(නිමල කොඩිතුවක්කු)
රට මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා ඉදිරි අයවැයෙන් සියලු සැලසුම් සකස් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කොළඹදී අද පැවසීය.
රටේ ආර්ථිකය සංවර්ධනය කෘෂිකර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්රයන් නගාසිටුවීමට නව වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
" පිටරටින් නැවත සහල් ගේන්න අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා. එය කැබිනට් මණ්ඩලය කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නොවේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියට පත්වුණාට පස්සේ සහල් පිටරටින් ගේන්න අවශ්‍යතාවය තිබුණත් සහල් ගේන එක නැවැත්තුවා. අපි බැලුවේ ගොවියාට සහ ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන ආකාරයට මේ කටයුතු නිම වෙයි කියලා.
ජනාධිපතිතුමා සත්භාවයෙන් මේ රටේ ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අපි ආණ්ඩුව ගන්න විට වී කිලෝ එක්ක සහතික මිල රුපියල් 32 යි. අපි මේක 55 ක් බවට පත් කළා. ගොවියා, මොල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්වයක් ඇති කරන්න උත්සහ කළාට එය බැරි වුණා.
ඒ නිසා රජයට සිද්ධවෙලා තිබෙනවා හාල් මෙක්ට්‍රින්ටොන් ලක්ෂයක් ගේන්න. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. කොච්චර පිටරටින් ගෙනාවත්, හාල් මිල බැස්සත්, රජය සහතික මිලට අනුව වී රුපියල් 55ට ගන්නවා කියලා අපි කියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරුන් දෙන්නෙක් එකතු වෙලා ඉහළ යන සහල් මිලට ගේමක් දෙනවයි වහසිබස් දෙඩුවා. හාල් මිල තව ඉහළ ගියා. දැන් හාල් පිටරටිනුත් ගෙන්වන්න යනවා. කාබනික පොහොර සහ වී මිල පාලනයෙන් ගොවියා අනාථයි. මේ ඇමැතිවරු දෙපළම අසාර්ථකයි. වහසිබස් දෙඩවීම හැර වෙන කළ හැකි දෙයක් නැත.
ඒ කියන්නේ දැනට කිසිම වැඩ පිළිවලක් හෝ සැලැස්මක් හෝ නැද්ද? දැනට මාසයකට කලිනුත් බන්දුල ගුණවර්ධන කිව්වා හාල් පාකිස්තානයෙන් ආනයන කරනවයි කියලා. එහෙමනම් එ්ක බොරුද? දැනට හාල් ආනයන කරන්නත් ඩොලර් නැහැ වගේ... කිසිම වැඩකට නැති ආණ්ඩුවක් මේක...
දැන් මේ හෙළිවෙන්නේ... හෙළිවෙන්නේ කියලා කෑගහන්නේ එයාගේ මොකක්ද දැන් හෙළිවෙන්නේ?
අපගේ මෙම අදහස් 100%ක් වැරැදි විය හැකිය. කාරුණිකව මධ්‍යස්තව සිතීමට උත්සාහ කරමු. ඇයි රජයට "තරගකාරි මිලට" වී මිලදීගෙන ආරක්ෂක හමුදා සාමාජිකයින් සම්බන්ධ කරගෙන වීමෝල් පටන්ගෙන සතොස හරහා මහජනතාවට සහල් ලබාදීමට බැරි ඇයි?
අනේ මෙහෙමත් ආණ්ඩුවක් .ගැසට් ගහනවා රිවස් කරනවා
ඔය ඔක්කොම කෙරුවාව ආනයනය කර කොමිස් ගහන්න නේද. හිඟ වෙන්න වෙන්න ඇමතිලාට මල් හිනා යනවා. බලන්න පෙරේත මූනේ සිරියාව.
කවදා වුන දේවල්ද මේ
දැන් මහින්දානන්ද කියනව හාල් ඇටයක්වත් පිට රටින් ගේන්නැ කියලා. මෙයා කියනව හාල් පිටරටින් ගේනව කියලා. බන්දුල දැන් මාස ගානක ඉදලා හාල් පිටරටින් ගේනව කියනවා. පිස්සු හැදෙනව මේ අයගේ කතා අහල.
20 ත් සම්මත කරගෙන 2/3 කුත් අතේ තියාගෙන කරගන්න බැහැ කියන්නේ බෑම තමයි.!
මේ එක්කෙනෙක්වත් පාරිභෝගික අපි ගැන හිතන්නේ නැහැ.
සහල් ආනයනය කරන්න අපේ කිසිම විරුද්දත්වයක් නැහැ
.පසුගිද දිනක වාර්ථාවක් දැක්කා ආනයනය කල සහල් තොගයක් කොම්පෝස්ට හදන්න හමුදාවකට දුන්නා කියල..මේවාට එසේ නොවේවා