(ටී.කේ.ජී.කපිල )
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස සිංගප්පූරුවේ පැවති කොළඹ කොටස් වෙළඳ පළ මගින් සංවිධානය කළ " ඉන්වෙස්ට් ලංකා " සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව අද (02) රාත්රී 9.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්රී ලංකාවට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ආයෙත් ශ්රී ලංකාව බැලීමට ඇවිත්. සාදරයෙන් පිළිගන්නවා අපේ රටට....
අනේ තනියමනේ ඇවිල්ලා තියෙන්නේ කෝ අර්ජුන් මහේන්ද්රන්?
නතර නොවී ආපු එක කොයිතරම් ලොකු දෙයක්ද? යාළුවා හම්බ වුණාද? මෙහෙ ඉන්න කඩප්පුලියෝ කියන කතා ගණන් ගන්න එපා. සමහරු කියනවා ඔන්න පැන්නා කියලා. සමහරු කියනවා යාළුවා හම්බ වෙන්න ගියා කියලා. මේ කටවල් වහන්න බැහැ. අර එක්කෙනෙක් වැසිකිළියට ගියාමත් එකඑක කතා කිව්වේ...
අර්ජුන් මහේන්ද්රන් මොකද කිව්වේ අගමැතිතුමෝ?
විශ්වාසනීය යාළුවා එක්ක ආවේ නැද්ද? ඌ නිකම් වත් බේරලා යවපු කෙනාව බලන්නවත් අාවේ නැතිද? "ඉන්වෙස්ට් ලංකා" තව රටකන හොල්මන් ටිකක් අරන් අාවා නම් ඉතුරු අවුරුදු දෙකේ මෙයාගේ කොන්ත්රාත් එකේ රට විකුණන වැඩේ සම්පූර්ණ කළහැකියි. මොකද අර නමට ලොක්කා ඕන වැරද්දක් දකින්නේ සිද්ධියෙන් පස්සේ පත්තරෙන්නේ...
එයාගේ හොඳම යාලුවො දෙන්නත් (මලික්, සාගල) ගියාද ?
එතකොට අරයව එක්කන් ආවද? නැද්ද?
අගමැතිතුමනි, අර්ජුන හමුවී කළු කෝපි බිව්වද?
තනියමද ආවේ... මහේන්ද්රන් යාළුවා එක්කගෙන ආවේ නැද්ද?
අර්ජුන මහේන්ද්රන් මුණ ගැහුනේ නැතෙයි?
අරයා සනීපෙන් ඉන්නවද අගමැතිතුමනි..?
අගමැතිතුමා මෙච්චර ප්රශ්න තියෙද්දී නීතිය හා සාමය ලැබුණා විතරයි. ඔක්කොම පැත්තක තියලා ගියා සිංගප්පූරු. අර්ජුන් මහේන්ද්රන් අතුරුදන්. ඉතිරි ටික හිතාගන්න.
අරයා හමුවුණාද දන්නේ නෑ?
මෙයා ගියේ අර්ජුන්ව හම්බවෙන්නයි... නැතුව වෙන දෙයකට නෙමෙයි.
බය කියන දෙය අහලවත් නැති, මහජන නියෝජිතයා.. අතීසාර මිත්රයාව කන්කෙටියෙන් අල්ලාගෙන පැමිණ ඇතිබව සතුටින් දැන්වීමට කැමැත්තෙමු.
කොහොමද...යාලුවා හම්බ වුණාද? සනීපෙන්ද?
කෝ ලොකු මහත්මයා..? ඔබතුමා ඡන්දෙට කලින් පොරොන්දු වුණු "කඩු සටන", ඔබතුමා කඩුව රනිල්ට දුන්නම එතුමා "කඩුව බටේ දමාගෙන" ලෝකේ වටේ ඇවිදිනවා.
ගිය පයින්ම අාපසු එන්නේ යාළුවා නැති නිසාද?
ඇයි ඉතින් ඉන්වෙස්ට් කරන්න දෙයක් නැහැ. සිංගප්පූරුවෙන් ඇවිත් මහ බැංකුවම ඉන්වෙස්ට් කරලනේ තියෙන්නේ.. තව අවුරුදු 2යි තියෙන්නේ. ඉතුරු ටිකත් සුද්ද කරන්න.
මහ බැංකුව හොරා කාපු එකට ප්රශ්න කරන්න අගමැතිගේ ගජ මිතුරු අගමැති රෙකමදාරු කරපු හිටපු මහබැංකු අධිපතිව ගෙන්නා ගන්න පොලීසියෙන් කූරියර් අතේ සිගප්පූරුවට සිතාසි යවනවා. අගමැති සිංගප්පූරු ගිහින් ලංකාවට අායෝජන ප්රමෝට් කරනවා. මෙහෙමත් විහිළු ලෝකේ තියා ලොවි ගහෙත් නැහැ. අද කාලේ චීන්නු කොණ්ඩේ බැඳපු මෝඩයො නෙවෙයි. අපි බදු ගෙවනවා. අගමැති අායෝජන හොය හොයා අපේ සල්ලි ගිලිනවා.
මිනිහා තාම මගුල් කනවද?
මෙයා සිංගප්පූරුවෙන් ගෙනාපු ලොකුම ආයෝජනයෙන් අපි කාපු හරිය ඇති...