විෂය දේශනවලට 80% ක පැමිණීමක් නැතැයි කියමින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 1000 කට පමණ සයමාසික අනිවාර්ය විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අත්හිටුවා තිබේ.
දේශනවලට සහභාගී වීමේදී 80% ක පැමිණීමක් නොමැති කිසිදු සිසුවෙකු හට සය මාසික විභාගයෙන් එම විෂයට පිළිතුරු ලිවීමට අවසර ලබා නොදීමට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එන්.නාජිම් මහතා නියෝග කර ඇති බවත් මෙනිසා මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී ඇති බවත් අග්නිදිග සරසවියේ ආචාර්යවරයෙකු සදහන් කර සිටියේය.
කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂාන් ධනුෂ්ක සඳහන් කර සිටියේ උපකුලපතිවරයාගේ මෙම තීරණය සිසු අයිතිය උල්ලංඝනය කරන තීරණයක් බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.එම්.එන්.නාජිම් මහතා සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදීම උත්සහා කළත් එය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සේවය කරන සරසවියේ පැමිණීම වාර්තා කරන්නේ ඔන්ලයින් ක්‍රමයක් මගින්. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඕනෙ වෙලාවක තමන්ගේ පැමිණීමේ වාර්තාව බලාගන්න පුළුවන්. එය 90% වඩා අඩුවුනොත් අනතුරු ඇඟවීමක් කරනවා. එය දෙමව්පියන්ගේ ජංගම දුරකතනයටද යනවා. පැමිණීම 80% වඩා අඩුවුනොත් ස්වයන්ක්‍රීයව අදාළ පුද්ගලයා අදාල විෂයයෙන් ඉවත් කරනවා. (බ)
සිසු අයිතීන් සයිටම් වලට විතරයි. (බ)
තමන්ටත් රටටත් වැඩක් නැති පිරිසක්. (නි)
කාට කාටත් මේවා හොඳ පාඩම්
කට්ටියම අන්තරේ වැඩ වලට යන්න ඇති දේශන වලට යන්නේ නැතුව. (ර)
සිසුන් ට කැමති වැඩ කරන්න ඉඩ දෙව් ..! (බ)
ඔතන සිසු අයිතිය කිව්වේ දේශන වලට නොපැමිණීමද....? ඒකත් හරි තමයි (නි)