මොහාන් පීරිස් අග විනිසුරු අද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විමසීමට පැමිණියේ නැත.506 අධිකරණ ශාලාවේ ඔහුගේ ආසනය හිස් වී තිබිණි.
ඔහු සමඟ අසුන් ගන්නා රෝහිණි මාරසිංහ හා බුවනෙක අලුවිහාරේ විනිසුරුවරු පමණක් අධිකරණ කටයුතුවල යෙදී සිටියහ.
අග විනිසුරු පස්වරු 1ට පමණ සිය නිල කාමරයට පැමිණි බව දැනගන්නට ඇත.
අග විනිසුරු ඉල්ලා අස් විය යුතුයැයි කියමින් අලුත්කඩේ අද (12) උද්ඝෝෂණයක් පැවැත්විණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් විදියට මේ ගැටළුව විසඳන්න (නි)
අග විනිසුරුකොයි රටේද ජනපතිගේ ගේ අස්සේ ඉන්නේ (බ)
මොහාන්! ඔබ කලක් මගේ මිතුරෙකුව සිටියා. ඒ කාලයේ ඔබල ළඟ තිබු ඇතැම් යහපත් ගති ගුණ රටේ පාලකයා වූ මහින්දත් ඔහුගේ බල ලෝභී සොහොයුරු ගෝඨභයත් විසින් විනාශ කර දැම්ම. ඒ නිසාම ඔබ අපගෙන් ඈත්වුනා. කර්මය පල දෙනවා කියන්නේ ඕවට තමා. දැන්වත් යහපත් ජීවිතයක ට මුල පුරන්න! (බ)
එතුමන්ගේ වරදක් මට පෙනෙන්නේ නැහැ. එතුමාව ඉවත්කරනවා නම් ඒක නීතියෙන් කරන්න තිබෙන විදිහට කළාට කමක් නැහැ. නමුත් මේවා හරිම නොහොබිනා වැඩ. මේ කටයුතු කරන්නේ ලංකාවේ ඉහළම උසවියත් සමඟ කියන එක මේ මිනිස්සු හිතන්න ඕනෑ නේද? (නි)
දැන් තියෙන්නේ යහ පාලනයක්, අග විනිසුරුගේ ප්‍රශ්නය නීතියට අනුව විසඳන්න. (ර)
සුදර්ශන,ශිරාණි මැඩම් යනවිට ඔබ කොහෙද හිටියේ? කණ්ණාඩිය ගළවන්න (නි)
කරුණාකර ඔබතුමා ඉල්ලා අස්වන්න (දිල්)
පව් අප්පා ඇයි සැකද? (නදී)
කරුණාකරලා යහ පාලන ප්‍රතිපත්ති වල පිහිටා කටයුතු කරන්න. මෛත්‍රී පොරොන්දු වුණේ නිවැරදි ක්‍රමයෙන් ප්‍රශ්න විසදන්න. ජනතාවට එක අමතක වෙන්න තව සති දෙක තුනක් වත් යනවා !! (අ)
කවුරු කෙසේ පත්කලද මොහු තම තනතුරේ ගෞරව රැක නොමැත.(හේ)
නම්බු පිටින් ගියා නම් හොඳයි කුජිත ක්‍රමේකටනේ අාවේ (බ)
බන්දුල සුදර්ශන, බයිලා කීමෙන් වැළකී සිටිනම් ඇගට ගුණදායකය. (බ)
අම්මපා මේ මිනිහාට, චන්දෙන් පස්සේ අදහස් පළකරන්නේ නෑ කියලත් ඉන්න බැරි හැටි....?(බ)
බන්දුල මහත්තයෝ වෙනත් නම් වලින් අදහස් පළකරන්නේ වස්ත්‍රයක් ඇදගෙනද .....? (බ)
වදගත් විදියට ඉල්ලා අස් වන්න . නින්දා අපහාස විඳින්නේ නැතිව (දිල්)
තමන් කරන තනතුරේ ගෞරවය ආරක්ෂා කරන්න බැරි නිසා පින් සිද්දවෙයි යනවද ? හොර කුමන්ත්‍රණ කරන්න ගිහින් අරලියගහ මැදුරේදී රනිල්ට අතේ කෝට්. හරිනම් අත් අඩංගුවට ගත යුතුයි. (බ)
දැන් එයා ගෙදරට වෙලා කල්පනා කරනා ඇති එයාට වෙන්න යන දේ ගැන.(හේ)
හිතවත් පත්මසිරි, බුද්ධ දේශනාවේ තිබෙනවා 'යමෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නෙ ක්‍රියාවෙන්' කියලා. දූෂණ හෝ වංචා හෝ අක්‍රමිකතා හෝ පසුවට තබමු. කෙසේවෙතත් වැරදිකරුවන්ට දැඩි දඬුවම් දීමේ ක්‍රමවේදයක්ද සකස් කළයුතුයි. (නි)
බන්දුල පෙරේරා මටත් කරුණාජීව හා එකගවීමට සිදු වෙනවා.ඡන්දෙන් පස්සේ එසැණහි අදහස් පළකරන්නේ නෑ කිව්වානම් ඒ විදියට සද්දේ වහලා ඉන්නකෝ නිකන් පීචන් වෙන්නේ නැතුව. (බ)
යහපාලනය අපිට පෙනෙනවා ඇස්පනාපිටම (නි)
බන්දුල පෙරේරා නමැති පුද්ගලයාගේ අදහස් මා අවුරුදු හතරක කාලයක සිට මම කියවමි. ඔහු වෙනත් නම් වලින් අදහස් පල කලත් ඒවා හදුනා ගැනීමට මා හට ඉතා පහසුය. (නදී)
බලයට තීන්දු දෙනකල් රැකවරණ තිබුණා..... මෙහෙම වෙයි කියල කලින් කිව්වෙ නැහැ නේද හැමෝටම මේවා පාඩම් (බ)
එතුමා බලෙන් අවේ නෑ නේද ? එතුමා පත්කළේ මව් රටේ විධායක ජනාධිපති වරයා විසින්. ඕන නම් පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ගෙනත් අයින් කරන්න. එ්කනේ යහ පාලනේ.. මොකද එතුමා බලෙන් ඔතනට අවේ නැහැනේ. කුජිත ක්‍රමේකට විසඳන්න යන්න එපා. යහපාලනයට අකුල් හෙලන්න එපා. (ස)