නව රජයේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (13) අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය.
පත්වීම් ලිපියට අත්සන් තබමින් ඔහු වැඩ බාරගත් අවස්ථාවට බිරිඳ උත්තරා කාරියවසම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය පී.රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිස එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සරසවි වල සියලු ප්‍රශ්න විසදිලා 6% වෙන් වෙලා ආයේ අන්තරේට ඔලුව උස්සන්න බැරි විදියට මෙතුමා වැඩේ කරාවි.රනිල් මහත්තය එදා කලා වගේ...නෝනා වගේම අන්තරෙත් පව්..(ස)
තරුණ ඔබ තුමා පරිනත බුද්ධිමත් විශ්ව විද්‍යාල අචාර්ය වරුන් හමුවී අධ්‍යාපනය ගොඩ ගන්න බලන්න.(අ)
අනේ එපා අධයාපනයේ තියෙන සියලු ප්‍රශ්න විසදන්න. එතකොට කොහොමද අන්තරේට පිකටින් කරන්න මාතෘකාවල්. එහෙම උනොත් අන්තරේ කුජීතයි. ඒගොල්ලන්ට කැපී පෙනෙන්න විධියක් නැතුව යනවානේ. (නදී)
වෙන කව්රුත්ම නැද්ද ඔය පක්ෂේ .(අ)
මම මෙතුමාව සැහෙන කාලයක සිට හදුනනවා .ද්විත්ව උපාධිධාරියෙක් .බොහොම නිහතමානී සරල මහත්මයෙක් .අපේ විශ්ව විද්‍යාල සිසුන් සමග අවබෝධයකින් යුක්තව කටයුතු කර උගත් ගුණගරුක සිසු පරපුරක් මගින් සමාජය ගුණාත්මක කිරීමට ඔබට ශක්තිය ලැබේවා.(හේ)
ඔබගේ රාජකාරිය නිසි අයුරින් කර ගැනීමට හැකියාව ලැබෙවා කියා පතමි.(හේ)
හොඳ අයට හොඳ තැන (නදී)
අනේ ආයේ කවද අපි සරසවි සිසු පෙළපාලියක් දකින්නද? අන්තරේ වැඩ කිඩ බලන්නද? 6% වෙන් වෙලා අධ්‍යාපනයේ සියලු ප්‍රශ්න පිවිතුරු යහපාලනෙන් විසදුනාම දැන් අපේ රතු මල්ලිලට වෙන්නේ කඩේ වහල පෝලිමට කෝච්චියට බෙල්ල තියන්න..(අ)
අදරනීය අකිල ඔය අධ්‍යාපන ඇමති වුනාම එකට විශ්වවිද්‍යාලයේ හිටි අපිට කියන්න තියෙන්නේ කොහොම හරි මේ රටේ අධ්‍යාපනය ඔසවා තබන්න කියල විතරයි.මම සතුටු වෙනවා අද ඔයාට මේ ඇමතිකම ලැබුන එක ගැන. (අ)
ඇත්තටම අධ්‍යාපන ඇමැතිකමට පළපුරුදු දක්ෂ මන්ත්‍රීවරයකු පත්කලා නම් තමයි හොද. (අ)
හිටපු ඇමති තුමා වගේ පිස්සු වැඩ කරන්න එපා (අ)
චනිල්,කමල්, ඔබ දෙපළගේ සිතීම නිවැරදියි. ඔහු සභාවට නැවතත් පිවිස ඇත. (නි)
අඛිල හොඳ මහත්මයෙක් (නදී)
අපේ එස්.බි අායෙත් ගෙනෙමු. මොකද බන්දුලත් චීනෙට පැන්නනේ. (නදී)
ගරු ඇමතිතුමනි,වර්තමාන ගුරු භූමිකාවේ ඇත්තේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නොව ලිපිකාර භූමිකාවට පණ පෙවීමයි. බොහෝ පාසැල් වල ගුරුවරුන්ට සිදුව ඇත්තේ දිනකට කොළ කෑලී පිරවීමත්, විවිධ ව්‍යාපෘති වෙනුවෙන් කටයුතු කිරීමටත්ය. නව යහපාලනය යටතේ ලිපිකාර භූමිකාවෙන් තොර ගුරු භූමිකාවක් ස්ථාපිත කිරීමටත් නව තාක්ෂණ ක්‍රමවේදයන් යොදා ගැනීමට හැකිවේවා ! (නදී)
රටේ ආචාරශීලීභාවය 'අ' යන්නේ සිටම පටන්ගත යුතුවෙනවා (නි)
දිනකට කොළ කෑලී 10 -15ක් පමණ පිරවීමට සිදුව ඇති එමෙන්ම ඉගෙනුම් ඉගැන් වීම් ක්‍රියාවලිය අඩපණ කරන ලිපිකාර වෘත්තියෙන් තොර ගුරු භූමිකාවන් සකස් කිරීමට අවධානය යොමුවේවා ! (නදී)
ඔබගේ සහයට කාර්යක්ෂම තරුණ රජයේ නිලධාරින්ම තෝරාගන්න. පවුලේ අය නෑදෑයන් ටිකක් ඈතින් තබන්න. නිලධාරින් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. අනුන්ට ඇහුම්කන් දෙන්න. ටිකක් කථා කරන්න. ඔබට ජය. (නදී)
අපේ දරුවන් 5 ශිෂ්‍යත්වය සමත් වෙලා හොඳ පාසැලක් ගන්න බලන් ඉන්නේ. ඉක්මනටට ඒවා ලබාදෙන්න. (නදී)
මට පේන්නේ බන්දුල පෙරේරා දැන් ඒපාර වෙනත් නම් වලින් සභාවට ගොඩ බැහැල වගේ. පිවිතුරු යහපාල , ගිය සැරේ නව සඳ බලනවා කිව්වා නේද ජනවාරි 9 වෙනිදා ? (නදී)
මොකද මන්ද මට නම් හිතෙන්නේම ඔය පිවිතුරු යහපාල මහතා අපේ බන්දුල පෙරේරාගේ අවතාරයක් වද්දෝ කියලයි. (නදී)
එකපාරට කොහොමද මේ අච්චාරු උන අධ්‍යාපනය හරි ගස්සන්නේ. මෙතුමාට යම් වැඩ පිළිවෙලක් ඇතිනේ ඒ ගැන. පිවිතුරු යහපාල මොකද මේ අනුන්ගේ නෝනලා ගැන අනුකම්පාවක් (නදී)
මෙතුමා බොහොම නිහතමානි උගත් කෙනෙක්. ඒ නිසා අධ්‍යාපනය සම්බන්ධව යම් සේවයක් කරන්න අවස්ථාවක් දීපු එක හොඳයි. කට හොඳ නැති බලවතුන් නිසා පසුගිය කාලයේ අධ්‍යාපනය කියන වචනයත් මට නම් එපා වෙලා තිබුනේ. (නදී)
යන්තම් ඇති අඩු ගානේ උගත් කම එක්ක කට වාචාල කම් නැති තිබෙන කෙනෙක් මේ තනතුරට පත් වුනා. කලින් බලයේ සිටි උදවියගෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු වුන අඩු පාඩු ආයෙත් සිදු නොවන්න වග බලා ගනු මැනවි. (නදී)
ඔබතුමා උගත් නිහතමානී කෙනෙක්. ඒ නිසා මේ අභියෝගය භාර අරන් යහපත් සේවයක් ඉටු කරාවි කියල අපි ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. පසුගිය කාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන අත්දැකීම ගැන අපේ පැහැදීමක් නැහැ. (නදී)
අකිල හොඳට වැඩ කරයි කියලා විශ්වාසයි (නි)
සත්‍යපාල, මහත්තයට එච්චරම දේශපාලන ඉතිහාසය ගැන දැනුමක් නැති පාටයි. (ර)
නිහතමානී දේශපාලනය තුලින් දේශයේ අධ්‍යාපනය දියුනු කරන්න ඔබ තුමාට හැකිවේවා යන්න මගේ පැතුම.(හේ)
ඔබ අවංකයි. හොරකමට, මැරකමට දූෂණයට විරුද්ධයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉතාමත් ලැදියි. මම මහියංගනයේ ගුරුවරයෙක්. දුප්පත් සිසුන් වෙනුවෙන් වැඩකර සම්මාන ලබාත් තිබෙනවා. මට විශ්වාසයි ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යහපාලනයක් ඇතිකරන බවට. (නි)
ඔබට සුබ පැතුම්! (නි)
රතු මල්ලි කෙනෙක් විදිහට , මට ඔබගේ පත්වීම පිළිගන්න බැහැ. අපේ අනාගතය විනාශයි (නදී)
දින 100 යනකන් පොඩි රෙස්ට් එකක් ගමු. මොකද ඊලගට මේක කාට දෙයිද දන්නේ නැහැෙන් නේද අකිල මහත්තයෝ. (අ)
නෝනත් මහත්මයත් එක වගේ පියකරු දෙන්නෙක්. රටට හොඳක් වේවි බුදු සරණ පතනවා (නදී)
ප්‍රියන්ත ඔබ මහියංගනයේ කුමන පාසලේද? (නදී)
වැදගත් නිහතමානී කෙනෙක්. බිරිඳත් නිහතමානී බව පෙනෙනවා. (නි)
ලහිරු මම මහියංගනය රිදීමාලියද්ද මධ්‍ය මහ විද්‍යාලයේ පරිගණක ගුරුවරයා. 2010/2011/2012 වසර වල තොරතුරු තාක්ෂණ ක්ෂත්‍රයේ සිසුන් සමඟ වැඩ කරලා, ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වන රිදීමාලියද්ද තො.තා තරඟ වලින් පළමු තැනට ගෙනාවා. මේ සම්බන්ධව ලංකාදීප ඇතුළු පුවත්පත් රූපවාහිනී ඇතුළු මාධ්‍ය රාසියකින් දැවැන්ත හෙලි දරව්වක් කරල තියෙනවා.(නදී)
අකිල, මා ඔබේ සරසවි සාමකාලීනයෙකු වෙමි. ඔබට ලැබුණු නව පත්වීම ගැන මම සුබ පතමි. ඔබ කවදා හෝ මෙම ඇමතිකම ගන්නා බව මා දැනසිටියේ පාර්ලිමේන්තුවේදී ඔබ අධ්‍යාපනය මුල්කොටගත් වාද විවාද වලට සම්බන්ධ වන සැටි දුටුවිටය. රටක පැවැත්ම පවතින්නේ රටේ උගත් පරපුර මතය. දැනට පවතින අමාත්‍යංශ අතරින් ඉතාමත් වගකීමක් ඇති එමෙන්ම ප්‍රබලම අමාත්‍යාංශය තරුණ ඔබට ලැබී ඇත. මෙවන් කටයුත්තකදී ඔබ නිසි උපදෙස් ලබමින් චීනයේ සහ ජපානයේ අධ්‍යාපන ක්‍රමවේද අධ්‍යයනයක යෙදෙමින් අපේ රටේ අධ්‍යාපනයද සකස් කරන්නේ නම් රටට වැඩදායක වනු ඇත. (නි)
ඔබතුමාව හැමදාම දැක්කේ බොහොම ප්‍රසන්නව. පාසැල් දරුවන්ට ප්‍රියමනාපයි. ඔබ තුමාගේ පියාත් බොහොම හොද කෙනෙක්. රටේ අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරන්න වෙනවා. මග තොටේ දී අප මුනගැහෙන හැම කෙනෙක්ම පාසැල් ගිය අය. ඒත් රට ගැන, පරිසරය ගැන,අන්‍යයන් ගැන,නොහිතන පිරිස් බොහෝ සිටිනවා. ප්‍රාථමික පාසැල් කාලයේ සිට දරුවන් තුළ මේ ආකල්ප ඇතිකළ යුතුයි. ඔබතුමාට යම් හොද වෙනසක් ඇතිකිරීමට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා.! තෙමසකින් පසුව එන අධ්‍යාපන ඇමති ද ඔබතුමා වනු දැකීමට අපි කැමැත්තෙන් සිටිමු. (නදී)
මෙතුමාට අපි සුබ පතනවා! (නි)
බොහොම සීදේවි නෝනා කෙනෙක් නේද ඉන්නේ. මේ කෙටි කාලයේදී පුළුවන් දෙයක් කරලා අධ්‍යාපනය වැටුන වලෙන් ගොඩ දාන්න පුළුවන් නම් ඔබතුමාට ලොකු පිනක්. (නදී)
මාස තුනක කාලයකදී ඔබේ හැකියාවන් පෙන්වන්න. රටට වැඩක් කරන්න. දුෂකයන් වංචා කරුවන් පන්නා දමන්න. ලබන ඡන්දය දිනීමට එයම ලොකු රුකුලක් (නදී)
දේශපාලන පත්වීම් නිසා ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය ගිලිහිලා . අපේ දුවගේ පන්තියේ ගිය අවුරුද්දේ , සමකයට යටින් ලංකාව ලකුණු කෙරිලා තිබුනා. මේ අවනඩු කාට කියන්නද ? (ස)
නෝනත් ලස්සනයි ගීත ලස්සනයි ! (ස)
සුබපැතුම්. (ස)
රතු ඉර වාද පිටිය බලය සටන වැඩසටහන් වලට දැගලුවේ ඕක ගන්නනනේ (නදී)