බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙලෙසී යැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා ප‍්‍රියංග ඉඳුනිල් වික‍්‍රමසිංහ මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ. මේ දෙදෙනාට එරෙහිව පළමු දැරිය ළමාරක්‍ෂක අධිකාරියට බාර දුන් වීඩියෝව, දුරකථන ඇමතුම් විස්තර සුරක්‍ෂිතව තබන ලෙස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවි ලේඛකාධිකාරීට නියෝග කළේය. දෙවැනි දැරිය කෙලෙසීම සම්බන්ධයෙන් ප‍්‍රසංග සඳරුවන් ධීවරයාද පොලිස් රාජකාරියට බාධා කළැයි කියන ලියනගේ කුසුම්සිරි නම් ත‍්‍රීරෝද රියැදුරාද යළි රිමාන්ඞ් කරනු ලැබූහ.