අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා සමග පොලිස්පති එම්.කේ.ඉලංකෝන් මහතා යාපනයට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
උතුරේ සමූහ දූෂණයට ලක්වූ දැරියගේ සිද්ධියෙන් පසු උතුරේ කලබල සංසිඳී යාමත් සමග එම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් ලබාගැනීම මේ ගමනේ අරමුණවිය.
උද්ඝෝෂකයන්ගේ ප්‍රහාර හේතුවෙන් හානියට ලක්වූ ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කරන්නැයිද නීතිඥයන්ට ආරක්ෂාව සලසා දෙන්නැයිද අගවිනිසුරු මෙහිදී පොලිස්පතිට දන්වා ඇත.
උතුරේ විනිසුරුවන්ට නිල නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් තෝරා දන්වන ලෙසද අගවිනිසුරු එම ගමනේදී අදාළ බලධාරීන්ට දැනුම්දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට කණ්ණාඩි දාගෙන කව්රුවත්මනම් නැහැ හැමෝම බලන්නේ තමන්ට පේන විදියට ප්‍රශ්නය වෙන්නේ අනුන්ට පෙන්නන්න යනවිදිය (ම)
මහානාම ගේ මොලේ ආරලා වැඩිය් වගේ, වොෂ් කරලා වැඩක් නෑ (ම)
සිරිනිමල් හා චානක මහත්වරුනි අද ඉරිදා ප්‍රධාන ජාතික පුවත්පතක මේ ගැන සම්පුර්ණ පිටු දෙකක් දාල තියෙනවා. ඒක කියවලා මාවෙත අදහස් දාන්න. මම පිළිතුරු ලියන්නම්. කොහොම නමුත් මේ රජය වෙනුවෙන් ඔහුගේ දායකත්වය අගය කරමි. (ර)
මෙතන සමහරු පාට කණ්ණාඩි දාගෙන අදහස් පළකරන බව පෙනෙනවා (නි)
සිරිනිමල් හා චානක මෙහි පසු විපරම අද ඉරිදා ජාතික පුවත්පතක පිටු දෙකක විස්තර (බ)
ඉක්මණින් මේ ගැටළුව නිමාවෙයි කියලා හිතනවා (නි)
ප්‍රශ්න දෙස අප බැලිය යුත්තේ අපිට පෙන විදිහට නොවේ , රට ට පෙන විදිහට , සහ පිළිතුරු සැපයිය යුත්තේ අපිට ඕනේ විදිහට නොවේ රට ට වැඩදායි වෙන විදිහටයි. (ත)
උතුරේ මහ ඇමති කොහෙද? (නි)
හැමදේටම කිසිම සොයාබැලීමකින් තොරව මේ රජය වෙනුවෙන් අදහස් දක්වන බුද්ධිමතුනි , දැන හෝ නොදැන ඔබ කරන්නේ ජාතික අපරාධයකි. මේ ආරම්භයක ආරම්භයක් පමණයි . අපරාධකාරයෝ අල්ලලා නීතිය ඉදිරියට ගෙනා පසු, පොලිසියට , මහජන දේපොළට හා උසාවියට පහරදුන්නේ කවුද? මහජනතාවද? මහජනතාවට එවැනි බලයක් ආරෝපණය කළේ කවුද? මේ පිටුපස සිටින්නේ කවුද? (නි)
මේ ආණ්ඩුවෙන් කෙසේ වෙතත් , අග විනිසුරු ශ්‍රී පවන් මහතා ගෙන් නම් සාදරනයක් බලා පොරොත්තු විය හැකිය. රටේ වාසනාවට , සිංහල ජාතියේ වාසනාවට , අපරාදකරුවන්ව නීතියේ රැහැනට අසු වුනා. නැතිනම් මේ අපරාධයත් අපේ ආරක්ෂක හමුදාව පිට පටවනවා. ජිනීවා ඔන්න මෙන්න තියලා මේ අපරාදය බය නැතිව කලේ හමුදාව පිටින් යවලා ජිනීවා වලට ගෙනි යන්න තමා. සුපුරුදු පරිදි අපේ කන්නාඩිකාරයෝ මේකත් මහින්ද පිට පටවන්න හදනවා. මේ අයගේ මොලේ වොෂ් කරලා තියෙන්නේ මගේ හිතේ . නැතිනම් ඕන එහෙකට මහින්ද ව හෝ ගිය ආණ්ඩුව පටලවා ගනීවිද ? (නදී)
කොහොමත් පොඩි මිනිසාට අපේ පොලිසියෙන් සාධාරනය අතීතයේ ඉටුවුණෙත් නැහැ, දැන් ඉටුවෙන්නෙත් නැහැ. ඉදිරියටත් එහෙම වෙයි කියා තමා මෙහි ප්‍රධාන චූදිතයාට යන්න ඉඩදීමෙන් පෙනීයන්නේ. ජනතාව කුපිත වුණේ අන්න එම නිසයි. (නි)
මහානාම,මේ සිද්ධිය දඩමීමා කරගන්න බලන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
සිරිනිමල් හා චානක මහත්වරුනි, එජාපය වෙනුවන් කතාකරන්න , මහින්ද හිරේ දාන්න කියන්න, පසුගිය ආණ්ඩුව විවේචනය කරන්න, නමුත් බෙදුම්වාදයට වාසිවෙන අදහස් දැක්වීමෙන් ඔබගේ බුද්ධිමත්භාවයවට කැළලක් හා රටට අවැඩක් මිස වෙන කිසිවක් සිදුනොවේ (නි)