IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’ X ban - 2024 ජනපති සුරතින් විවෘත වෙයි

(තිලකරත්න දිසානායක සහ අංජුල මහික වීරරත්න)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය 106 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන  "X-ban" 2024 අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා වෙළෙඳ  ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (24) ආරම්භ කෙරුනු අතර මෙම මස 28 වෙනි දින දක්වා මෙය පැවැත්වේ. 

මෙහිදී බණ්ඩාරනායක විද්‍යාලයේ  2023 උසස් පෙළ ඉහළ සාමාර්ථයන් පෙන් වූ  සිසුන් පිරිසකට ත්‍යාග ප්‍රදානය කිරීම ද  ජනාධිපතිවරයා අතින් සිදු කෙරුනු අතර විද්‍යා හා ගණිත අංශයෙන් දක්ෂතා දැක්වූ සිසුන් පස් දෙනෙකු සහ තාක්ෂණ අංශයේ එක් අයෙකු මෙලෙස ඇගයීමට ලක් වූහ.

ප්‍රදර්ශන පරිශ්‍රයේ දී  විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගුවන් හමුදාපති උදේනී රාජපක්ෂ මහතා වෙත  " X ban  - 2024 " ප්‍රදර්ශනයේ  නිල ටී ෂර්ටය, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සචිත්‍ර මිලාන් මහතා විසින් පිළිගැන්වීමද සිදු කෙරුණු අතර එම අවස්ථාවට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සහ බණ්ඩාරනායක ආදි ශිෂ්‍ය ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ යන මහත්වරුන් ද එක්ව සිටියහ.   

ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන , විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්වන පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, ගුවන් හමුදාපති උදේනී රාජපක්ෂ, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ යන මහත්වරුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන්  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගතවීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රටේ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 ඇතුලත නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බව කී ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවද අවධාරණය කළේය. 

නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව  පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද සඳහන් කළේය. 

විදුහල්පති කසුන් ගුණරත්න මහතා විසින් X-ban" 2024 සමරු කලාපය ජනාධිපතිවරයාට පිළිගැන්වීය.



අදහස් (0)

’’ X ban - 2024 ජනපති සුරතින් විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site