වී වගාවට වතුර ඉල්ලා අඟුණුකොළපෑලැස්සේ ගොවීහු අද අඟුණුකොළපෑලැස්ස මහවැලි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ. මීට එක්වූ වැඩිදෙනා ගෙවිලියෝය. සමනළ වැවෙන් උඩවලවේ ජලාශය හා චන්ද්‍රිකා වැව ඔස්සේ එවන වතුර චන්ද්‍රිකා වැවෙන් අඟුණුකොළපෑලැස්සට මුදා නොහරිතියි ගොවියෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පිරිහෙනකොට කලට වැසි ලැබෙන්නේ නෑ තමයි.. (ස)
තවත් අවුරුදු 10 ගියත් ඉන්ද්‍රජිත්ලට කියන්න වෙන්නේ ඔච්චරම තමයි..අනිත් ඔක්කොම ෆේල්.. (ස)
වතුර විදුලිය.. අධ්‍යාපනය ඔක්කොම ප්‍රශ්ණ ගොඩක.. අපි කුමක් කරමුද?(නු)
චන්ද්‍රිකා මැඩම්වත් හිටියා නම්...!(නු)
හොදයි. ප්‍රමාණවත් වතුර නැත්නම් ගන්නකෝ වයින්. (නි)
“කිසියම් කලෙකදී රජවරු ධාර්මික වෙයි නම්, එවිට රාජපුරුෂයෝද දැහැමි වෙති. රාජපුරුෂයන් දැහැමි වන විට බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වෙති. බ්‍රාහ්මණ ගෘහපතියන් දැහැමි වන විට නියම් ගම් ජනපද වැසියෝ දැහැමි වෙති. නියම්ගම් ජනපද වැසියන් දැහැමි වන විට හිරු සදු විෂම නොවී සමව පවතී. හිරු සදු විෂම නොවී සමවන විට නැකැත් තාරකා සමව පවතියි. නැකැත් තාරකා විෂම නොවී සමව පවත්නා කල දිවා රාත්‍රිය විෂම නොවී සමව පවතියි. දිවා රැය සමව පවත්නා විට මස් අඩමස් සමව පවතියි. මස් අඩමස් විෂම නොවන කල සෘතු සංවත්සර හෙවත් සෘතු භේදය සමව පවතියි. සෘතු සංවත්සර සමව පවතිනා කල නිසි දිශාවෙන් සමවාත හමයි. සමවාත නිසි මගින් හමන කල දෙවියෝ ප්‍රකෝප නොවෙති. දෙවියෝ ප්‍රකෝප නොවන කල මනා වැසි වසියි. මනා වැසි වසින කල අස්වනු විෂම නොවී සමව පැසුණු ලැබෙයි. සමව පැසුනු අස්වනු බුදින විට දීර්ඝායුෂ ඇති වෙයි පැහැපත් වෙයි, බලවත් වෙයි, ආබාධ අල්ප වෙයි.” අධම්මක සූත්රසය - දෙවන පණ්ණාසකය අංගුත්තර නිකාය මෙය අප බුදුන් වහන්සේගේ දේශනයයි. මේක බලල සමහර අය කියයි "නියගයටත් ආණ්ඩුව පළිද" කියලා. හැබැයි මතක තියා ගන්න, මිනිසා කියන්නෙත් සොබා දහමෙම කොටසක් කියලා. (නි)
ලෝකයේ හොදම රට.. අනේ ජනතාව..!!(නු)
අනේ මන්දා මේ ගැටලුවලට කවදා විසදුම් ලැබෙයිද කියලා..!!(නු)
ඉතිං රැපියල් 500 දීපු ගමන් ආයෙ ඡන්දෙ දෙන්න..!!(නු)
වරුණ මේ වගේ වෙලාවටද චන්ද්‍රිකා මැඩම්ව මතක් වෙන්නෙ.. අනේ පව්.. එයා විදුලිය කැපුවේ පැය හයයි.. විභාග නම් හරියට තිබ්බා.. බාල තෙල් ගෙනාව කියලා මතකත් නැහැ.. එතකොට තව කවුරුවත් මතක් වෙන්නෙම නැද්ද?(නු)
"ඖරිස් 2012-08-16 15:34:31 තවත් අවුරුදු 10 ගියත් ඉන්ද්‍රජිත්ලට කියන්න වෙන්නේ ඔච්චරම තමයි..අනිත් ඔක්කොම ෆේල්." සහෝදරයා, ඔයා ප්‍රතිචාර දමන්නේ මේකේ පළවෙන දේ හරියට කියවලා තේරුම් අරන්ද? (නි)
එන්න එන්නම රට විනාශ වෙනවා. අනාගතය ගැන අපට හිතාගන්න අමාරුයි. (නි)
තවම මොකුත් හිරිහැරයක් නොවිඳි (බොහෝ විට මෙරටේ පදිංචිත් නැති ) දේශප්‍රේමියෙකුට දැන් මෙසේ කීමට ඉඩ ප්‍රස්තාව ඇත. " අවුරුදු තුනකට කලින් හිටපු හැටි අමතකද? වතුර ටික නම් ඉතින් නැතිවුනත් මොකෝ... දැන් කොහෙවත් බෝම්බ පුපුරන්නේ නැහැනේ.. ඒ මදැයි.. " (ස)
සේරම අනාගෙන ඉවරයි දැන්. මම ඉන්ද්‍රජිත්ගේ අදහසට එකගයි. (නි)
ඔය කවුරු විරෝධතා පැවැත්වුවත් ඡන්දෙ ලැබෙන්නේ වෙන කාටවත්... බයවෙන්න එපා සැප්තැම්බර් අට වෙනිදට තේරෙයි.. (නු)