
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම් දල්වා අද (18) පෙරවරුවේ සැමරූහ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට යුද්ධයේදී මියගිය පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ ආකාරයට සැමරූ පළමු අවස්ථාව මෙයයි.
එම මන්ත්‍රීවරුන්මෙම සැමරීම කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු ශාලාවේදීය .
ඉටිපන්දම් අටක් දල්වා පසුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වා මෙම සැමරීම කළ බව මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා පැවසීය.
මෙම සැමරුමට දෙමළ ජාතික සන්ධානයේපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්ඒ සුමන්දිරන්,චාණක්‍ය රාසමානික්කම් ,සෙල්වම් අඩෙයිකනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහභාගි වූහ .
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුමේදී ඉටිපන්දම් දල්වා සැමරුමක් කිරීමට මුලින්ම උත්සාහ දැරූ අවස්ථාවේදී තමා එය වැළැක්වූ බවයි.
පසු ඔවුන් ඔවුන්ගේ කාමරයට ගොස් මෙම සැමරුම හොර රහසේ කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණේ යැයි වේත්‍රධාරි වරයා කීවේය .
මේ අතර යුද්ධයේදී මියගිය උතුරේ පිරිස සැමරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුමෙන් සැරසී මැතිසබයට ඊයෙ පැමිණීමද විශේෂ සිද්ධියක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් මියගිය කොටි දැන් පාර්ලිමේන්තුවෙත් සමරන්න පටන් අරන්... මිනීමරුවන්, පාස්කු වැරැදිකරුවන්, හොරුන්, තක්කඩින් පාර්ලිමේන්තු එන්න පටන් අරන්... මීට වඩා හොඳ රඟහලක් කොහේද ලංකාවේ? අපරාදෙ නෙළුම් පොකුණ හදන්න වැයකළ මුදල්... මෙච්චර හොඳ ස්ථානයක් තියෙද්දී...
දැන් දුක්වෙලා වැඩක් නැහැ... කොල්ලන්ට ඒ කාලේ අවවාද දීලා යුද්ද වලට නොයා තියාගත්තා නම් ඉවරයිනේ.. එහෙම වුණා නම් අද හැමෝටම මීට වඩා සතුටින් ඉන්න තිබුණා. හුඟක් දෙනා දුක් වෙන්නේ කෙළ වුණාට පස්සේ. මේක සිංහල, දෙමළ කොයිකාටත් පොදුයි..
මෙයාලා මේ සමරන්නේ සාමාන්‍ය ජනතාව නෙවෙයි. ප්‍රභාකරන්ව. අද විතරක් ජනතාව මතක් වෙන්න විදියක් නැහැ. හැමදාම යුද්දෙ විකුණාගෙන කනවා. උතුරේ ජනතාවට මෙයාලා කරපු සේවය මොකක්ද? පළාත් සභාවේ සල්ලි ඉතුරු වුණු බව මතකයිද? හරි නම් සල්ලි මදි කියලා තව ඉල්ලන්න තිබුණා. උතුරට මධ්‍යම රජයෙන් කරපු දෙයක් විතරයි. ඒක උතුරේ ජනතාව දැන් ක්‍රමයෙන් තේරුම් ගනිමින් ඉන්නවා.
හැමදාම ජාතිවාදයෙන් යැපෙන ලංකාවේ දේශපාලකයන්...
රනිල්ගේ කාලේ මේක කලා නම්....?
මේ ගැන හිතන්නත් බය වෙන්න ඕනෑ මොවුන්...