මහමද්තුමාට අපහාස වන චිත‍්‍රපටයක් ඇමරිකාවේ නිෂ්පාදනය කළැයි විරෝධය පළ කරමින් ලොව පුරා හමා යන මුස්ලිම් රැල්ලට අක්කරපත්තුව මුස්ලිම් ජනතාවද අද එක්විය. නගරයේ කඩ සාප්පු කාර්යාල වසා දමා ඇමරිකා විරෝධී උද්ඝෝෂණයක් දැන් එහි පැවැත්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබියේ මුස්ලිම් මිනිස්සු මොනවා කළත් මෙහෙ අය ඒ දේම කරනවා.!(නු)
ආගම් වලට නිගා කරන්න එපා
මම මේ චිත්‍රපටය බැලුවා.. ඇත්ත තමයි තියෙන්නෙ..!(නු)
ඔයා මොකද තේරුමක් නැති කතා කියවන්නෙ. ඇෆ්ගනිස්ථානයේ භාමියන් බුදු පිළිම කඩනකොට බෞද්ධ කට්ටියනෙ උද්ඝෝෂණ කරන්න ඕනෑ. අපි මොකටද උද්ඝෝෂණ කරන්නේ? (නි)
ඔවුන් හරි
ජයවේවා ජයවේවා
අපිත් එකඟයි ඔබ සමග
අනේ වාසේ
ආගම් විශ්වාස නොකලත් ඒවාට අපහාස නොකරන්න..!(නු)
අපිට වැඩක් නැහැ අනේ
සිංහලයිනි, ජාතිවාදී අදහස් නොලියනු! (නි)
අරාබියේ මුස්ලිම් මිනිස්සු අසූචි කෑවොත් මෙහෙ මුස්ලිම් අයත් ඒක කරනවා. (නි)
අසරණ මිනිස්සු
කාටවත් කියන්න බැහැ ඒ මිනිස්සු වැරදි කියලා (දී)
මේ මිනිස්සු මේ චිත්‍රපටියේ නමවත්, ඒක කළුද සුදුද කියලවත් දන්නේ නැතිව ඇති. කවුරුහරි කියනවට පාරට බැහැලද කොහේද? (නි)
අෆ්ඝානිස්ථානයේ බුදු පිළිමයන් විනාශ කළාට අක්කරපත්තු අය උද්ඝෝෂණ කළාද කියලා අහනවා. එයට උද්ඝෝෂණ කළයුත්තේ අක්කරපත්තු අය නොව අප බෞද්ධ සහෝදරයෝනේ. අනෙක මෙවැනි ආගමික නින්දාවට විරෝධය දක්වන්න කාටත් අයිතියක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ අවසාන වක්තෘන්වරයාවන මුහම්මද් නබිතුමාණන්ට මෙසේ හිතාමතා අපහාස කිරීමෙන් ඇමෙරිකානුවන් කළේ විශාල වරදක් සහ පාපයක්. එහි විපාකයන් ඔවුන් යථා කාලයේදී විදගනීවි. (නි)
ඇමරිකාව අනාගන්න කාලය ඉතාම ළගයි වගේ..!(නු)
මහමත්මා කියන්නෙ සාධු චරිතයක්ද ඔය තරම් ගරු කරන්න. (ස)
අපහාසාත්මක කතාවක්
ෆිල්ම් එක අපිට බලන්න අරිද
හඳ එළියට කට්ටිය කට්ටිය කෑගහනවා තමයි..(ස)
රොෂාන්, මෙතන උද්ඝෝෂණ කරන්නෙ ගල් පිලිම වලට වදින අය නෙවේ. හිස් අවකාශයට වදින අය. (නි)
ඔබ සියලුදෙනාගෙ අදහස් අගයකරන අතර බෞද්ධයන් වන ඔබ ගෞතම බුදුන් වදාල බෞද්ධ දර්ශණය නිවරදීව ඉගෙනගන්න. අෆ්ඝානිස්ථානයේ බුදු පිළිමයන් විනාශ කිරිම මා තරයේ හෙලාදකිමි.එය ඉස්ලාමි ආගම නොදන්නා අන්ධ භක්තිකයන්ගේ ක්‍රියාවකි .මුහමිමඩි නබිතුමා මුස්ලිමි භක්තිකයන් වන අප දේව දුතකයෙකු ලෙස පිලිගනිමු එබවින් ඔහුගේ නාමයට හා චරිතයට නිගාකරන්නේ නම් අප එයට විරැද්ධව හඩනගන්මනමු. එබැවින් සිරියාව වැනි රටවල මුස්ලිමි ඔවුන් අතර ගහමරාගැනිමි තිබුනත් මුහමිමඩි තුමාගේ නාමයට හා චරිතයට නිගාකරන්නේ නම් විරැද්ධව හඩනගන්නේය. අරාබියේ මුස්ලිම් මිනිස්සු කරන දේවල් අප නොකරන අතර [කුර්ආනය නොහොත් දේව ග්‍රන්ථයේ ඇති දේ පිලිපදින්නෙමු.] (දී)
ජාතිවාදී අදහස් අතහැරපල්ලා. (නි)
ගල් පිළිමවලට වදින අයගේ හැටි ඔහොම තමයි. (නි)
මෙච්චර රටවල් ඇවිලුණු එකේ ඉස්ලාම් ආගම ඔලුවේ තියන් ඉන්න සෞදි අරාබිය කිසිම දෙයක් නැති ගානට ඉන්න එකවත් අනිත් රටවල් ආදර්ශයට ගත යුතුයි. මට හිතෙන විදියට සෞදිය, ඇමරිකාවට එරෙහි වීම සියතින් ගෙල මිරිකීමක් වන නිසා, ඔවුන්ගේ මිනිස්සු කුලප්පු වෙන්නට නොදී ආරක්ෂා කිරීම හැර විකල්පයක් නැත. ඒ කොහොම උනත් එම වීඩියෝව යූටියුබ් එකට පින් සිද්ධ වෙන්න නරඹපු මට හිතුනේ ඔය ෆිල්ම් එක තවත් උසස් කරලා චරිත වඩාත් හොදින් නිරුපනය කරලා සාර්ථක චිත්‍රපටියක් ලෙස එළියට ගෙනවානම් හරි කියලා. ඉස්ලාම් ආගම කරන්නේ මිනිස්සුන්ගේ ඇස් බැන්දිල්ලක් කියන එක මෙහෙම හරි තේරුම් කරවන එකට යෝධ-බල යෝධ-ශක්තිය මේවගේ ෆිල්ම් හදන අයට ලැබේවා..!! (නි)
මුස්ලිමුන් නොවන උන්ගේ හදවතටම අපි ඉතා ඉක්මනින් භීතිය (ත්‍රස්තවාදය ) ඇතුලු කරන්නෙමු. ඔන්න “සාමයේ ආගමේ” අපූරුව- ඔය විදියටයි මුස්ලිමුන්ගෙ පොතේ ත්‍රස්තවාදය උගන්වන්නෙ. (නි)
ඇමරිකානුවන් හා මුසල්මානුවන් තරගයට පවු පුරවගන්නවා. ස්වභාවධර්මය පවු කරන අයට නිසි කලට නිසි දඩුවම් දේවි. මෙය තේරෙන අය පින්කරමින් ජීවත් වෙන්න. (නි)
ඒ මිනිස්සුන්ට වරදක් කියන්න බැහැ (දී)
හරකෙක්ගේ බෙල්ල කපලා ප්‍රාර්ථනා කළා නම් ඔක්කොම හරියයි. (නි)
අපි කැමතිද අපේ ආගමට නිගා කරනවාට
මෙයාලගේ බොරු වැඩ. (නි)
මොහොමඩ්, ඇෆ්ඝනිස්ථානයේ බුදුපිළිම කැඩුවේ මුස්ලිම් අය බව ඔබට අමතකද? (නි)
හා හා මුස්ලිම් මල්ලිලා කලබල වෙන්න එපා..(ස)
හිතන්න බුදුරජාණන් වහන්සේට ඔහොම එකක් හැදුවා කියලා. අපි එයට කලබල විය යුතු නැහැ. මොකද උන්වහන්සේ එසේ නොවන, එවන් නිග්‍රහයකට හේතුවන කාරණා වලින් තොර වූ, කෙලෙසුන් නැසූ අරහත් මුනිවරයෙක් නිසා. ඉතින් "තමන්ගේ ශාස්තෘවරයාට කවුරුහරි අපහස කළොත් මෙහෙම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා " හොදින් විමසා බලන්න. මේ චෝදනාව සාධාරණද? සත්‍ය කරුණු මත පදනමද? මේ චෝදනාව ගැළපෙනවද යන්න, බුද්ධිමත්ව", ගැළපෙන්න නැත්නම් , අදාල නැත්නම්, එය බැහැර කරන්න. ඒ චෝදනාව අපහාසය ඔබට අදාල එකක් නොවෙයි. එය ඒ අයට ඇති වී ඇති ප්‍රශ්නයක් පමණයි. එයට වැඩි ආයුෂත් නැහැ. " ඉතින් එතන උද්ඝෝෂණ, පෙළපාලි, ගිනිතැබීම්, පහරදීම්, මිනී මැරීම්, ශුද්ධ යුද්ධ , වෛරය , ක්‍රෝධය, පළිගැනීම් වලට ඉඩක් නැහැ. "ඔබ එසේ කරන අයට ක්‍රෝධ , වෛර කිරීමෙන් අයහපත වන්නේ ඔබටමයි. ඔබේ හිත දුෂණය වෙන නිසා" , මුස්ලිම් අය මෙය හිතට ගෙන විමසා බැලුවොත් ඔය ප්‍රශ්නේ ඒක හදපු කෙනාගේ මිසක් ඔයගොල්ලන්ගේ ගැටළුවක් කරගන්න එපා. නැත්නම් ඔය වෙනුවෙන් මිනී කීයක් මැරෙයිද දන්නේ නැහැ. අයහපත වන්නේ ඔබේ අයටමයි. (නි)
ඔය බොරුවට කෑගැහුවට චිත්‍රපටිය දැක්ක කෙනෙක් ඉන්නවද? (නි)
ආගමික නායකයන්ට නින්දා කරන්න එපා (දී)
ඕකට ඇමෙරිකාවට බණින එකේ තියෙන තේරුම මොකක්ද? (නි)
මන්ජු, ඇත්ත කියලා කියන්න ඔයා හිටියද ඒ කාලේ ? එම බොරුකාර දර්ශන හඩකවලා කියලා නොතේරෙන්න තරම් ඔයා මෝඩද ? (නි)
ඔබාමා හැංගෙන්න බිත්තර කටුවක් හොයනවා ඇති.. (ස)
ජනක........ඔබ හරි. අපි ඔබ සමඟයි (ස)
වැරදි දේට වැරදි කියන්න ඕන (දී)
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය , ආගමකට නිගරු කරන්න කිසිම කෙනෙකුට බැහැ . එක් කුණාටුවක් හමාගියොත් ඇමරිකාවක් නෑ.. (ස)
ජනකගේ සටහන අගය කල යුතුයි. (ස)
අපේ බුදු පිළිම විනාශ කර කොට මේ අය හිටියේ කොහෙද? (දී)
වරුණ ඇමෙරිකාව බය කරන්න නෙමෙයි මේ උද්ඝෝෂණය. කරලා තියෙන වැඩේ හොද නැහැ කියන්න. ලංකාවේ හැමදාම උද්ඝෝෂණය කරන්නේ ජනාධිපති තුමා බය කරන්නද? (දී)
දැන් මේ අක්කරෙයිපත්තුවේ ඉන්න මුස්ලිම් ජනතාවද බාමියන් බුදු පිළිමය කඩලා දැම්මේ? ජනක ඔයා සැබෑම සාමය පැතිරූ බුදු රජානන්වහන්සේගේ අන්ධ භක්තික ශ්‍රාවකයෙක් (ස)
තමන් අදහන ආගමික නායකයාට අපහස වෙන දෙයක් සිදු කලාම තරහා යන එක සාධාරණයි නේද? එහෙම දෙයක් අපිට වුනා නම් අපිත් ඔය විදිහට නේද හැසිරෙන්නේ? කාගේ නමුත් ආගමකට අපහස කරන එක වැරදි. (ස)
ජනක ඔබනම් සැබෑම බෞද්ධාගමකයෙක්. විය යුත්තේද එයයි. ඔබට බුදු සරණයි (දී)
ජනක ඔබ හරියටම හරි (ස)
ජනක ඔබ හරියටම හරි... (ස)
ඒ මුස්ලිම් වරුන්ට බනින්න එපා
ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ
දැන් මෙයාලා වයින් වෙලා.(නදී)
මේ මිනිස්සු ගැන පුදුමත් හිතෙනවා
ජයවේවා
මුස්ලිම් ජනතාවට සුභපතනවා මම
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම වහන්සේලා කඩා බිද දමන මොහොතේ මේ අය උද්ඝෝෂණය කලාද ? මේ විදියට කඩ සාප්පු වැහුවද ? කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකල, සසරේ දුක් විදින අහිසංක සත්වයාට ඒ සසරින් මිදීමට මග පෙන් වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා කඩා බිද දැම්මේ මොන හේතුවකට ද? උන්වහන්සේ ඔබලාට කල වරද මොකක්ද ? ඉන්දියාවේ නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලය ගිනි තබා අහිංසක ස්වාමීන් වහන්සේලා දහස් ගණනක් මරා දමන්න බුදු දහම ඔබලාට කල වරද මොකක්ද ? අන්තවාදීව රැස් කර ගත් බලවත් පාපය මේ ජීවිතයේ දී හෝ සසරේ කවදා හෝ විපාක දේවී. එහෙත් එය එසේ නොවේවා යන්නය මාගේ පැතුම. සියළු සත්වයෝ සුවපත් වේවා ! මම තුන් ලොවටම සැබෑම සාමය පැතිරූ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක්. (ස)
ඕකට තමයි කියන්නේ ආගමික නිදහස කියලා.. (ස)
නිකන් කට විතරක් තිබුනට මදි (දී)
මෙවන් අපහාසාත්මක චිත්‍රපටි තනන්නන් මානසික රෝගීන් බව අමතුවෙන් කිව යුතු නොවේ.
ආගමකට හෝ ආගමික නායකවරයෙකුට අපහාස කිරීම, පුද්ගලික නිදහසක් යැයි පවසන ඇමරිකාවට හොඳ පාඩමක් ඉගෙන්වීම අරාබි රටවලට ඉතාම පහසුවෙන් කළ හැකි කාර්යයක් වේ. තමන්ගේ රටවල ජීවත්වන ඇමරිකානුවන්ට මින් පසු ‘රැකියා වෙනුවෙන් වීසා අලුත් කිරීම නැවැත්වූයෙමු ‘ යැයි එක රටක් පැවසුවේ නම් ඇමරිකාව තමන්ගේ පිළිවෙත වෙනස් කරගන්නේය. (ස)
මම බුද්ධාගමේ නමුත් මේ අපහාසයට මමත් විරුද්දයි
ජනකට බුදු දහම ගැන තව ඉගෙනගන්න තියෙනවා. (නි)
මේ මිනිස්සු කියන දේ තේරුම් ගන්න
අනේ මන්දා ඓතින් ඕව
ජනක, ඔයාගේ අදහස සහ ප්‍රාර්ථනාවම තමයි මගේ අදහස සහ ප්‍රාර්ථනාවත් වෙන්නේ. (නි)
ජනක ඔබ හරි . (ස)
ඉන්දියාවෙදි බුදු පිලිම විනාශ කරද්දි ඒවා බුදු දහමට නිගාවක් කියලා තේරුනේ නැති එකනේ පුදුමෙ....හැම දෙයක්ම තමන්ගේ වාසියට තමයි (ස)
ඇමරිකාව බය වෙයි අක්කරේපත්තුවේ උද්ඝෝෂණ කරා කියලා.. (ස)
වතිල , ඔයාට හිතෙන්නේ ජනක මේ දේවල් කියලා තියෙන්නෙ අවබෝධයෙන් කියලාද? ඇමරිකාවේ නිපදවපු චිත්‍රපටියකින් මහමද්තුමාට අපහාස වෙනවයි කියලා ඊට විරුද්ධව ලංකාවේ මුස්ලිම් ජනතාව උද්ඝෝෂණය කළා කියලා ප්‍රවෘත්තියක් පළවෙනවා. ජනක ඇවිත් කියනවා බාමියන් බුද්ධ ප්‍රතිමාව කඩා දැම්ම වෙලාවේ මේ අය උද්ඝෝෂණය කළාද කියලා? බුදුන් වහන්සේගේ ප්‍රතිමා කඩා දැම්මේ ඇයි? ස්වාමීන් වහන්සේලා ඝාතනය කළේ ඇයි කියලා. දැන් මොකද්ද මේ දෙක අතර සම්බන්ධය? දැන් ඔයා බෞද්ධයෙක් නම්, වෙනත් ආගම් වලට යම් යම් අකටයුතුකම් වෙන වෙලාවට ඔයත් ගිහින් උද්ඝෝෂණය කරනවද? බණ්ඩාරනායක ඝාතනය කලේ භික්ෂුවක් නිසා මුලු ශාසනයම ඝාතකයෝ වෙනවද? පටු රාමු ඇතුළේ ඉන්න අයට එළියේ මොනවා වුණත් පේනෙන්නෙ තමන්ගේ රාමුවෙන් වටකරගත්ත ටික විතරයි. (නි)
අපිට පාඩුවෙයි.(නදී)
ෆිල්ම් එකේ නම මොකද්ද ?
මටත් කරුණක් කියන්න තියෙනවා. තම ආගමික නායකයට අපහාස වුණා කියල හිතෙනවා නම් විරෝධය පාන්න අයිතියක් තියෙනවා. ඒත් සිරියාවේ එකම ආගමේ අය මරා ගන්නවා, පාකිස්තානේ පල්ලියේ පූජාවට යන මිනිසුන්ට ඒ ආගමේම අය බෝම්බ තියල මරනවා. ඒ වුණාට මේ කිසි දෙයකට කිසිම විරෝධයක් නැහැ. හරිම පුදුමයි. (නි)
මේ කට්ටිය ඒ ෆිල්ම් එක බලලද? (දී)
ජනකගේ අදහස ඉහලින්ම අගය කරමි (ස)
මිනිසුන්ගේ නාමෙයන් කාගේවත් ආගමකට නිගරු කරන්න ඒපා . ආගම දහම තුල ලොකු හැදියාවකි ඇත්තේ ලොව වැසි සැවොම ඒය වටහා ගත යුත්තේ (ස)
ශ්රී සරට ජනක කියපු දේ අවබෝද වෙලා නෑ වගේ.. (ස)