සාමාන්‍ය සම්ප්‍රදාය නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අගමැති වීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
ඊළඟට අගමැති වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදියකු විමසීය.
ඔහුගේ වම් පසින් වාඩි වී සිටියේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
‘සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තමයි ආණ්ඩුවක් පිහිටවූ විට අගමැති වෙන්නේ. ඇයි මගේ වම් පැත්ත බලන්නේ නැත්තේ.‘ යැයි යාපා මහතා සිනා සෙමින් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීනයක් නේද ? (ස)
2016 අප්‍රේල් දක්වා ඇති රජයේ..... (ම)
මහින්ද එළවලා මෝඩ ගොන් රැලක් තමයි රට පාලනය කරන්න හදන්නේ .ඉදිරි වසර 5 තුළ රට විනාශ වෙනවා ස්ථිර යි .අනේ අපේ සිංහල මෝඩයෝ කරගත්තු අපරාධයක මහත (බ)
අගමැති තනතුර අහෝසි කරලා ජනාදිපති පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයකට ගියානම් වියදමත් අඩුයි, ප්‍රශ්නත් අඩුයි. ජනතාව ජනාදිපතිවරයා සහ මන්ත්‍රීවරුන් තෝරනවා. ජනාදිපතිවරයා විසින් ඇමතිවරු තෝරනවා. (නදී)
මෙයා අපිට සම්ප්‍රදානය උගන්වන්න එනවා. එතකොට සුළුතර බලයක් තියෙන පක්ෂයක නායකයෙක් අගමැති උනේ මොන සම්ප්‍රදානයටද? මේගොල්ලෝ අදුරේ අත පත ගානවා. (ර)
කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕවට තමා. (ර)
මාර වැඩේ ,ඒ කියන්නේ මහින්ද මහත්තය නෙවෙයිද මී ලඟ අගමැති...! (නදී)
අගමැති වෙන්නේ බහුතරයෙන්. විපක්ෂ නායක වෙන්නේ සුළුතරයෙන්. විපක්ෂ නායක අගමැති වුණොත් එතකොට විපක්ෂ නායකයෙක් කෝ? (නි)
අපි දෙන්නම්කො ඡන්දෙ තරු පෙනෙන්නම. (නි)
නියමයි.රට කරනකොට කොහොමට හිටියිද මන්දා (නි)
අපි දෙන්නම්කො ඡන්දෙ තරු පෙනෙන්නම. (ස)
කවුරු අගමැති වුණත් දැන් මහ ජාතිය කැලේ. (නි)