ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කරන තුරු ජනාධිපති මැතිවරණ පනත ක්‍රියාත්මක වන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කියයි.
අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ පසු වත්මන් ජනපතිගේ ධුර කාලය අවසන් වන බවත්, ඉන් පසු ආණ්ඩු ක්‍රව ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි.
ජනපති ලෙස තේරී පත්වූ පුද්ගලයා දෙසතියක් ඇතුළත අගවිනිසුරු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු යටතේ දිවුම් දීමෙන් පසු ධුර කාලය ඇරැඹෙන බවත් සිල්වා මහතා පවසයි.
අලුතින් පත්වන ජනාධිපති අගමැතිවරයා ඉවත් කිරීමෙන් සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම විසිරැවෙන බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතන තම බඩ ගැන නොහිතන උගත් බුද්ධිමත් ,සියළු ආගම ජාතීන් නියෝජනය වීමක් තිබුනොත් වැඩ හොඳ වේවි ,(හේ)
ඉන්දියාවේ වගේ අපේ රටටත් හොඳ ආදර්ශයක් දීලා පටන් ගන්න. (ර)
හොද බුද්දිමත් නායකයන් දෙදෙනකුගෙන් අපි බලාපොරොත්තු වන්නේ නිහතමානී උගත් රටේ සමස්ත ජනතාව ගැන හිතන සියලු ආගම් සියලු ජාතීන් සියලු පක්ෂ නියෝජනය කරන කැබිනට් එකක් 25 කට නොවැඩි හදනු අැති බවයි (නදි)
ජනරාල් තුමාට සාධාරණය ඉටුකරමු. (ර)
හැම දෙනාම එකතු වී රට හදමු. මේ අපේ රට. අපේ රට අපි හදාගමු. (ර)
නුගතුන් විසින් උගතුන් පාලනය වන කැබිනට් එකක් බිහි නොවේවා (නදී)
හැම අමාත්‍යංශයකම, විද්වත්, දේශපාලනයට සම්බන්ධ නැති උපදේශක මණ්ඩලයක් පත් කරන්න. හැම තීරණයක්ම ජන මාධ්‍ය දැන ගත යුතුයි.! (ර)
ජනපතිදුනි, දුෂිත අැමතිවරුන්ට තනතුරු දෙන්න එපා. එහෙම කළොත් එය ඔබ ගමන් මගේ අවසානයයි (නදී)
අපේ නව අගමැති තුමාට හොඳ බුද්ධියක් තියෙනවා. එතුමා හරි තීරණය ගනීවි (නදී)
උගත් මන්ත්‍රීවරුන් පිරිසකට සුදුසු තනතුරු ලබාදෙන්න (නි)
ඔය කැබිනට් මණ්ඩලය නම් පුළුවන් ඉක්මනට විසුරුවන එකට නම් අපි කැමතියි. (නි)
එක අවුරුද්දක් බලමු (නදී)
පොදු තීරණයක් ගන්නාවිට මහජන මතය විමසීමක් කළොත් හොඳයි (නි)
ශාන්ත සහ නිලන්ත බන්දුල විකාර කියවයි. ඔය හිටියා ඇති නඩය. පුළුවන් ඉක්මනට යවන්න තමයි ඕනේ. (නදී)
ඔබතුමා ළඟ ඉන්න අයත් සමග තරුණ පිරිසක් එකතු කරගෙන පටන් ගනිමු. තරුණ පිරිස් වලට තවම දේශපාලන අත්දැකීම් නැහැ. එ් නිසා දේශපාලනය ගැන දන්නා අයට පමණක් කන්දෙන්න. (නදී)
වැරැදි කරපු මිනිසුන්ට මොකද්ද වෙන්නේ (දිල්)
සුදුස්සාට සුදුසු තැන දෙන්න (දිල්)
උගත් ඇමති මණ්ඩලයක් පත් කරමු. (ර)
දුෂිත ඇමැතිවරු ඔක්කොම ඉවත් කර, අවංක අය පත් කරගෙන රට ඉදිරියට ගෙන යමු. (ර)
සංඛ්‍යාව අඩු කරන්න. (ර)
කරුණාකර, උගත් බුද්දිමත්, වංචා දූෂණ වලින් තොර අය පමණක් කැබිනට් එකට ගතයුතුමයි. විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුනෙන් කිහිපදෙනෙක්ම අත්‍යවශයි. (ර)
බලාපොරොත්තු උන වෙනස දැන් ලැබී ඇත. (ර)
ජනතා විමුක්ති පෙරමුණටත් වටිනාකමක් දිය යුතුයි. ඔවුන්ගේ අදහස් අද කාලයට හරියන රටට වටින ඒවා. (ර)
කැබිනට් මණ්ඩලයට යහපත් බුද්ධිමත් අය ඉදිරිපත්කරයි කියා හිතනවා (නදී)
එදා සිල්වා මහත්තයාගේ තීන්දු ගැන බලන විට අද කරන ප්‍රකාස කොයිතරම් ගැලපෙනවද කියල දෙපාරක් හිතල බලන්න. (නදී)
පළමුව වංචා දූෂණ කොමිෂමක් පත්කර දඩුවම් දෙන්න.(හේ)
අපිට ඕනෑ හොඳ බුද්ධිමත් කැබිනට් මණ්ඩලයක් (නි)
ඇමැති කමට සාමාන්‍ය පෙළ සමත්ද කියලවත් බැලුවොත් හොඳයි. ලංකාවේ කම්කරුවෝ ගනිද්දීත් බලනවනේ එ්ක (නදී)
රටට ඔරොත්තුදෙන විදියට කැබිනට්ටුව හැදුවොත් රට ගොඩ. (නි)
අපේ නව ජනාධිපතිතුමනි, වෙන කිසිම කෙනෙක් ගන්න එපා. ඔබතුමා ළඟ ඉන්න අයත් සමග තරුණ පිරිසක් එකතුකරගෙන පටන් ගනිමු. අපේ රටේ නීතිය අකුරටම ඉටුකරන්න. වැරදිකළ සියලු දෙනාට නීතියෙන් දඩුවම් කරන්න. මැතිතුමනි. අපේ ජනාධිපතිතුමට සුබ අනාගතයක්! (නි)
ශාන්ත මහතාගේ අදහස බොහොම වටිනවා . (නි)
අළුත් ඇමති මණ්ඩලයට ඒ ඒ විෂයයන් ගැන අවබෝධයක් ඇති අය දැම්මොත් ගොඩක් හොඳයි (නි)
රටේ දැන් පිඩා විදින ජනතව ගැන මුල්ම අවදානය ඔබතුමා යොමුකරන්න. හොද පාලනයක් වගේම ජීවත් වෙන්න ආහාර මත බදු අඩුකරන්න. ඔබතුමාට සුබ පැතුම්! (අ)
සාකච්ඡාවක් තුළින් සියලු දෙනාගේ ( විපක්ෂයේ ඔබ සමඟ සිටි) අදහස් විමසා තීරණ ගන්න.කැබිනට් එක හැකි විගස අඩුකොට අවම ප්‍රමාණයකින් පාලනය කිරීමට සළස්වන්න. (නි)
හොඳට අවධානය යොමුකර තීරණ ගන්න. ඔබ ගන්නා තීරණ රටේ අනාගතේ තීරණය කරේ ඔබතුමාට සුබ පැතුම්. (අ)
පළමුව රටේ නීතිය,දෙවනුව ව්‍යවස්ථාව,ඉක්මනින් සැකසිය යුතුයි (නි)
ඔබතුමාට සුබ පැතුම්! (නි)
හදිසි නොවී හොඳින් හිතාබලා ඔබේ පාර්ශ්වයේ සියලු කණ්ඩායම් සමඟ සාකච්ඡා කර සුදුසු විදිහක් කරන්න (නි)
ඔබ කැබිනට් එක ගැන තමයි සියල්ලටම පළමු තීරණයක් ගන්න ඕනෑ (නි)
වැරදි තීරණ නොගන්නට ශක්තිය ලැබේවා කියා පතමි (නි)