ශ්රී ලංකාවේ නීතිපති ධූරය පිහිටුවා වසර 130 පිරීම නිමිත්තෙන් අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියා රටවල නීතිපතිවරුන්ගේ සමුළුව සඳහා අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී වී නොසිටියේය.
මීට පෙර සඳහන් වූයේ අග විනිසුරුවරයාට ආරාධනයක් යවා තිබූ බවයි. එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අග විනිසුරු මෙම උත්සවයට සහභාගී වීමට විරෝධය පළ කර ප්‍රකාශ නිකුත් කර තිබිණි.
මේ නිසා අග විනිසුරු මෙම උත්සවයට සහභාගී නොවන්නේ නම් තමන් සතුටට පත්වන බවට නීතිපති යුවන්ජන් විජයතිලක මහතාද නිවේදනයක් නිකුත් කළේය.
ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහ රෑ අග විනිසුරු ජනපති නිල නිවස වන අරලිය ගහ මන්දිරයට ගොස් සිටියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හමුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යනුකුල අගවිනිසුරුවරයෙක් භාර ගන්න අපි ලැහැස්තියි. එ්ත් විධායකයේ පෞද්ගලික ඕන එපාකම් පිරිමහගන්න දාපු නුසුදුස්සෙක් අපේ අධිකරණයට ඕනේ නෑ. සම්පත්, චන්ද්‍ර, පසුබිමේ යථාර්තය දැනගෙන හරියට කතා කරන්න. (නදී)
හිතට එකගව අයින් වුනානම් හොඳයි නේද ? (නදී)
පාකිස්තානේ එදා උන දේම අද ලංකාවෙත් කරන්න මේ නීතිය කරන අය හදන්නේ. මෙයාල හිතා ගෙන ඉන්නේ නීතිඥයෝ කියන්නේ රටේ ඉන්න වැදගත්ම අය කියලා (නදී)
නියමයි ! (නදී)
පාකිස්තානේ වගේ මෙහේ ආණ්ඩු අස්ථාවර කරන්න මෙයාලට ඉඩ දෙන්න නරකයි .(හේ)
නීතිඥයා අධිකරනයට බලපෑම් කරන එක හොඳ නැහැ . එතකොට කොහොමද අග්‍ර විනිශ්චකරු ස්වාධීනව ඉන්නේ. මේක වැරදි තත්වයක්.(හේ)
අගවිනිසුරු තුමන් මේ අවස්ථාවට සහභාගී නොවු එක අනුමත කරන්න බෑ.(හේ)
ජනතා පරමාදිපත්‍යය තියෙන්නේ මේ අයගේ සාක්කුවෙද?(හේ)
අග්‍ර විනිශ්චකරු ස්වාධීනව ? චන්ද්‍ර නිදාගෙනද නැගිට්ටේ? (බ)
මේ වගේ අය පන්නනම ඕන. (බ)
අදහස් දක්වන සමහරුන්ට අමතක වෙලා මේ අගවිනිසුරු පත් වුනේ කොහොමද කියල..කරුණු කාරණා නොදැන කතා කරන්න එපා.(හේ)
එතකොට අගවිනිසුරු තුමා ඡන්දෙ දවසේ රෑ අරලිය මාලිගාවේ හිටියේ ස්වාදීනව වැඩ කටයුතු කරන්න වෙන්න ඇති. (නදී)