 January 2023 11:31 AM

හිටපු අටමස්ථානාධිපතිගේ මෙන්ම මුන්වහන්සේගේද ව්‍යාපාර සාර්ථකවී පතනා බෝධියකින් අමාමහ නිවන්සුව ලඟා වේවා . පින්වතුන් අත්හරින ඉඩකඩම් යානවාහන පූජාවේවා.,,,,,!

:       4       12

namali Thursday, 26 January 2023 12:05 PM

මෙයා එකම සික්කාපදය .. කකුල් ගහන සරනන් ගච්චාමී !

:       2       9

Lalla Thursday, 26 January 2023 01:34 PM

පල්ලේගම පවුල් සමාගම. ඔක්කොම මහනායක හිමිවරු පල්ලෙගම පවුලෙ. මේක ද බුදු දහම?

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32735 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15325 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9987 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 163 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 461 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1382 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site