අකුරැස්සේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු පිරිසක් මරා දමන බව කියා ගල් ගැසූ බව කියන ත‍්‍රිරෝද රියැදුරෙක් අකුරැස්ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය. දැරියනට අතවර කැළැයි සැකපිට අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් රිමාන්ඞ් බාරයේ සිටී. පොලිස් කණ්ඩායම එහි ගිය විට ත‍්‍රිරෝද රියැදුරා අසල කන්දකට නැග හිරගෙවල ගියත්, බෝගහවත්ත මහත්මියගේ තරු ගලවා දමන බවත්, ඇය මරා දමන බව කියා ඇත. පොලිසියේ කිසිවකුටත් ගල් වැදී නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ. කාටවත් තුවාල නැති එකට කණගාටුයි (දී)
කෙතරම් චන්ඩින් බලවත් වෙලාද ? (දී)
දකුණු ලකට මෙහෙම වුණේ ඇයි කියලා හොයලා බලන්න ඕනෑ. (නි)
ජනතාව නීතිය අතට අරන් (දී)
"චරිත 2012-07-29 11:29:08 හොද වැඩේ. කාටවත් තුවාල නැති එකට කණගාටුයි " මෙවැනි තිරිසන් ප්‍රකාශ මෙහි පළවීමට ගැන කණගාටුයි. කරුණාකර මෙයත් පලකරන්න. මෙය අර ප්‍රකාශය මෙන් සමාජ විරෝධී එකක් නොවේ. (ස)
රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම දේවල් වෙන්නේ නෑ. බලය ඇත්තෝ ඇස් පනාපිට නිති කඩනකොට නිලධාරින් ඒවා ගනන් නොගෙන ඉන්නවානම්, දිනයක් එනවා සමාන්‍ය ජනතාව වැරදි කරුවන් හට දඩුවම් කරන. දැනටමත් ඒවාට පෙර නිමිති පහළ වෙමින් පවතින්නේ. (නි)
චරිත, ඔබ මන්ද බුද්ධිකද? (නි)
මරණීය තර්ජන ලැබෙද්දිත් නීතිය අකුරටම ඉටු කළ වරුණි නෝනට අපේ ප්‍රණාමය....(ස)
හොද වැඩේ. කාටවත් තුවාල නැති එකට කණගාටුයි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
දකුණු පළාතේ ඉන්නේ මාර චන්ඩිනේ.මට නම් හරි බයයි ඒ පැත්තේ යන්නත්. (නි)
ඉන්ද්‍රජිත් ,මේ චරිත කියන කෙනත් දකුණේ කෙනෙක් වෙන්න ඇති. (නි)
චරිතගේ චරිතේ ගැන හිතා ගන්නට හැකියි. (නි)
සුබපැතුම් (දී)
බෙන්තර ගඟෙන් එහා ඉන්නේ සත්තුද මන්දා (දී)
චරිත, හොද වැඩේ කිවුව එකේ තේරුම මොකක්ද? (නි)
පොලිසීයට තිබ්බෙ අත් බෝම්බයක් ගහලා කන්දත් එක්කම ඕකව කුඩු කරලා දාන්න. මානව හිමිකම් කාරයන්ව අපි බලාගන්නම්. (නි)
කන්දට නැග්ගෙ චරිතගෙ කවුරුවක් වත්ද දන්නේ නෑ නේද? (නි)
චරිත, ඔයාගේ ඔලුව හොඳ නැද්ද????? (නි)
මේ ලෝක වශයෙන්ම දඬුවම් ලැබෙන්න ඕන ස්ත්‍රී දුෂකයනට (අ)
වැරැද්දක් කළා මදිවට අල්ලන්න එන පොලිසියටත් ගල් ගහන අය ඉන්නවනෙ මේ රටේ! (නි)
මරණීය තර්ජන ලැබෙද්දිත් නීතිය අකුරටම ඉටු කළ වරුණි නෝනට අපේ ප්‍රණාමය.(ස)
කරණ කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ කිව්වලු එදා අහින්සක ගැහැනු ලමයින්ට පාට් දාලා අද පොලිස් නෝනෙක්ට බයේ කඳු අස්සෙ හැන්ගෙනවා. (අ)
බාල වයස්කාර ළමයි දූෂණය කරන අයට මරන දඬුවම දිය යුතුයි. (අ)
ඔක්කොටම වෙඩි තියන්න තිබ්බේ...(ස)
සෑම අපරාධකරුවකුටම මරණ දඩුවම අවශ්‍යයි. (නි)
ඉතා ඉක්මනට එල්ලුම් ගහ අවශ්‍යයි...(ස)
අපට කරදරයක් උනාම යන්නේ පොලිසියට. ගොඩක් හොද අයත් ඉන්නවා . දේශපාලනය නිසා හැම ආයතනයක්ම අද වෙනස් වෙලා (දී)
දකුණ අපරාධකරුවන්ගේ රජ දහනක් වෙලානේ දැන්. (නි)
මරණ දඩුවම නොගෙනෙන්නේ ලොකු ලොකු අයටත් බලපායි කියලද ? (ස)
චරිත ස්ත්‍රී දූෂකයාගේ මල්ලිද කොහෙද. (ත)
දකුණේ චන්ඩි ..ආයේ මේ වගේ දේ නොකරන්න අත පය ගලවල පැත්තකින් තියන්න ඕන....(ස)
දේවදත්තගේ ගෝලයෝද මේ ගල් වලින් සෙල්ලම් දාන්නේ ...(ස)