(රංජන් කස්තුරි)
ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුරුසම්ගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගුරු හා විදුහල්පති වෘත්තීය සමති සංධානය ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම එමගින් ඉටුවන බව ද ස්ටාලින් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ කොකා පෙන්නයිද ?
මුලින්ම දෙන්නනේ තිබුණේ.. තවත් අනා ගැනීමක්... ගොන්ම ගොන් ආණ්ඩුවක්....
එක බිල්ලක් පූජාකරලා...
අපේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක්... ගුරුවරයා සතුටින් නම් තමයි 100% ළමයාට ලැබෙන්නේ...
මේකයි ඉතිං වෙන්නේ... පඩි වැඩි කරා වගේම අනිත් පැත්තට අහස උසට බඩු මිල වැඩි වෙන එක නම් නවත්තන්න වෙන්නේ නැහැ... ඔය වැඩි කරන ඒවාට හිලව් වෙන්නේ අහිංසක දූගී දූප්පත් කුලී වැඩ කරනා මිනිසාගේ දුක තමයි...
අය වැය පරාද වෙයි කියලා වෙන්ඩැති...
මගේ මතකය අවුල්ද කොහේද? ගියපාරත් ඔය විදිහටම තිබුණු සාකච්ඡාවකින් පස්සේ සාකච්ඡා සාර්ථකයි කියලා කිව්වා වගේ මතකයි...
ජයවේවා..., සටනින් තොර ජයක් නැත.
එහෙනම් සර්ලත් රැවටුණාද? දැන් නිකන් පුස් වෙඩිල්ලක් විතරයි...
කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳීම සතුටට කරුණක්. ඒ වගේම ස්ටාලින් මහතාත් දැනගතයුතු කරුණක් තියෙනවා. ඒ තමයි දෙවිවරුන්වන් ගුරුවරුන්ව මින් ඉදිරියට මේවැනි වැඩ වර්ජන සඳහා යොමු නොකිරීමට වගබලා ගැනීම... සටන අද දිනුවත්, ඇතැම් දේශපාලන අඳබාලයින්ගෙන් ගුරු විදුහල්පති සේවයේ දෙවිවරුන් ලැබූ නින්දා අපහාස වලින් සිදුවූයේ, සුළුපටු හානියක් නොවේ...
වසර 50ක දේශපාලන අත්දැකීම් ඇති මානව හිතවාදියෙක් පොරොන්දුවක් වුණානම් ආයේ විශ්වාස නොකර පුළුවන්ද?