(කටුනායක ටී.කේ.ජී.කපිල )
කොළඹ කොටස් වෙළඳ පොළ මගින් සංවිධානය කරනු ලබන " ඉන්වෙස්ට් ලංකා " සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හත් දෙනකුගේ කණ්ඩායමක් අද සවස සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .
අගමැතිවරයා සමග මෙම සංචාරයට එක්වූ දූත පිරිස 06 දෙනෙකි.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 348 (E.K. - 348 ) දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම වෙලාව මහේන්ද්‍රන්ට සිතාසි බාර දෙන්න. මේ කට්ටිය අතේම යවන්න තිබුන යස අගේට!
අනේ මන්දා. දැන් කටුනායක ඉඳල කොළඹට එන පාරත් වහයිද කියාලා මෙහාට ආයෝජනය කරන්න මේ කට්ටිය එක්කරගෙන එන පෙරහරේ දිග නිසා. හය දෙනෙක්ම සිංගප්පුරු ගිහින් නේ?
අර්ජුනගේ සිතාසි රනිල් අත යවන්න.
ඉන්වෙස්ට් ලංකා සමුළුවක් මම දැකල තියෙනවා. අගමැති ඇතුළු 6 දෙනෙක් යා යුතු දෙයක් නොවෙයි කියල මම හිතන්නේ.
හයක් නොවේ හැත්ත බුරුත්තම ගියාට කිසිදු ප්‍රස්නයක් නැහැ තමන්ගේ පුද්ගලික මුදල්වලින්. මතක ඇතිව අපේ මුදල් හොරා කාපු ඔහේගේ අහිසාර අතිජාතක කොහුඅඹ යාළුවාව එක්කගෙනම අවොත් ඔහෙටත් යන්තම් හරි ශේප් වෙන්න පුළුවන් .
ඔහේ සිංගප්පූරුවේ නැවතිලා මහේන්ද්‍රන් එවන්න. දෙකම රටට කරන සේවයක්...
අගමැතිතුමනි, ටිකක් හරි ගොඩ යන්න ඕනෑ නම් තරුණයින්ට රැකියා, ගොවියාට සහන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 4000 ක පඩි වැඩි කිරීමක්..., විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක පඩි වැඩි වීමක්, අවුරුදු 60 ට වැඩි සියල්ලන්ටම රුපියල් 5000 ක දීමනාවක් ලබා දී ඉක්මණින් මහ මැතිවරණයකට යන්න. නිවාස ණය සහ ව්‍යාපාරික ණය දෙන්න. පොහොර සහනාධාරය ක්‍රමවත්ව ලබා දෙන්න. හොරුන්ට දඬුවම් දීම ඉක්මන් කරන්න.
ලුම්බිණි, 6 දෙනෙක් මදියි නම් 7දෙනෙක් වෙන්න ඔයත් එකතු වෙන්න..
මේ වගේ පොඩි සමුළුවලට සාමාන්‍යයෙන් යන්නේ ඇමතිවරයා හෝ අධ්‍යක්ෂක වරයෙක්.
මේ දූත පිරිස් මෙච්චරකල් කරපු දෙයක් නම් නෑ.