මාතර නරවැල්පිට අලංකාරගේ එන්සිනා (82) දස දරු මාතාව ලස්සන රටා හා සිවු පද ඇතුළත් පැදුරු වියමනට දක්ෂය. ඇයට දරු මුණුබුරෝ 40 දෙනෙක් සිටිති. පාසල් අධ්‍යාපනයෙන් නොලබූ ඇය ”ගල් ඇහැ” හා ”තුන්හිරිය” පන්වලින් වියූ දුර්ලභ පැදුරු දෙකක් කෞතුක වස්තු ලෙස සලකා ගාලූ පුරාවිද්‍යා කාර්යාලයට බාර දෙන බව ගාලූ උරුමය පදනමේ සභාපති පරාක‍්‍රම දහනායක මහතා කියයි. මේ පැදුරු දෙක වසර පනහකට වඩා පැරණිය.
ගල්ඇහැ පැදුරේ පෝරු කවිය මෙසේය.
”විල් තෙරේ මැද - මල් ගැබේ තුළ
උතුම් පද්මා- වෙති උතුම්
පින් බලේ පෙර - තාපසුන්ගේ
අතට බිහි වුණු අනුහසින්
කල් බලා බරණැස් පුරේ තර නිදුව පාවා දුන් බෙලෙන්
මල් කලස් සිවු කොන තබාලා
ඔවුන් පෝරුවෙ සිටුවමින්”
තුන්හිරිය පැදුරේ වූ කවිය මෙසේය.
වංගගිරියේ තපස් රකිනට
නික්ම ගිය අප බෝ සතුන්
නැංග රථයත් අසුන් දෙදෙනත්
අතරමගදී පිනට දුන්
රන් රිදියෙන් මුතු මැණිකෙන්
සියලූ වස්තුව දනට දුන්
මෙතුන් රත්නේ ඒ අනුහසින්
මොවුන් හට ජය මංගලම්”
නාග දරණ පේරාදෙණිය පාලම හා මල් කළහ යන පැදුරු තුනක් එන්සිනා මහත්මිය සතුය.






1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආච්චිඅම්මට මේවගේ දේවල් කිරීමට තව තව දහිරිය ලැබේවා..අපේ ආයුෂත් රගෙන ජීවත් වෙන්න වාසනාව ලැබේවා..
ඔබ අපේ උරුමයන් රැකදීම වෙනුවෙන් නිවන් සුව ලැබේවා..
වෙන රටවල්වල නම්, මෙහෙම දෙවල්, එයාලගෙන් දැනගෙන ලිපි ලෙඛණගත කරනවා ඉදිරි පරපුර වෙනුවෙන්. ලංකාවේ අපේ අය කරන්නේ, ඒක ද? මෙතුමිය නැති දාක? 'ඉස්සර කාලෙනම්, එහෙමයි.. මෙහෙමයි..' කියල කියයි. ලංකාවේ දමිළ, මුස්ලිම් අය මේක කරනවා! ඉතිහාසයෙන් සිංහල දේවල් නැති වෙන්නේ මෙහෙමයි?