ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීමේ පිරිමි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කරන අඛිල චන්න ප‍්‍රනාන්දු සමත් විය. කාන්තා ඇවිදීමේ තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට ගීතා නන්දනී සමත් වූවාය.
මෙම තරග කතරගමදී අද (29 වැනිදා) පැවැත්විණ.
ඇවිදීමේ ශූර අඛිල චන්න ගිය වසරේදීත් රන් පදක්කම දිනාගත් කී‍්‍රඩකයාය. අඛිල චන්න මෙම ඉසව්වේ රන් පදක්කම 10 වතාවක් දිනාගත් හිටපු ඇවිදීමේ ශූර බී. එම්. එන්. නයනානන්ද යටතේ පුහුණුවීම් කරයි.
නෙස්ලේ ලංකා සමාගමේ අනුග‍්‍රහයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීමේ තරග වල ජයග‍්‍රාහකයන්ගේ සිට 10 වැනි ස්ථානය දක්වා පැමිණි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 25000 සිට මුදලින් තෑගි ප‍්‍රදානය කෙරිණ.
තරග ප‍්‍රතිඵල
පිරිමි ඇවිදීමේ තරගය - (කිලෝමීටර 20)
1. අඛිල චන්න ප‍්‍රනාන්දු (බස්නාහිර පළාත - පැය 1 විනාඩි 36.02)
2. නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර - පළාත 1: 37.07)
3. සමීර අංජන කුමාරතුංග (දකුණු පළාත 1: 37.53)
4. එම්. ඞී. සම්පත් (දකුණු - පළාත 1: 41.37)
5. ආර්. එච්. එම්. රණවීර (මධ්‍යම පළාත - 1: 41.49)
6. දමිත් බෝධිපක්ෂ (දකුණු පළාත - 1: 42.53)
7. සම්පත් ප‍්‍රනාන්දු (බස්නාහිර - පළාත 1: 43.20)
8. චින්තක පේ‍්‍රමරත්න (වයඹ - පළාත 1: 45.27)
9. ආර්. එම්. පී. රත්නායක (ඌව - පළාත 1: 48.8)
කාන්තා ඇවිදීමේ තරගය
1. ගීතා නන්දනී (බස්නාහිර - පළාත පැය 1 විනාඩි 55.29)
2. දිනූෂා ඩිලානි (දකුණු පළාත - 1: 56.37)
3. කල්හාරි මධුරිකා (දකුණු පළාත - 1: 56.45)
4. ජේ. කේ. කේ. එම්. සී. දමයන්ති (ඌව - පළාත 1: 56.55)
5. ලක්ෂ්මි කල්‍යාණි (දකුණු පළාත - 2: 03.02)
6. තිළිණි මධුෂිකා (දකුණු පළාත - 2: 04.04)
7. අවන්ති ජයරුෂිකා (වයඹ පළාත - 2: 05.12)
8. මල්කී නවෝද්‍යා (දකුණු පළාත - 2: 05.54)
9. ඒ. එම්. අයි. පි‍්‍රයදර්ශනි (ඌව පළාත - 2: 06.17)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd