( රංජිත් රාජපක්ෂ )             

අධික වර්ෂාවත් සමග නුවරඑලිය ලබුකැලේ වතුයායේ යු කැලිප්ටස් ගසකට අකුණුසැර පතිත වීමෙන් ඒ අසළින් ගමන් ගත් තිදෙනෙකු සුලු තුවාල ලබා  ඇතැයි කියයි.

නුවරඑලිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ පැවති අධික වියලි කාළගුණය අධික උෂ්ණත්වය අවසන් කරමින්ඊයේ  (02) දින පස්වරු 3:00 සිට 4:00 දක්වා තද වැසි පතිත විය.

පැවති  වියලි කාළගුණයත් සමග නුවරඑලියේ එළවලු වගාවට සහ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල කල අතර, නුවරඑලිය ප්‍රදේශය පුරා උග්‍ර පානීය ජල ගැටළුවක්ද මතු වී තිබිණි.