අග විනිසුරු තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නැතැයි ද, මාධ්‍ය වාර්තා බොරු යැයි ද අගවිනිසුරුගේ මාධ්‍ය ප්‍රකාශක කියා ගත් පුද්ගලයෙක් අද (22) අලුත්කඩේ උසාවිය ඉදිරිපිටට පැමිණ කීවේය.
තමා නීතීඥ විජේසේකර කොඩිප්පිලි යැයි හඳුන්වා දුන් ඔහු කීවේ අග විනිසුරු මොහාන් පීරීස් මහතාගේ උපදෙස් මත එම ප්‍රකාශය කරන බවයි.
අගවිනිසුරුට මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින්නේ ද ආදී ප්‍රශ්න මාධ්‍යවේදීන් අසද්දී ඔහු නැවත උසාවි සංකීර්ණයට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාව ඉවත් කරන්න ඕනනම් ශිරානි මැඩම්ට කලා වගේ තමන්ට බහුතරය තියෙනවා කියා පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනත් නිත්‍යානුකුලව ඉවත් කරන්නකෝ. (නදී)
කවුද දන්නේ බලපෑමක් කරාද කියලා .මෙවන් කෙනෙක්ගෙන් වැඩ බොහොමයක් කරගන්න තිබ්බා. දැනුත් නඩු ගොඩක් ඉදිරියට තියෙනවා. (දිල්)
සමහර අය ලොකු තනතුරු බාර ගන්නේ හොඳ වෙලාවක්, නැත්නම් හොඳ නැකතක් බලාලා. අරයා, තාමත් යන්නේ නැතුව ඉන්නේ එ්කට හොඳ නැකතක් හොයා ගන්න බැරි වුන නිසාලු. අරලිය ගහ මන්දිරයේ හිටපු කේන්දර කාරයා හොයා ගන්න බැරි නිසාලු මේ ඔක්කොම ප්‍රශ්න. (අ)
මේ විහිලුව අවසන් කර ජනතාවට ඇත්ත කියලා දෙන එක ජනාධිපති සහ අගමැතිගේ ඉක්මන් කාරියක්. නැත්නම් ආණ්ඩුව හෑල්ලු වෙන එක විතරයි වෙන්නේ. (දිල්)
ජේ ආර් ක්‍රමයට අග විනිසුරු නිවසට ගල් ගසා බලනු (නදී)
යහපාලනය කෙසේ වෙතත් ආස්චර්යයේ හොර හොයලා ඉවර කරන්න තව අවුරුදු 100 වත් යාවී. (නදී)
සාමන්‍යයෙන් අගවිනිසුරු කෙනෙකුට මාද්‍ය ප්‍රකාශකයෙක් නැහැ. තිබිලත් නැහැ, දෙන්නෙත් නැහැ. සමහරවිට ඔහු වෙනුවෙන් කඩේ යන අය සිටින්න පුළුවන් ඔහු වෙනුවෙන් අදහස් දක්වන්න (නදී)
මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්නේ නැතුව විසඳගන්න පුලුවන් නම් තමයි හොඳ (නි)
ප්‍රියන්ත වෙන ලෝකයකින්ද ලගදී ගොඩ බැස්සේ...? අග විනිසුරු දීපු තීන්දු ,කරපු දේවල් වෙන කොට කොහෙද හිටියේ...? තකතීරු කතා නොකියා ඉන්නවා නම් හොඳ නැද්ද? (බ)
අබේ (ටෝකියෝ)වෙත, අගවිනිසුරු හෝ විනිසූරුවරුන් තීන්දු දෙන්නේ අධිකරණයේ සිටය. ලෝකයේ කිසිම විනිසුරුවරයකුට මාධ්‍ය ප්‍රකාශකයෙක් නැත. හේතුව වන්නේ උසාවි තීන්දු නිවැරදි වන නිසාත් වැරදි නම් වෙනත් උසාවියක් මඟින් නිවැරදි කරගතයුතු නිසාත්ය. පුද්ගලිකව උත්තර දෙන්න වෙන්නේ වැරදි තීන්දු දෙන විනිසුරුවරයෙක් සිටිනවා නම් ඔහුට පමණි. (නි)
විනිසුරුවරු අස්කරන්න මිනිස්සුන්ට බලයක් තියනවද (නදී)
අබේ ටෝකියෝ බන්දුල, යන්න අනේ යන්න බයිලා කියන්නේ නැතුව. (නි)
යන්න හිත නැහැ වගේ (නි)
යන්නේ නැත්තේ ඉන්න තැන හොඳ නිසා වෙන්න ඇති. කැමැත්තෙන් යන්නේ නැත්නම් බලෙන් යවන්නත් ක්‍රම තියෙනවා නේද? එහෙම එකක් දෙකක් කරලා බැලුවොත්, නිදහස් උත්සවයට අලුත් "මහ විනිසුරුට" ජනපති සහ විශේෂ ආරාධිත අමුත්තන් එක්ක පීටිකාවට ගොඩ වෙන්න පුළුවන්. (නදී)
මෙතුමා ඔතෙන්ට ආවේ කොහොමද කියල දන්නවද? ඒ නිසා තමා කවුරුත් මෙයාට ඉක්මනට යන්න කියන්නේ. (නදී)
දිලාන්, ලෝකේ කොහෙවත් නොවුන ඒවා තවත් මෙහෙ වෙලා තියෙනවා. ජනාධිපති ඡන්දෙන් දිනලා, අගමැතිත් එක්ක දිවුරුම් දීම. අඩු බලයක් ඇතුව ආණ්ඩු පිහිටවීම වගේ දේවල්, තවත් තියෙනවා. (නදී)
කට්ටඩියෙක් ගෙනල්ලා දුම්මල ටිකක් ගැහුවොත් නරකද? (නදී)
ආපු විදියට ගියා නම් හොඳයි වගේ (නදී)
අග විනිසුරු ඉල්ලා අස් උනොත් ඊළඟට එන අයටවත් කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න පුලුවන්ද? නීතියට අනුව නිසි කලට කරන්න (නදී)
අග විනුසුරුට මාද්‍ය ප්‍රකාශකයෙක් ඉන්න එක නීති විරෝදීද ? රටේ තියන ප්‍රශ්න මේවද? යහ පාලනයේ ලක්ෂණ මේවද?(නදී)
අග විනිසුරුතුමාටත් මාධ්‍ය ප්‍රකාශයෙක් ඉන්න බව දන්නේ අදනේ. (නදී)
ඇයි අගවිනිසුරු එක්ක යහ පාලනය කරන්න අමාරුයිද ? එයාලා කියනකොට එන්නයි මෙයාල කියනකොට යන්නයි මොකක්ද මේ පිස්සුව? (නදී)
විමල් මහත්තයෝ අස් වෙන්න කියල මිනිස්සු කෑගැහුවා විතරයි. ඔයගොල්ලන්ගේ ක්‍රමයට කුදලා ගෙන ගිහින් තනතුරෙන් පහ කර හිරේ දැම්මේ නැහැනේ. ඒ නිසා නිකන් බොරුවට බෙරිහන් දෙනන් එපා. ඔය කට නිසා මෙතෙක් මේ රටට වුන සෙතක් නැහැ. (බ)