පෞද්ගලික බස් රියදුරෙකුට හා පොලිස් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධරයෝ 6 දෙනෙක් මහව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටිති
මගුල් ගෙදරක ගොස් එමින් සිටි ඔවුනට මෙම බසය නොනැවැත්වීයැයි තවත් වාහනයකින් හඹාගොස් රියදුරුට පහර දෙද්දී බසයේ සිටි කොස්තාපල් වරයෙකු ඊට මැදිහත් වු බවත් ඔහුටද එම පිරිස පහර දි ඇතැයි පොලිසිය කියයි
මෙම හය දෙනාම බීමත්ව සිටි බවට වෛද්‍ය පරීක්ණයෙන් අනාවරණ වී ඇත
රෝහල් ගතව සිටින කොස්තාපල්වරයා
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස්තාපල්වරයාව මම අගයමි. ඉක්මන් සුවය පතමි. (නි)
රැකියා වේලාව නෙමෙයි කියලා රාජකාරිය අත්හැරියේ නෑ ...(ස)
පොලිසියේ මහත්තයගෙ ඉදිරිපත් වීම අගය කරනවා.(ස)
ඇත්තටම පොලීසියෙන් වෙන්න ඕන ඔය දේ තමයි..ඔබව අගය කරමි...(ස)
සෑම තැනකම ඉන්නේ කිසිම විනයක් නැති උදවියම තමයි. (නි)
අපොයි ඔව්.. නීතිය කාටත් එකයි ලු.. !!(නු)
අවුරුදු කීයක් හිටියද ??(ස)
රාජ්‍ය ආයතන වල ඉන්නා ටික දෙනකුගේ මානසිකත්වය හොද මදි. (නි)
ඇත්තටම කණගාටුයි. අසාධරණය හමුවේ හය දෙනෙකුට එරෙහිව තනිව නැගී සිටි කොස්තාපල් වරයාට අපේ ප්‍රණාමය. ඔබ වැනි නිර්භීත නිලධාරීන් තමයි මේ රටට අවශ්‍ය.(නු)
මාර කොල්ලෙක්නෙ. ගුටි කාගෙන තනියම 6 දෙනකුව අත්අඩංගුවට ගත්තා කියන්නෙ පොඩි දෙයක්ද? මං නම් කියන්නෙ මෙයාට පදක්කමක් හරි මොකක් හරි දෙන්න වටිනවා. (නි)
පුදුමයි.කවුරුවත් අද කියලා නැහැ අරයා ආවනම් මේ සේරම නවතියි කියලා. (නි)
පොලිස් රාලහාමිට අපේ උපහාරය....(ස)
රාජ්‍ය ආයතන වල ඉන්න අයට පිස්සුද මන්දා? (නි)
දැන් වාද බයිලා මෙහාටත් ගිහිල්ලාද? ළගදිම පොලිසියෙන් හොද කෑමක් හම්බ වෙයි කට්ටියටම. (නි)
අයියෝ, මොකද වෙලා තියෙන්නේ? (නි)
මතට තිත දැන් "මතට තැන" වෙලාද කොහේද? (නි)
මේ අයට ගහනකොට උදව් කරන්න ඕනත් ත්‍රිවිධ හමුදාවම තමයි..!!(නු)
ඔවුනගේ අඩු කඩන්නයි වටින්නේ. (නි)
මේවා දැන් ලංකාවට සාමාන්‍යය දේවල් .දැන් මිනිහෙක්ව මරනවා , ගහනවා කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා.මොකද ඉහළම තනතුරු දරන පුද්ගලයන් අතින් වැරදි වුණහම ඒවාට නීතිය ක්‍රියාත්මක වන විදිහ අනුව දැන් මිනිස්සු මේ නීතියට බය නැහැ .දැන් පොලිසි කීයකට ජනතාව ගල් ගැහුවද ? මිනිස්සුන්ට දැන් මේ පොලිසි ගැනවත් විශ්වාසයක් නැහැ .මේකට මමනම් යෝජනා කරන්නේ මේ නීති සංශෝදනය කර නැවත එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම සහා තරාතිරම නොබලා කළ වරදට දඩුවම් ලබා දීමත්ය. දෙවනුව නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ දුෂිත නිලදරින්ට නිසි දඩුවම් ලබාදීමත්ය.නැත්නම් මෙපමණ බණ අසන රටක මෙවැනි සිදුවීම් වන්නේ කෙසේද ? (නි)
අපේ රටේ දැන් හරියට රණ්ඩු. (නි)
හොද වැඩේ. (නි)
ඒ වුණාට හිර කරුවන්ගෙන් ගුටිත් කනවනේ. (නි)
බන්ධනාගාර නිලධාරීන් හයට, ළගදිම පොලිසියෙන් මොකක් හරි සංග්‍රහයක් ලැබෙයි. (නි)
බලාගෙන ගියහම ඔක්කොම චණ්ඩිනේ. (නි)
නියමයි. රටේ නීතිය කාටත් පොදුයි කියලා ඕනෑම කෙනෙකු තේරුම් ගත යුතුයි. (නි)
මුකුත්ම කරන්න බැරි අය බිවුවහම කාඩ්බෝඩ් වීරයන් වෙනවා. (නි)
මෙයාලා හිරේ යවනවාද? (නි)
අසාධාරණය වැළැක්වීමට ඉදිරිපත් වී කටයුතු කළ ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
පොලිස් රාළහාමිට පිස්සුද මන්දා? මානසිකත්වය හොද මදි. තනියම ගුටි කාගෙන. රාජකාරිය,රැකියා වේලාවේ වෙන්න ඕනෑ . (නි)
පොලිසියත් එකයි. බන්ධනාගාරයේ කට්ටියත් එකයි. අපි නොදන්නවායැ. (නි)
මේවා පුදුම වෙන්න දේවල් නොවෙයි. බලය අනිසි විදියට පාවිච්චි කිරීම, උඩ ඉඳල පහළටම තියෙන සමාජයක සාමාන්‍ය ස්වරූපය මේක තමයි. (නි)
අද ඒ පැත්තේ බස් වර්ජනයක් එහෙම නැහැ නේද? (නි)