(අනීෂා මානගේ)
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාර තුළ සේවයේ යෙදවීමට හා බන්ධනාගාර අධිකාරීවරයාට විරෝධය දක්වමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරායේ රැඳවියන් ඇරැඹු උද්ඝෝෂණය අද (22) දෙවැනි දිටත් එලෙසම ක්‍රියාත්මක වේ.
රැඳවියන් ඊයේ (21) උදෑසන 7.00ට පමණ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ පිහිටි කුලුනක් මතට නැඟ විරෝධතාවයක් ආරම්භ කළ සියයකට ආසන්න පිරිසක් ඒ සඳහා එක්ව සිටිති.
ඊයේ (21) රාත්‍රිය වන විට කුලුන මත සිටින රැඳවියන් ගී කියමින් නටමින් විනෝද වූ ආකාරයද දක්නට හැකි විය.
ඔවුන් ඉල්ලා සිටින්නේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා මාරු කරන යවන ලෙස හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් බන්ධනාගාර සේවයෙන් ඉවත් කරන ලෙසත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් කරලානම් මේ අයව බන්ධනාගාර ගත කරන්නේ නැහැනේ. එතනත් ගිහින් මේ නටන්නේ කාගේ ලොකුකමක් අරගෙනද? තවත් එස්.ට්.එෆ්. ආරක්ෂාව වැඩි කරන්න එක තමයි හොදම ක්රමය.