උතුරුමැද පළාත් සභා ඡන්දයේ සංධාන මංගල රැළියට පෙර වලිසිංහ හරිස්චන්ද්‍ර පිටියෙන් ඇරඹි පෙළපාලියකින් උසස් පෙළ විභාග අපේක්ෂකයනට බාධා සිදුවේදැයි යන්න වහා සොයා බලන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කළේය. අද දහවල් 12ට පමණ ආරම්භ කළ පෙළපාලියෙන් ඇතිවූ ඝෝෂාව නිසා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය යන විභාග මධ්‍යස්ථාන තුනෙහි උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලියන විභාග අපේක්ෂකයනට බාධා වුණැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජිත අදහස් කර ඇති දේ බුද්ධිමත්ව බැලුවොත් තේරුම් ගන්න පුලුවන්. (නි)
රජිත වගේ අය ඉන්න රටක් මේක...!!(නු)
ජනතාවනි තීරණය ඔබ අතේ....!!(නු)
මම හිතන්නේ රජිත ඒකෙන් කියන්න අදහස් කළේ අපේ දේශපාලඥයින් හිතන රටාවයි. (නි)
මෙවර ඡන්දෙයෙන් හොද තීරණයක් ගන්න..!!(නු)
රජිත, ඡන්දයකට වඩා විභාගය වැදගත්. ඒත් ඡන්දයකට දින නියම කරද්දි වටපිටාව ගැනත් හොයලා බලන්නයි තිබුණේ. (නි)
මේකට කාටවත් බණින් ඕනෑ නැහැ. අදහස් ප්‍රායෝගිකවම ඡන්දයේදී දක්වන්න පුලුවන්නේ. (නි)
එක් සිසුවෙකුට හෝ මින් අසාධාරණයක් සිදු වී නම් කරුණාකර අදාල බලධාරීන් ඔවුන්ගේ සේවයෙන් වහා ඉල්ලා අස්විය යුතුයි. (නි)
චමින්ද හරි. රජිතගේ අදහස් නිවැරදියි. (නි)
"නීලා 2012-08-19 07:08:44 රජිත, ඡන්දයකට වාද විවාද වැදගත්. ඒත් ඡන්දයකට දින නියම කරද්දි වටපිටාව ගැනත් හොයලා බලන්නයි තිබුණේ" වටපිටාව නම් හොයන්න ඇති, මෙන්න මේ කරුණු තුන ගැන. 1. අනෙක් පක්ෂවල කුළල් කා ගැනීම්, 2. ළඟ ළඟ එන දේශපාලනික පිරිහීම. 3. ග්‍රහචාරය. (නි)
සනත් ඉන්දික ඔබ හරි. මාද එය එකහෙළා අනුමත කරමි. රටේ මිනිසුන් 100 කට මේ වගේ එක් අයෙකුද සිටින බව සිතට ගන්න. (නි)
දැං ඡන්දය දෙන්න පක්ෂයක් හොයාගන්නත් නැහැ.. ඡන්දය නොදී ඉදලා වැඩකුත් නැහැ.. 83 වගේ එළියට එන්න කොල්ලොත් නැහැ දැං.. දෙයියනේ මොනවා කරන්නද දන්නෙත් නැහැ..!!(නු)
හුගක්ම දේශපාලඥයන් නිසි අධ්‍යාපනයකින් තොරයි. ඒ නිසයි මේ හැම දෙයක්ම වගේ සිදුවන්නේ. (නි)
සනත් ඉන්දික, මනෝජ් වගේ උගතුන් නිසා රටේ අධයාපන්‍ය බාල්දු වෙනවා. නන්දා මාලනීගේ "රට කරවන්න නම්" සිංදුව අහලා ඔයාලා තේරුම් ගත්තේ මොනවාද කියලා මට සැකයි. (නි)
උසස් පෙළ විභාගය හැම අවුරුද්දෙම එනවා. ඒත් ඡන්ද හැම අවුරුද්දෙම එන්නේ නෑනේ. මේ සැරේ බැරිවුණොත් ලබන පාරත් ලියන්න. එච්චරයි. (නි)
අනේ විකාර, ඔය කියන විභාගය පාස් කරලද අද හැමෝම සුරසැප විදින්නේ එතකොට? (නි)
රජිත්, කීර්ති වගේ මෝඩ මිනිසුන් කවදාවත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියල නැහැ. ලිවුවත් පාස් වෙලා නැහැ. ඒක මට විශ්වාසයි. (නි)
රජිත් කිව්ව දේ ගොඩාක් අය තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට. විභාග ප්‍රශ්ණ පත්‍රවල තියෙන්නෙ සුලු සුලු වැරදි කියලා කියනවා වගේ මේකටත් උත්තරයක් දෙයි. රජිත් ඒ උත්තරේ කලින්ම දෙනවා. රජිත් මම ඔබ සමගයි. (නි)
රජිත් ලියාපු දේ නොතේරෙන්නේ මෝඩයන්ටයි. (නි)
විභාගය පාස් වෙන්න අවසර තියෙන්නේ ලොකු ලොකු අයගේ ළමයින්ට විතරද? (නි)
ඉගෙනගත්තත් ඉන් වැඩක් ගන්නා කෙනෙකුට පමණයි එහි වටිනාකම තේරෙන්නේ (නි)
මේ විභාග අසමත් උනත් කමක් නැහැ.... හත පාස්නම් අපේ ලංකාවෙ හොදම රැකියාවලට යන්න පුළුවං...!!(නු)
උසස් පෙළ විභාගය හැම අවුරුද්දෙම එනවා. ඒත් ඡන්ද හැම අවුරුද්දෙම එන්නේ නෑනේ. මේ සැරේ බැරිවුනොත් ලබන පාරත් ලියන්න. එච්චරයි. (ස)
ඔය වගේ වැඩ කරන අයට ඡන්දේ නොදී ඉන්න මිනිස්සු දැනගන්න ඕන. (ස)
මේ දක්වා පරීක්ෂණයකින් වැරදි කරුවකු වූ කෙනෙක් කියන්න බලන්න? (ත)
මේ රටට උගත් බුද්ධිමත් පරපුරක් බිහිකිරීමට කාටවත් උවමනාවක් නැහැ. මෝඩයන් බිහි කිරීම තමයි බලය රැක ගැනීමට හොදම දෙය.. ඒක තමයි අරමුණ මෙයලාගේ...!!(නු)
මේ අයට විභාග ගැන එතරම් දැනුමක් නැහැ...!!(නු)
ඉස්කෝලෙ ගිය අය විතරයි විභාගෙක වටිනාකමක් දන්නෙ..!!(නු)
ඕවා ගැන සොයා බලා වාර්තාව එනකොට ප්‍රථිඵලත් ඇවිල්ල තියෙයි..!! මෙයාල දන්න උසස් පෙළ...(නු)
රන්ජිත්, මට ඔයාගේ උගත්කම ගැන දුකයි. අඩුම තරමින් ඔය වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැද්ද? පාසලක ගිය කෙනෙක් මිසක් කට්ටි පැනපු මෝඩයන්ට කොහෙන්ද විභාගයක වටිනාකමක්? ඔයාල වගේ අය තමයි පෙළපාලි වල හතර ගාතෙන් නට නටා යන්නේ. ඔහොම යන්න, ඔහොම යන්න. ඉදිරියට මැතිවරණ වැලක් තියනවා. බඩගෝස්තටරේ හොයාගෙන යහතින් වැජඹෙන්න. (නි)
පොලිසිය බලන් ඉන්දැද්දි තමයි රතිඤ්ඤා පත්තු වෙලා පෙළපාලි වල ඝෝෂාව පටන් ගත්තේ. ඉතිං මේවා කාටද කියන්නේ? (නි)
අනේ ජනාධිපතිතුමනි පක්ෂෙ ඉන්න පුද්ගලයෝ හදලා ඉන්න. (ත)
අද නූගතුන්ට කරන්න පුලුවන් හොදම රැකියාව දේශපාලනය නිසා ළමයින්ටත් තිබුණේ පෙළපාලියට යන්නයි. (නි)
රජිත, ඔයා දන්නෙ නැහැ අවුරුද්දක වටිනාකම ළමයෙකුට...!!(නු)
ආණ්ඩුවට විභාග ගැන හැගීමක් නැහැ...!(නු)
මෙයාලට රට පාලනය කරන් දුන්නනම් මීට වඩා දේවල් බලාපොරොත්තු විය යුතුයි..!!(නු)
අනුරාධපුර වැසියනි... ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නැතිව..!!(නු)
පව් අහිංසක දරුවෝ..!!(නු)
විභාගෙ වගේද ඡන්දෙ. විභාගෙ පාස් නම් වැඩිම උනොත් කැම්පස් එකක ලෙක්චර් කෙනෙක් වෙයි. ඡන්දෙ දින්නොත් සියළු පහසුකම් සමග මාසෙට පඩිය ලක්ෂයයි.(නු)
අධ්‍යාපනයේ වැදගත්කම තේරෙන්නෙ නැහැනේ..!!(නු)
අනේ ජනාධිපතිතුමා ආවද අනුරාධපුරේ...?(නු)