මල්වතු පාර්ශවය දෙකඩ කිරීමට හිටපු ජනපති කටයුතු නොකළ යැයි කියනවා නම් ජනාධිපති කොමිසමක් පත්කර එය සෙවීමට තමා සූදානම් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) රඹුක්කන දී පැවසීය.
එම වරද ඔප්පු වුවහොත් ප්‍රජා අයිතිය නැතිවන කාරණයක් බවද අගමැතිවරයා කීය. අද රඹුක්කන කඩිගමුව ශ්‍රී නාගවිහාරාරාමයේ පැවැති උත්සවයකට එක්වෙමින් එසේ කී අගමැතිවරයා සංඝ පාර්ශව දෙකඩ කිරීමට බැරි වගන්තියක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන බවද කීවේය.



COMMENTS
අර තව කාගේද මන්ද ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන කියල , කව්ද අනේ ඒ (බ)
අනේ එතුමාට ඕවට වෙලාවක් නැහැ (නි)
හැම දෙකටම බොරුවට පන්සලට දුවනවා බලාගෙන ගියාම කරලා තියෙන වැඩ මේවා හොද වැඩ නෙවෙයි (හේ)
මේ රටේ සිංහල මිනිසුන් සිටිනතුරු මහින්ද මහත්තයට අභියෝග කරන්න කාටවත් බැහැ. අතීතයේ අපේ සිරිමාවෝ මැතිණියටත් ඔය කියන ටික කළා. මෙහෙම ගියොත් කිඹුලාගේ පිටේ නැඟලා එගොඩ වෙන්න ගිය සතාට වුණ දේ වෙන්නත් බැරි නැහැ. (නි)
"කේළම් කීම නරක පුරුද්දකි". දැනුත් සඟුන් බේද කිරීමක් නේද කරන්න බලන්නෙ? ඔබතුමා මොනවද මේ කරන්න හදන්නෙ? බළලුන් ලවා කොස් ඇට බෑවීම, කේළාම් කීම හා බේද කිරීම ඔබ වැනි නායකතුමෙකුගේ දින චර්යාවට නොගැළපේ. (නි)
ඕක සහතික ඇත්ත කතාවක්. අන්න ඒ එදා කළ ශාසනික පරිහානියට තමයි එතුමාට ඔය ප්‍රතිඵලය ලැබුනේ. මේක බුදුන් තුන්වරක් වැඩිය දේශය බව එතුමන්ලා අමතක කළාට, ධර්මය ආයුධයක් කරගත් අයට ඒ ධර්මය ආශිර්වාදයක් වෙන්නේ නැහැ කවදාවත්. (නි)
අගමැතිතුමනි, බොහොම හොඳ වැඩක්. බුදුදහම මහින්දට පමණක් අයිති දෙයක් වගේ තමයි. එයාගේ දේශපාලන බලයෙන් හිමිවරුන්ව අතකොලුවක් කරගෙන පනපිටින් නිවන් දකින්න දඟලනවා, ජනතාවගේ රටේ මුදල් දන්දෙමින් (නි)
අනේ හාමුදුරුවනේ, මෙයාලට කියලා දෙන්නකෝ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" යන්න (නි)
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන නීති අතීතයටත් බලපානවා නම් එය අසාධාරණයි (නි)
පුහුල් හොර කරෙන් දැනුනත් කෝටිගණන් මෙන්ම සාසනේ කාපු හොරු කරෙන් එහෙම නොපෙනේ. (අ)
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කළා වගේද කරන්න හදන්නේ.මේවා එතරම් හොද දේවල් නෙමෙයි(අ)
බොරු කියල මහින්ද මහත්තයාගේ සිංහල චන්ද කඩන්න හදන්නේ (අ)
කොහොමත් ඔබලාගේ පක්ෂයට තියෙන්නේ බොරු චෝදනා දාල මිනිස්සුන්ගේ ප්‍රජ අයිතිය නැතිකිරීමේ අතිතයක්නේ....තමන්ට අබියෝගයක් වෙන මිනිස්සුන්ගේ ප්‍රජා අයිතිය නැති කිරීම ඔබලාට උරුම දෙයක්..(අ)
88-89 කාලේ මරපු 60,000 ගැන සොයන්න කොමිසමක් දාන්නේ කවදද? (බ)
බලමු අගමැතිතුමා මිනිස්සු තාමත් ඉන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජන්දිපතිතුමා ළඟයි .ඔබතුමාලා ළඟ නෙමයි (අ)
සංඝයා බේද කිරීම ආනන්තරීය පාපකර්මයක් ලෙස ධර්මයේ සඳහන්වෙලා තියෙනවා. ඒ වගන්තියමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ. (නි)
දැන් ඊළඟට හදන්නේ සංඝයාත් බේද කරන්නද? සංඝ බේදය නම් අානන්තරීය පාපකර්මයක්. සෙනඟට බයේ සමහරු කටමැත දොඩවනවා. කොහොමත් ජනතාව එතුමා සමඟයි. (නි)
මහින්ද බයකරන්න බැහැ මේවා කියලා (නි)
කිවුවොත් බොරුවක්, කළොත් හොරකමක්. එහෙම නායකයනුත් මේ රටේ හිටපු බව දන්නෝ දනිති! (නි)
මුළු බුදු දහමත් නැතිකරලා සිංහල ජාතියත් නැතිකරන්නේ කවුද කියලා ලංකාවේම අය දැන් දන්නවා (නි)
බණ්ඩාර, ඒ නිසා වෙන්න ඇති නේද හැමදේම බෙදලත් ඡන්දෙන් පැරදුනේ (නි)
කවුරුහරි හීනෙන්වත් ඇවිල්ලා කිවුවද දන්නෙ නැහැ දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ඕකයි කියලා. (නි)
තමන් කරපු දේවල් අනුන් පිට පටවන්න නම් එපා. සංඝයාට විරුද්ධව යුඑන්පී එක කරපු/කරන දේවලුත් ජනතාව දන්නවා. (නි)
මේ ඔක්කොම තවම ඉන්නේ පැරදුන අප්පච්චි එක්කනේ. අනේ පවු කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
දෙකඩකිරිල්ලක් නම් දන්නේ නැහැ. හැබැයි 88-89 කාලය නම් අපිට හොඳට මතකයි (නි)
මහින්ද භීතිකාව උපරිමවෙලා වගෙයි දැන්නම් (නි)
21 වන සියවසේ සුපිරිම විහිළු අපි අහන්නේ දැන් තමයි (නි)
ඔබතුමා රටේ වෙන වැඩක් බලලා කරන්න. සංඝ භේදය ආනන්තරීය පාපකර්මයක්. ඒක කරපු අයනාට නරකාදියේ ඉන්න වෙන බව අපි දන්නවා. (නි)
ඔය ගමන්ම අර පහුගිය අතීතය ගැනත් හොයමු නේද? (නි)
මොනවා කියනවද මන්දා? සිංහල බෞද්ධයට ඉන්නේ මහින්ද විතරයි කියන එක දැන් පැහැදිලියි (නි)
අනේ මොකටද මහත්තයෝ මගේ කට? (නි)
ඒ ගමන මොනවද මේ කියන්නේ? (නි)
අපිට අතීතයත් හොඳට මතකයි මහත්තයෝ (නි)
මහින්ද මහත්තයා ඔය වගේ දේවල් වලට කාලය යොදවන්නෙ නැහැ. එතුමාට වැඩ තියෙනවා (නි)
බුද්ධාගම ගැන කතාකරන අයට තමන් පිළිබඳව මතකනැති වෙලාද? (නි)
මහින්ද භීතිකාව නිසා දැන් සංඝ බේදය කරන්නද හදන්නේ? (නි)
සත්‍ය වශයෙන්ම ඇත්තයි. (නි)
ගමේ උදවිය අල්ලපු ගෙදරට ගිහිල්ලා කියන අල්ලාප සල්ලාප කතා වගෙයි මෙතුමාගේ කතාත් අපිට. (නි)
බණ්ඩාර-කැකිරාව, මිනිස්සු කියනවාට වඩා සමහර මිනිස්සු කිවුවා නම් නේද වඩා නිවැරදි? අං තියන අය සිටී නම් "සම" නැතුවත් නිවැරදි බව කියන්නත් පුළුවන්. (නි)
එක එක බලපුලුවන්කාරයන්ගේ උවමනාවන්ට දෙකඩ වෙනවා නම්, දෙකඩ කරන්න පුලුවන් නම්.... තවත් මොන කතාද? (නි)
ප්‍රජා අයිතිය කෙසේවෙතත් කල්පයක් නිරයේ ඉන්න වෙන ආනන්තරීය පාපකර්මයක්. හැබැයි පක්ෂ කඩනවා තරම් විනෝදජනක නැහැ (නි)
ඔබ හරි ගයනී. ඒ චෝදනාව මෙයින්ම ඔප්පුවෙනවා. (නි)
කළකම් පළදෙන බව කියන ධර්මයක් ලොව පවතී නම් ප්‍රජා අයිතිය නැතිවීම සිදුවිය යුතුය. කෙනෙක් එය නැතිකීමට පෙර සරත් ෆොන්සේකා මහතාට සිදුවූ අසාධාරණය සිහිපත් කළයුතුය. (නි)
ඇත්තටම බුද්ධාගම ගැන කැක්කුමකින්ද කතා කරන්නේ. දැන් හදන්නේ ප්‍රජා අයිතියවත් නැතිකරලා දාන්න පුලුවන්ද කියලද? 77 ජීවත්වුණ අය තාම රටේ ඉන්නවා. ඒ වගේම 88-89 සපුගස්කන්ද පැත්තේ තොරතුරු අහපු අයත් ඇති. ඇත්තටම මහින්ද අතින් නොකෙරුණු ඒවායේ විපාක අද එතුමා අහනවා, දකිනවා. ඔය කියනදේට වඩා එතුමාට ස්තුතිවන්ත වියයුතුයි නේද? ඒ නිසා නේද ඔය වගේ කතා කියන්නේ. (නි)
ඇයි මේ අගමැතිතුමා කියන දේ බොරු කියන්නේ? අපි එ්ක දන්නවනේ. එදා නුවර කාර් රේස් පැදපු වෙලාවේ විරුද්ධ වුණා කියලා මොකද කළේ. කොමිසමකින් දඩුවම් නොකළත් සංඝ බේදය ආනන්තරීය පාප කර්මයක් (නි)
මිනිස්සු අප්පච්චි ළඟ නම් ඇයි අප්පච්චි දැන් පාරේ? (නි)
ඔය අභියෝග වලට උත්තර දෙනවට වඩා කරන්න එතුමාට වැඩ තියෙනවා (නි)
අනිත් මිනිස්සු මෝඩයෝ කියලා හිතුවද දන්නෙ නැහැ (නි)
සංඝ භේදය කියන්නේ ආනන්තරිය පාපකර්මයක් (නි)
අනේ හොද මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න ද හදන්නේ. (හේ)
ඔබතුමාගේ ප්‍රකාශය බරපතල වැඩියි නේද?(හේ)
දැන් අගමැති චතුරි කියන දේ කරවී. මේ රටේ මිනිස්සු උඩ බලාගෙන ඉඳීවි. (හේ)