කොළඹ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල විහාරස්ථාන වල වැඩ වසන භික්ෂුන් වහන්සේලාගෙන් අට නමක් දිනකට සිවුර හරිතියි බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.
බලපිටිය කන්දේගොඩ මහා චේතිය පිරිවනේ පැවති බුද්ධ ශාසනික කටයුතු සහ ධර්ම සාකච්ජාවේ දී හා කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කන්දේගොඩ විමලධම්ම හිමිට අනුනායක අක්ත පත්‍ර ප්‍රදානෝත්සවයේ දී ජයසුරිය මහතා මේ බව පැවසුවේය.
ථෙරවාදී කතිකාවත ගැන මුළු රටම කතා කරන සමයක බුද්ධ ශාසනයට සම්බන්ධව මෙවන් තත්ත්වයක් ඇතිවීම මුළු මහත් සංඝ සමාජයටම බලපාන බවත් අවුරුදු අනුවක් ගත වුවත් සංඝ කථිකාවත තවමත් සමාජ ස්ස්ථාගත කිරිමට නොහැක බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපැවිදි වීම භික්ෂූන් වහන්සේලාට ඇති අයිතියක්. ඒ සදහා බොහෝ විට ඉතා සාධාරන හේතූන් පැවතිය හැකියි. බුදු රජානන් වහන්සේ හෝ එය වරදක් හැටියට පෙන්වාදී නැහැ. දිනකට අට නමක් සිවුරු හැර යනවා සේම දිනකට යම් පිරිසක් පැවිදි වන බවද කිව යුතුයි. මෙවන් දේ සදහා නීති පැනවීමෙන් හෝ බලපෑම් කිරීම මගින් සිදුවන්නේ සංඝ ශාසනය තව තවත් පරිහානියට පත් වීමයි. (ර)
දිනකට අටදෙනා ගානේ උපැවිදි වෙන්න තරම් භික්ෂූන් ලංකාවේ සිටිතියි අප නොදන්නෙමු...ඉන්නටික දෙනා හරි රැකගන්න ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නැතිව මොනවා කරත් වැඩක් නැහැ, අද භික්ෂූන් හිරේට දානවා , බෞද්ධකම ගැන කතාකිරීමේ අයිතියත් හෙට අනිද්දා නැතිකරාවී.(කෞ)
අන්තර්ජාල වෙබ් අඩවි තුල තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම දකින කෙනෙකුට මෙම පුවත අරුමයක් නැහැ.අධ්‍යාපනය ලැබීම සහ පවුලේ ආර්ථික පීඩනය නිසා පැවිදිවෙන තරුණ දරුවෝ මේ ජරාජීරණ වූ සමාජ පසුතලයේ ගොදුරු බවට පත්වෙති. සත්‍යය සොයාගිය සැරියුත් මුගලන් ආර්ය පරම්පරාව සමඟ මොවුන්ගේ බැඳීමක් නැත,(කෞ)
සම්පුර්ණ ඇත්ත අධ්යාපන ක්‍රමය නිසා තමයි ගොඩක් මෙහෙම වෙන්නේ. සමහර දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න මහන කරනවා. සමහර පළාත් වල පාසල් ඇත්තෙම නැති තරම් තිබුනත් හැතැක්ම ගානක් කැලේ මැදින් යන්න ඕනේ. (ර)
ධර්මයට වඩා අධර්මය බලවත්. (ර)
මට පෙනෙන අන්දමට මෙම තරුණ හෝ ලාබාල බික්ෂුන් වහන්සේලා මෙසේ උපැවිදි වීමට ප්‍රධාන හේතුව වන්නේ නියම පිරිවෙන් අධ්‍යාපනය වෙනුවට පාසල් අධ්‍යාපනයට සහ විස්වාවිද්යල අද්යපනයට යොමුවීම නිසා වෘර්තිය කටයුතුවලට යොමුවී මුදල් ඉපවීමට හිත යොමුවීම නිසාය. (ර)
අද්යාපන ක්‍රමය වෙනස් කරන්නේ නැතිව ඔය දේ හදාගන්න කොහොමත් බෑහෑ. පිරිවෙන් අද්යාපනය පලමුව සිංහල, පාලි, සංස්කෘත, තිබුනාම මදිද ගිහියන් කරන හෑම විෂයම ගිහියන් එක්ක අද්යාපනය කරන නිසයි ඔය තත්වයට වෑටිලා තියෙන්නේ. (ර)