තම වාසි සඳහා ආසියාවේ සම්පත් බහුල රටවල් අස්ථාවර කිරීමට බටහිර ඇතැම් ධනපති රටවල් කැස කවන බවත් මිෂරය, ඉරාකය ඇතුලු රටවල සිදුවන දේ නොපෙනෙන ඇතැම් ධනපති රටවල් යුද්ධයේ අවසන් දිනවලදී ශ්‍රී ලංකාවේ සීදුවී යැයි කියන අපරාධ ගැන ලංකාවට ඇඟිල්ල දිගු කරන බවත් දි.මු. ජයරත්න අගමැති රත්නපුර බටුගෙදරදී අද පැවැසීය. නබිනායක දිනය නිමිත්තෙන් පැවැති රැස්වීමකදී අගමැතිවරයා එලෙස සඳහන් කළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කියන දේ හෙට ඔබතුමාට අමතකයි..
රැස්වීමකට ගියාම මොනවා හරි කරන්නත් එපායැ..
කතාව ඇත්ත.. ඒ අබියෝගයන්ට ලංකාව සූදානම්ද?
මෙතුමාගේ ප්‍රියතම මාතෘකාව පාන් පිටි නේ. වෙනසකටත් එක්ක මෙහෙම කියන එක හොදයි..
ඉතින් "තඹ නැත්නම් රිදියෙන්" ගහලා,එයලාට ආරාධනාවක් යවමුද?
ඔබතුමා දැන් හිටිය ඇති. අපට ඕන තරුණ නායකයෙක්..
වැල යන පැත්තට මැස්ස ගහනවා හැර උඩුගම් බලා පිහිනන එක මෝඩ වැඩක් අගමැති තුමෝ. එක නිසා දැන්වත් ඔය කතා අතහැරලා බටහිර පොහොසත් රටවල් ටික යාලු කරගන්න බැලුවොත් නරකද? එහෙම උනොත් ඔය යුද අපරාධ ගැන කතා කරන අයගේ කටවල් වැහෙනවා. අපිට රුසියා,චීන,ඉන්දීය, හෝ ඇමරිකා, ප්‍රංශ, කියන මොනම ගොඩකටවත් වැටෙන්න ඕනේ නැහැ. අපි ඔය හැම රටක් එක්කම යාලු වෙන එක තමයි හොදම වැඩේ. එක නිසා ඔය බටහිර රටවලට බනින එක නතර කරමු.