(මනෝප්රිය ගුණසේකර)
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා(20) බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සඳුදා බැඳුම්කර කොමිසමට පැමිණෙන ලෙස අගමැතිවරයාට දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.
(මනෝප්රිය ගුණසේකර)
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා(20) බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සඳුදා බැඳුම්කර කොමිසමට පැමිණෙන ලෙස අගමැතිවරයාට දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ? මේ මනුස්සයා ගැනත් අහන්න දකින දේ ගැන පෙනෙන කොට කිසිම විශ්වාසයක් නැහැ. මේ හැමෝම ගැන කලකිරීමක් පමණයි අපට ඉතිරි වෙලා තියෙන්නේ .
ආර්.කේ. ට ලැබුණා වගේ ඔහුටත් එකම ප්රතිකර්මය දෙන්න ඕනෑ...
කලින් දෙන්නෙක් ගෙනල්ලා හරස් ප්‍රශ්න අහන්නේ නැතුවම යැවුවා. මෙයා ගිහින් කොමිසමේ අයගෙන් හරස් ප්‍රශ්න අහයිද දන්නෑ. බැඳුම්කර වංචාවක් වෙලාම නෑ කියලා කෑ ගහපු කෙනෙක්නේ ඔය. රටේ දෙවැනි පුරවැසියා ඔහොම හොරාකන්න උදව් කරනවා නම් මෙයා විධායක බලය ගත්තම කොහොම තියෙයිද?
කේන්දරේට අනුව සඳුදා අපල නිසා යන එකක් නෑ.
මීළඟ පාර්ලිමේන්තුවට අපි කවුද යවන්නේ කියලා? හොඳින් අධ්‍යයනයක දැන් ඉඳලම යෙදෙමු. දූෂණය පිළිබඳ චෝදනාවක්වත් නැති අය පක්ෂ, පාට නොබලා යවමු. එවිට අවංක දේශපාලකයින්ගෙන් සැදුණු සංධානයකින් රට පාලනය වෙයි. ඉතාලියේ දර්ශන හඳුන්ගොඩ මහතාගේ බ්ලොග් සටහන් යූ ටියුබයෙන් බලන්න. එහි ඔහු ලංකාවේ දේශපාලනය පිළිබඳව බොහොම අපක්ෂපාත විග්රහයක යෙදෙනවා.
වැඩක් නැහැ ආඳා වගේ ලිස්සලා යන එකයි කරන්නේ...
ඕක තවත් එක බොරු රඟපෑමක්. විදේශිකයකුට මහා බැංකුවේ අධිපතිකම දුන්න හේතුවම ඇති ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න...
කලින් වගේම ඕකෙනුත් නිකම්ම බේරිලා යයි.
අගමැතිතුමනි, ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු.., ඔබ මහා බැංකුවේ අධිපති ලෙස සිංගප්පුරුවේ පුරවැසියෙක් තෝරාගත්තේ ලංකාවේ සුදුසුකම් කුසලතා ඇති පුරවැසියන් නොමැති නිසාද? පත් කිරීමෙන් පසු ඔහුගේ රාජකාරි කටයුතු ගැන අධීක්ෂණය කලේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවූ පසු ඔබ ඔහුට රැකවරණය සැලසුවා නේද? ඊළඟට මේ ප්රශ්නය මතුවූ අවස්ථාවේ ඔබ පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා වන පරදි ලොකු ප්‍රකාශයක් කළා නේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ බිලියන 59 පාඩුව අය කරගන්නේ කෙසේද? ඔබ නිසි අවධානයෙන් කටයුතු කලේ නැති බව ඔප්පුවේ. තම ගජමිතුරාට එවැනි මංකොල්ලයක් ගැන චෝදනා තිබියදීත්, අගමැතිවරයා කළේ කුමක් ද? ඔහුගේ මහබැංකු අධිපතිධුර කාලය දීර්ඝ කිරීමට සැරසීමයි. තම ගජමිතුරකු වුවත්, චෝදනාවක් ලැබුණු පසු, ඒ ගැන සාධාරණ පරීක්ෂණයක්වත් නොපවත්වා, හොරුන් රකින පිළිවෙතක සිටියේ ය. අද ජනාධිපති කොමිෂන් සභාවේ හෙළි වී ඇති තොරතුරුවලින් මේ අවලස්සන මංකොල්ලයේ හැටිසොබාව ගැන මුළු රටම දනියි. එහි අවසාන ඇඟිල්ල දිගුවන්නේත්, දිගු විය යුත්තේත් අගමැතිවරයාට බව අලුතෙන් කිවයුතු නැත.
ඔය විදියට නම් වැඩ කරන්නේ අනෙකුත් අය පිළිබද කවර කථාද? දූෂිතයෙක් නොවන්නෙක් රටේ හොයන්නම නැතිනම් ආනයනය කරන්නයි වෙන්නේ. හොද අවංක තරුණ නායකත්වයක් පිළිබද විශ්වාසවන්ත ඉගියක් නම් තියනවා. අනාගතයේදී බලමු. දැන් මේ ලොවේ අපි ඡන්දෙ දෙන්නේ කාටද කියන එකයි ප්‍රශ්නේ.
හොරකම් කරලා කාලය කා දමන පිරිසක් අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලු දෙකම නෑ............
බැඳුම්කර වංචා සිද්ධිය නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන විශ්වාසනීයත්වයට පිළිසකර කරගත නොහැකි තරමට හානි පැමිණ තිබේ. ඒ සිදුවීමෙන් පසු ජනාධිපතිතුමාද ඉතා අසරණභාවයට පත් වී ඇත. රටේ පාලකයින් සහ හිටපු පාලකයින් මංකොල්ලකරුවන් ලෙස රටේ සම්පත් මංකොල්ල කෑම නිසා දේශපාලකයින් කෙරෙහි ජනතා විස්වාස බිඳ වැටි ඇත. රටට ආදරය කරන ශක්තිමත් නායකයෙක් සහ කණ්ඩායමක් බිහිවන්නේ කවදාද?