IMG-LOGO

අජන්තා විජේවර්ධනගෙන් 'එහෙම නොවුනු එහෙම දෙන්නෙක්'

2016-08-02-ent-57පෙණුමින් රැඩිකල් පිරිමින් කොතරම් කොතරම් සාමාන්‍යයිද සහ කොන්ඩා කැපූ, ටැටූ ගැසූ ගැහැනියක කියා ඇය තුළ ඇති සාම්ප්‍රදායික ස්ත්‍රිය හැමවිටම ඉස්මතු වේය යන්නට අරුතක් සොයන්නේ නම් ඔවුන්ට මෙය නැරඹිය හැක. මෙම එහෙම නොවුනු එහෙම දෙන්නෙක් කෙටි චිත්‍රපටය නැරඹීමෙන් ඔබ තුළ මැවෙන චිත්‍රය සම්බන්ධයෙන් වගකීම ඔබ සතුය. ඒ තුළ වර්තමාන සමාජයේ ඉතා බහුලව දැකිය හැකි කාරණා වන ගැහැනිය තුළ වන හිමිකරගැනීමේ තන්හාවත්, පිරිමියා කුටුම්භය අත් නොහරින දරුවාගේ භූමිකාවත් එක් කර ඇත. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා අජන්තා විජේවර්ධන දරණ ඇයගේ අදහසයි.

“මගේ අදහස වුනේ අපිට ආදරය කරන අය ගැන අපි හැමෝ තුළම අවසානයේ අයිතිකරගැනීමේ ආශාවක් තියෙනවා. අපිට ඕන අයිතිකරගැනීමක්, ඒ අයිති කරගැනීම කියන කතන්දරේ ඇතුළෙ එන දෙබස් ටිකක් තමයි ඔය. බාහිරින් සමාජයේ කියන රැඩිකල් තරුණයෙක්(කොණ්ඩා වැවූ) සහ ගැහැණියක්(කොණ්ඩ කපාලා ටැටු ගහලා දෙන සම්මතයෙන් එපිට ගැහැනු ප්‍රතිරූපය) මෙහි නිරූපණය වෙනවා. සමාජෙන් එහෙම අයව කොටුවකට දානවා. ඔවුන්ට ජීවත් වන්නට අච්චුවක් සමාජයෙන් සකසනවා. ඒ දේවල් ටික සමග මගේ කතාව කියන්නයි මම මේක හැදුවේ. මේ දෙබස්ස් ටික මගේ ෆිල්ම් ක්ලාස් එකෙන් මට දුන්නා. ඒ ටිකට ෆිල්ම් එකක් හදන්නයි මට ඕන වුනේ.

පිරිමියෙකුට මෙන්ම ගැහැනියකටත් උවමනා තරම් ආකර්ෂණ තියෙනවා. නමුත් ගැහැනිය අන්තිමට ගිහිල්ලා ඒ හිමිකරගැනීමේ තැනමයි නවතින්නේ. ගොඩක් පිරිමි ගොඩක් වෙලාවට කුටුම්භය තුළ හිරවෙලා ඉන්නෙ ළමයා නිසයි. ඔවුන් එලෙස රැඳී සිටින්නට ඒක හේතුවක් කරගන්නවා. මා කතා කරන්නේ ඒ ගැනයි”

 

රංගනය

  • පබා දේශප්‍රිය
  • පාලිත අබේරත්න
  • තේජානි ශාලිකා

 

අධ්‍යක්ෂණය සහ තිර පිටපත

  • අජන්තා විජේවර්ධන

 

සංගීතය

  • පාලිත අබේරත්න

 

රචින්ත ජයවර්ධන

 

2016-08-02-ent-56



අදහස් (0)

අජන්තා විජේවර්ධනගෙන් 'එහෙම නොවුනු එහෙම දෙන්නෙක්'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site