අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් කෙළෙසීයැයි කියන දැරිය සාක්කි දීමට කැඳවන්නැයි විත්තියේ නීතීඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඇය ජාතික ළමා රක්ෂණ අධිකාරියට දුන් වීඩියෝ ප්‍රකාශය සාක්කියක් ලෙස ප්‍රමාණවත් බව කීවාය.
එම වීඩියෝ පටය උසාවියේ ප්‍රදර්ශනය කිරීමට ද නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට කෙතරම් අභාග්‍යසම්පන්න රටක්ද කියතොත් මේ අධමයාව අත්අඩංගුවට ගන්නේ ජනතාව විසින් රජයට බලකිරීම හා නැඟුනු විරෝධතාවය නිසාවෙනි. අපි යහපාලනයෙන් බලාපොරොත්තු වන්නේ මෙවැනි අධමයන්ට ජීවිත කාලයටම වටපිට නොපෙනෙන අහස පමණක් පෙනෙන්න තිබෙන අච්චුව ලබාදෙන්න කියාය (නි)
ස්ත්‍රී දුෂණ සිය ගණනක් කරලා ඒක සමරන්න පාටි දානකොට කලින් ආණ්ඩුවේ සමහර අයත් ගිහින් සතුටු වුණාලු නේද? (නි)
නීතිවේදීන්ට ඕනකරලා තියෙන්නේ ඒ දැරිවියගෙන් ප්‍රශ්න අහල අපහසුතාවයට පත්කරන්න වගෙයි (නදී)
මේවට දඩුවම් දෙන්න තිබුනේ පසුගිය ආණ්ඩුවෙන් දැන් ගොඩක් පරක්කු වැඩි අහිංසක දැරියන් කෙලෙසන අයට වහාම නිසි දඩුවන් ලබාදීම වැදගත් උදාහරණයක් හැටියට අද යාපනයේ සිදුවීම ගන්න පුළුවන් . (ම)
මේ අයට ඕන ඒ ළමයාව තවත් අපහසුතාවට පත්කරන්න. (ර)
දකුණේ මේ වැඩේ කෙරුව පාප තරයට මේ ආත්මයේම නිසි දඬුවම් ලැබේවා! (ර)
උපරිම දඬුවමක් ලැබේව කියා අප බලාපොරොත්තු වන්නෙමු (ම)
අන්න එක ගුරෙක් අවුරුදු 20 කට හිරේ ගියා පිරිමි දරුවෙක් අපයෝජනයකරපු වරදට. මෙතන ගැහැණු දරුවෙකු නිසා අඩුම තරමේ අවුරුදු 80 ක් වත් හිරේ යවන්න ඕනේ (නදී)
දයා ගේ යෝජනාව හරියටම හරි. (නදී)
මේ වගේ අයට අරාබියේ දඬුවම් දුන්නා නම් වෙන කවුරුත් ඔය වගේ දේවල් කරන්න පෙළඹෙන්නේ නැහැ. කොහේද ඉතින් අපේ රටේ තියෙන්නේ හැමදාම අවුරුදු ......... හිරේ යැවීම තමා. යන එකා හොඳට නොමිලේ කාලා බීලා එනවා. (නි)
ඒ කාලේ ඕනෑම වැරදි වැඩක් කළාම ඔහුව බේරගන්න පොලිසියට කෝල් දෙන්න, උසාවියට කෝල් දෙන්න. කට්ටිය හිටියා. දැන් නම් පුතේ ඒවා බැහැ. තනියම කන්න තමා වෙන්නේ. මෙතනින් අවසන් වෙන්නේ නැහැ, අපායෙත් යන්න සුදානම් වෙයන් පුතේ. (නි)
කොහොමහරි කමක් නැහැ, ජීවිතාන්තයටම මතක හිටිය දඬුවමක් දෙන්න (නි)
රොහාන් ආණ්ඩුව වැදගත් නෑ මේ වැරදි වලට දඩුවම් දෙන්ට හොදද? (ම)
නීතිය අකුරටම ක්‍රියාකළොත් රටේ මිනිස්සු නීතිය අතට ගන්න එකක් නැහැ (නි)
මෙයා ඔය දරුවා විනාශ කළා පමණක් නොවෙයි ගිය වසරේ එම දරුවාගේ දෙමව්පියෝ දරුවව නුවරඑළියේ පැත්තේ ඉස්කෝලයකට ඇතුල් කරන්නහැදුවා. එ්ක ආරංචි වෙලා මෙයා ටෙලිපෝන් කරලා කියල තියෙනවා එ් ළමයව පාසැලට බාරගන්න එපා කියලා. (නදී)
මුදල්වලට නීතිය මිළට ගන්නට දෙන්න එපා. මොහු තේ කම්මලක් පවා හිමි කෝටිපති ව්‍යාපාරිකයෙක්. වරදක් කර ඇත්නම් ඊට දියහැකි උපරිම දඬුවම දිය යුතුයි. මන්ද මහජන නියෝජිතයෙක් සාධාරණ මෙන්ම සදාචාරාත්මක අයෙකු විය යුතු නිසා පසු පරපුරටත් ආදර්ශයක් වන ලෙසට දඬුවම් කළ යුතුයි. (නදී)
අධිකරණයට ඉදිරිපත් නොකළ එක හොදයි.(හේ)
දැනට තියන අධිකරණ නීති රීති සුද්දගේ කාලේ ඔවුනට වාසි වෙන විදියට හදපු නීති. හිඩැස් ගොඩයි. ලංකාවට ගැලපෙන විදියට සුද්ද බුද්ධ වී වෙනස් විය යුතුයි. කාන්තාවක් කායිකව දුෂණය වන්නේ එකවරක් පමණයි. නමුත් උසාවියකදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් බොහොම දරුණු විදියට සමාජයට මුහුණ නොදීමට හැකිවන පරිදි ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාරවලින් කිහිප විටක් දුෂණය කරනු ලබනවා. එම ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පත්වන තත්වය බොහොම සෝචනීයයි. අැයගේ හදවත කොතරම් හඬා වැලපෙනවා ඇත්ද ? නීතියේ පිළිසරණ පතාගෙන ආපු තැනක ඇයට මේවගේ තවත් ඛේදවාචකයකට මුණ දෙන්ට උනහම. ඒ වගේම පවුලේ අයට ? මේවා සහගහන අපරාධ. අපරාධකරුවන් සුදනන් කරන උදවිය මතක තබා ගන්න අගතියට පත් අයගේ ශාපය ඔබලාව නිකන් අත අරින්නේ නැහැ. හොඳින් මතක තබා ගන්න. දිට්ට දම්ම වේදනීය කර්මය පලදෙනවා කියල. එ්ක ස්ථිරයි. (නදී)
නීතිවේදියෝ කියන අය වැඩිපුර ඉන්නේ බොරු කාරයෝ අපරාධකාරයන්ට කඩේ යනවා දෙපැත්තේම සල්ලි කනවා අහිංසකයන් අපහසුතාවයට පත්වෙනවා (බ)
මෙම හිටපු ප්‍රාදේශීය සභාව් සභාපති එම චෝදනාවෙන් නිදහස් කරගැනීමට වළිකෑ දකුණේ සමහරක් ජනතාව අපි දැක්කෙමු. ඒ තරම් පිළිකුල්සහගත තුච්ඡ දෙයක් සමාජයේ තවත් නොමැත. මේ වනවිට යාපනය උණුසුම් වී ඇත්තේ පාසල් ශිෂ්‍යාවක් දුෂණය කරමින් මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව සාමාන්‍ය ජනතාව කරන උද්ඝෝෂණ හේතුවෙනි. යාපනයේ ජනතාවට නීතිය අතට ගැනීමට අයිතියක් නොමැති නමුත් මෙවැනි ක්‍රියාවලට විරුද්ධ වීමට ඔවුන්ට අයිතියක් ඇත. එය වෙනස් වන්නේ දුෂකයින් බේරාගැනීමට වළිකන පිරිස් ඉන්නා සමාජයක දුෂකයින්ට එරෙහිව සටන් වදින ජනතාව අතරය (නි)
දැරිය අපහසුතාවයට පත්නොවෙන තීරණයක් (නි)
කෝ අර සුමුද හේවා? මේ වගේ අවනඩු පෙනෙන්නේ නැද්ද? (නි)
මෙවැනි අපරාධ කරුවන්ට සහයෝගය දෙන්න උපක්‍රම කරණ අයටත් සාප කරනවා.(නදී)
මේ නඩුවේදී අගතියටපත් අයට සුගතියක් වේවා. (නි)
විනිසුරු තුමියගේ තීරණය හොඳයි.(හේ)
ස්ත්‍රී දුෂණ සිය ගණනක් කරලා ඒක සමරන්න පාටි දාපු පුද්ගලයෙක් ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
දැන්නම් නීතියේ සාධාරණත්වය අපිට පෙනෙනවා (නි)
මේ වගේ අපරාධ වැඩියෙන්ම පසුගිය කාලයේ ආරංචිවුණේ දකුණු පළාතෙන්. ඒ වුණාට ඒ ගොල්ලන්ට උපරිම දේශපාලන රැකවරණ ලැබුනා වගේ පේනවා. (නි)
හිටපු මුල් පුරවැසියා එයාගේ මුවින්ම පාපොච්චාරණයක් කලා මම වැරදි වැඩ කරපු අය ආරක්ෂා කලා කියල. රට ගොඩගත්තේ බොහොම අමාරුවෙන්. (ස)
ඕවාට නිසි දඬුවම් නොදුන් නිසා තමයි මහින්ද පැරදුනේ. තවත් ඕවා වෙන්න තියන්න එපා. තව කට්ටිය ඉන්නවා, යහ පාලනේට රිංගපු කුඩුකාරයෝ, මිනීමරුවෝ.. සොයා බලන්න.(ම)
මෙවෙනි චෝදනා තියන අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ. දැන්වත් නීතිය හරියට ක්‍රියාත්මක කරන එක ගැන සතුටුයි(නදී)
සාරුව සරුවත් කරලා කුරාම් ෂෙයික් මරපු සභාපතිව කුරක්කන් කරන්න ඕනේ .(නදී)
එහෙනම් ඉතින් අරාබියේ හොරකම්, ස්ත්‍රී දූෂණ එහෙම නැතිවෙන්න එපැයි. ඒත් එහෙම නැහැනේ?ඒ නීති එයාලටම හොඳයි. ඔය කියන කට්ටියට ඕනෑ නම් එහෙට ගිහින් ඉන්න එකයි. (නි)
උපුල් කියපු එක හරි . දකුණේ මිනිස්සු පිරිස මේ පුද්ගලයා හෙට ඡන්දය ඉල්ලුවොත් නැවත ඡන්දය දෙයි. (ත)