අංකුඹුර පරාක‍්‍රම ජාතික පාසැලේ තාක්ෂණ විද්‍යාගාරය අද (19) පෙරවරු දහයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් . එච්.ඒ.හලීම් මහතා අතින් විවෘත වීමට නියමිතව තිබියදී පෙරවරු 8. 40 ට පමණ පැමිණි මධ්‍යම පළාත් සභාවේ එජනිස මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂ පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව් හිටපු සභාපති අනුර මඩලූස්ස යන මහත්වරුන් ඇතුලු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් අමාත්‍යවරයා විවෘත කිරිමට පෙර ඵලකය නිරාවරණ කර විවෘත කරනු ලැබූ අතර එයට පැය දෙකකට පසුව තැපැල් අමාත්‍ය හලීම් මහතා පැමිණ නැවත එම තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළේය .


![P1090361[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/P10903611.jpg)
![P1090365[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/P10903651.jpg)
![P1090373[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/P10903731.jpg)
![P1090384[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/P10903841.jpg)
![P1090385[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/P10903851.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා හා! මට නම් හිනාත් යනවා (නි)
අනේ මෙහෙමත් රටක්.(හේ)
හරිම පහත් විදියට තමා අපේ වගකිවයුතු අය හැසිරෙන්නේ. (ස)
මෙයාලා අනුන්ගේ ළමයින්ට මෙගොල්ලගේ නම් දෙන්න හදන්නේ. (ස)
ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලුනේ?.(හේ)
ගිය ආණ්ඩුවේ අය වැයෙන් වැඩ කරපුවත් දින 100 යටතේ කලා කියල කියනවා. (ර)
ගිය ආණ්ඩුව යටතේ කරත් මේවා කෙරුවේ රටේ බදුගේවපු මහජන මුදලේ වලිනේ... (ර)
මට මතකයි සමහරු කිවුවා මීටපස්සේ විවෘත කරන නාම පුවරු වල තම තමන්ගේ නම් දාන්න ඉඩදෙන්නේ නැහැ කියලා. ඔය තියෙන්නේ අනුන් කළ වැඩ වලටත් තම තමන්ගේ නම් දාගෙන! ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයිලු !!! (නි)