ශ්රී ලංකාවේ නීතිපති ධූරය පිහිටුවා වසර 130 පිරීම නිමිත්තෙන් අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියා රටවල නීතිපතිවරුන්ගේ සමුළුව සඳහා අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී වී නොසිටියේය.
මීට පෙර සඳහන් වූයේ අග විනිසුරුවරයාට ආරාධනයක් යවා තිබූ බවයි. එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අග විනිසුරු මෙම උත්සවයට සහභාගී වීමට විරෝධය පළ කර ප්‍රකාශ නිකුත් කර තිබිණි.
මේ නිසා අග විනිසුරු මෙම උත්සවයට සහභාගී නොවන්නේ නම් තමන් සතුටට පත්වන බවට නීතිපති යුවන්ජන් විජයතිලක මහතාද නිවේදනයක් නිකුත් කළේය.
ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහ රෑ අග විනිසුරු ජනපති නිල නිවස වන අරලිය ගහ මන්දිරයට ගොස් සිටියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හමුවිය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අග විනිසුරු සමුළුවට නෑ
තිලින Monday, 19 January 2015 11:36 AM
නීත්‍යනුකුල අගවිනිසුරුවරයෙක් භාර ගන්න අපි ලැහැස්තියි. එ්ත් විධායකයේ පෞද්ගලික ඕන එපාකම් පිරිමහගන්න දාපු නුසුදුස්සෙක් අපේ අධිකරණයට ඕනේ නෑ. සම්පත්, චන්ද්‍ර, පසුබිමේ යථාර්තය දැනගෙන හරියට කතා කරන්න. (නදී)
සමන්ති Monday, 19 January 2015 02:21 PM
හිතට එකගව අයින් වුනානම් හොඳයි නේද ? (නදී)
සම්පත් ශ්‍රී Monday, 19 January 2015 09:12 AM
පාකිස්තානේ එදා උන දේම අද ලංකාවෙත් කරන්න මේ නීතිය කරන අය හදන්නේ. මෙයාල හිතා ගෙන ඉන්නේ නීතිඥයෝ කියන්නේ රටේ ඉන්න වැදගත්ම අය කියලා (නදී)
කුමාර Monday, 19 January 2015 09:18 AM
නියමයි ! (නදී)
සම්පත් Monday, 19 January 2015 09:22 AM
පාකිස්තානේ වගේ මෙහේ ආණ්ඩු අස්ථාවර කරන්න මෙයාලට ඉඩ දෙන්න නරකයි .(හේ)
චන්ද්‍ර Monday, 19 January 2015 09:53 AM
නීතිඥයා අධිකරනයට බලපෑම් කරන එක හොඳ නැහැ . එතකොට කොහොමද අග්‍ර විනිශ්චකරු ස්වාධීනව ඉන්නේ. මේක වැරදි තත්වයක්.(හේ)
මාධව Monday, 19 January 2015 09:53 AM
අගවිනිසුරු තුමන් මේ අවස්ථාවට සහභාගී නොවු එක අනුමත කරන්න බෑ.(හේ)
එරංදී Monday, 19 January 2015 09:57 AM
ජනතා පරමාදිපත්‍යය තියෙන්නේ මේ අයගේ සාක්කුවෙද?(හේ)
ප්‍රගීත් Monday, 19 January 2015 10:31 AM
අග්‍ර විනිශ්චකරු ස්වාධීනව ? චන්ද්‍ර නිදාගෙනද නැගිට්ටේ? (බ)
සමන් Monday, 19 January 2015 10:35 AM
මේ වගේ අය පන්නනම ඕන. (බ)
ගමගේ කුවේට් Monday, 19 January 2015 10:43 AM
අදහස් දක්වන සමහරුන්ට අමතක වෙලා මේ අගවිනිසුරු පත් වුනේ කොහොමද කියල..කරුණු කාරණා නොදැන කතා කරන්න එපා.(හේ)
බණ්ඩා Monday, 19 January 2015 10:46 AM
එතකොට අගවිනිසුරු තුමා ඡන්දෙ දවසේ රෑ අරලිය මාලිගාවේ හිටියේ ස්වාදීනව වැඩ කටයුතු කරන්න වෙන්න ඇති. (නදී)